Thursday, November 26, 2015

ඇස්ටොනිෂ්ගේ වීරක්‍රියා


මේ ලියන්න යන්නේ ඇස්ටොනිෂ් චූටි කාලේ අක්කාට කරපු වැඩක් ගැන.ඇස්ටොනිෂ් ඉතින් වීර ක්‍රියා විදියට තමයි ඒවා කැටගරි කරන්නේ. කොහොමත් ඇස්ටොනිෂ් පොඩි කාලේ ඉදන් ගෙදර චන්ඩියා. ඒ වගේම ගමේ පොඩි ළමයි බය කරන කෙනාටත් ඇස්ටොනිෂ් බනිනවා ළමයි බය කරනවා කියලා. අනික තමයි ඇස්ටොනිෂ් ගෙදරින් පිට එක දවසක් සෙල්ලම් කරන්න ගියොත් ආයේ සති ගානකට එළියට යන්න දෙන්නෑ මොකද ඇස්ටොනිෂ් සෙල්ලම් ඉවර කරන්නේ එතන ඉන්න අනිත් අය එක්ක ගහ මරාගෙන, ඉතින් ඒ ළමයිගේ අම්මලා අපේ ගෙදර ඇවිත්ඇස්ටොනිෂ් ගේ කල්කිරියාව ගැන කියල ගියාම ඉතින් ඇස්ටොනිෂ්ට ඇඩ්‍රස් නෑ. අක්කා එක්ක සෙල්ලම් කරත් ගහගෙන තමයි ඉවර වෙන්නෙ.

Wednesday, November 25, 2015

They still together_08



වැහි මන්දාරම විතරක් නිමි දැන් වහින්නත් පටන් අරන් මං වැස්සේ තෙමෙන කුරුල්ලෝ දිහා බලන් කල්පනා කරේ කොච්චර නම් සරල ජීවිතයක්ද උන්ට තියෙන්නෙ. ජීවත් වෙන්න උපාධි ඕන නෑ ජිවත් වීමේ කලාව විතරක් ඉගෙන ගත්තම හොඳටම ඇති. ඒත් අපට එහෙමද වැඩ අහස උසට. මේකද ජීවිතේ, මේකටද අපි මේ ලෝකෙට එන්නේ ඇත්තටම මීට වඩා එහා දෙයක් ඇත්තෙම නැද්ද? හවස අපිට මැත්ස් ක්ලාස් එකක් තිබ්බා ආයේම මැත්ස් ඉගෙන ගන්න ඕනද? අයිටි වලත්  මැත්ස්  ඒපා වෙනවා නිමි එපා කරවනවා. මට හිතෙන්නෙම මේ මැත්ස් වල එක එක සීන් කෝන් හොයා ගත්තේ මිනිස්සුමනේ, කොතනම හරි වැරදි වෙන්න බැරිද? එහෙම වැරදීම් තියේ නම් ඉස්සරහට මොනා වෙයිද? අපි භාවිතා කරන මිනුම් නිමි නේ මේ මුලු විශ්වයම භාවිතා කරන්නේ නිසා අපි වැරදි නම්? මොලේ කොලොප්පම් වෙනවා නෙහ්? ඔය ඉතින් මට හිතෙන ඒවා තමයි. එක්කෝ අපට ඉස්කෝලෙදිම අපට අනාගතේට වෙන්න ඕන කවුරුද කියලා අහලා පාත් එකට ඕන විදියට ඉගෙන ගන්න තිබ්බනම් මේවා මීට වඩා ලේසි වෙන්න තිබ්බා. ආයේ ආයේ එකම දේ ඉගෙන ගන්න ගියාම කාලේ නාස්ති වෙනවා කියලා හිතෙන් නැද්ද? අද ගෙදර ගිය ගමන්ම වොශ් එකක් දාන් assignment එකේ වැඩ පටන් ගන්න ඕන.එතකට මට ලේසි ඩෙඩ් ලයින් මේට් වෙනකන් හිටියොත් මට ෂට් ඩවුන් වෙන්න තමයි වෙන්නේ. ටොපික් එකයි structure එකයි මේල් කරාද දන්නෑ.
ගෙදරට එනකන්ම මං හිටියේ මේ ලෝකේ නිමි වෙන ලෝකේක. ආපු ගමන් චෙන්ජ් එකක් දාන් පිසි එක ලඟ වාඩි වුනා. මේල් චෙක් කරන්න කියල ඒත් තවම මේල් එක දාලා නෑ.අමතක වුනාද දන්නෑ.

ඒකොයි වෙලේද ආවේ.එනවා දන්නෑ යනවා දන්නෑ.
ඊලඟ දවසේ සිග්නල් ලයිට් දාලා යන්නම්කෝ
තමුසේගේ ලයින් වැඩි හොදේ ලාවට කන පලා ගන්න ආසද?
ඇයි හදල අමාරුයිද අනේ මේ අපු වැඩක් බලා ගන්නවා.

හොරු ඇල්ලිම [hunting thief]_[yesterday_night]


ඇස්ටොනිෂ්  මේ ටිකේම බ්ලොග් ලිවුවේ නැත්තේ කම්මැලිකමට එකම දිගට දෙයක් කරන් යද්දි එපා වීමේ ගතියක් තියෙනවා. අනික එහෙන් මෙහෙන් පාඩම් කරනවා, ප්‍රොජෙක්ට් එකේ වැඩත් හීනියට යනවා. ඉතින් පොඩ්ඩක් විතර බිසි වගේ. ඕන්න ඉතින් ඊයේ දවසේ ඇස්ටොනිෂ් හොරෙක් අල්ලන්න දිවුවා අද ඒ කතාව බ්ලොග් එකේ ලියන්න හිතුනා. ඕන්න ඉතින් ලියනවා හොදේ,

ඇස්ටොනිෂ් හවස බුදු පහන තියලා කසින් සිස්ලගේ ගෙදර ගියා ඒ කියන්නෙ නැන්දලහා එහෙට තමයි හොරා ආවේ. ඒ වෙලේ නැන්දා ගෙදර හිටියේ නෑ දානේ ගෙදර ගිහින්. හවස් වෙලා තමයි මල්ලිත් ගෙදර ආවේ. අපි ඉතින් පිටිපස්ස පැත්තට ගියා එතකටම මල්ලිත් ඒ පැත්තෙන් ගෙදර ආවා. ඒ එක්කම අපි ගේ ඇතුලට යද්දී සිගරට් ගඳක් ආවා.නැන්දලහා එවා පාවිච්චි කරන කවුරුත් නෑ.අපි ගේ ඇතුලට ගිහින් කෑමක් හදන්න කියලා ගත්තා පොල් තෙල් මදි නිසා ඉස්සරහ බාප්පලාගෙ ගෙදර ගියා තෙල් ගන්න කියලා තුන් දෙනාම, අපි ඒත් වටේම විපරම් කරලා බැලුවා කවුරුත්ඉන්නවද කියලා ඒත් නෑ. අපි ඉස්සරහා දොර ඇරදාල තමයි කෙලින්ම කුස්සියට ගියෙත් ඒහෙත් කවුරුත් නෑනෙහ් අපි කුස්සියේ ඉන්නකට එක පාරටම ගලක් ගැහුවා එතකට තමයි අපට කන්ෆෝම් වුනේ කවුරුම හරි වත්තේ ඉන්නවා කියලා. අපි දොර වහලා ඉස්සරහට ඇවිත් බැලුවා නෑ. මල්ලි පිටිපස්සේ බලද්දී අඹ ගහා ගාවා කවුද ඉන්දලා එයා එලවන් ගියා ඇස්ටොනිෂුත් එලවන් ගියා ඉතින් කවුද කියලා බලන්න මෑන් දිවුවා ඊට පස්සේ ඇස්ටොන්ෂ් ගේ තාත්තයි තව ගෙවල් ලඟ මාමල දෙන්නෙකුයිත් ඇවිත් අපි මුළු වත්තේම බැලුවා කවුරුත් හිටියේ නෑ.

Sunday, November 15, 2015

They still together_07


ක්ලාස් එකෙන් එළියට එද්දිම මං එලොවත් මෙලොවත් අතර, අතරමං වෙලා හිටියේ,හිතට බයයි ඇයිද මංදා.අහසත් කළු කරලා වහින්න වගේ. වෙනදට මං මේ වැහි අන්දකාරයට කොච්චර ආසද ඒත් අද කිසිම මූඩ් එකක් නෑ.මොකක්දෝ අමූතූ හැඟීමකින් වෙලීලා ගිහින්දෝ මංදා. එක්කම හිතට එන්නෙ මොනා කියවිද දන්නෑ සර් කණට අහන් ඉන්න බැරි තරම් බනිද දන්නෑ. කමක් නෑ මේ කනෙන් අහල අනිත් කනින් පිට කරනව හ්ම්ම්ම්ම්.

මොනාද කල්පනා කරන්නේ?
කල්පනා කරන්නද දෙවල් නැත්තේ. සර් බනීද? ඔයත් එනවනේ එක්ක යන්න සර් හම්බෙන්න.
ඔව් ඔව්ව් එනවා. බය වෙන්න එපා සර් උඹව අල්ලන් කන්නෑ.
බඩගිනි වෙලා වැරදිලාවත් කෑවොත්.
සර්ට හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනව ඒක සුවර්.
කිවුවා කියල හිතාගනින්කෝ එහෙනම්.දැන් යං එහෙනම්.

මං එහෙම කියල අකංෂාවත් ඉස්සර කරන් ගියා. අපි දොර ගාවට ගිහින් දොර වහන්න උන්නෑ සර් කඩන් පැන්නා.

දැන් ඔය දෙන්නම අළුතෙන්ද ආවේ. සිංහල තෙරෙන්නෙ නැද්ද ඇත්තටම ඔය ළමයට .
මං අකංෂාගේ මූණ දිහා දුකෙන් බැලුවේ මාව තනියෙන් දාලා යන්න එපා කියන්නාක් මෙන්.කොහෙද එක්කම සර් කිවුවනේ අකංෂාට යන්න කියල එළියට.

මං ඔය ළමයව කන්නෑ මං කාලා ඉන්නෙ, අනික ඔයාව කැවත් මට දිරවන පාටක් නම් නෑ.