Wednesday, April 27, 2016

ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද?

ඇස්ටොනිෂ් අවුරුද්දට පානදුරේ නැන්දා බලන්න යනකට මතක් වුන කතාවක් තමයි ඉතින් මේ, ඇස්ටොනිෂ් එතකට 1 වසරේ ඇස්ටොනිෂුයි එයාගේ ලොකූ මාමයි , ලොකූ මාමගේ වයිෆ් නැන්දයි, ඇස්ටොනිෂ්ගේ නැන්දයි එයාලගේ අළුත උපන් කසින් නංගියයි ගියාලු ඔය කියන පානදුරේ නැන්දා බලන්න. පිංවත්ත ස්ටේෂන් එකෙන් බහිද්දිම නිකන් ලාවට වගේ වහින මල් වැස්සකුත් එද්දීඇස්ටොනිෂ් බබා තෙමිලා හෙම්බී හැදෙන නිසා එයාගේ අළුත උපන් බබාගේ ලොකූ සාළුවක් වගේ පෙරවන එක දුන්නා කුඩ අරන් නිමිනේ ගිහින් තියෙන්නෙ.  දන්න අය දන්නවා ඇතිනේ පානදුර පිංවත්ත ස්ටේෂන් එකට එහා පැත්තේ මුහුද කියලා. ඉතින් ඇස්ටොනිෂ් අර ලොකූ තඩී සාළුකුත් දාගෙන යද්දී රේල් පාරට වැටුනා කියහන්කෝ..
ඕන්ණ ඉතින් දැන් ඇස්ටොනිෂ්ගේ චූටි ඇස්වලට නොපේනීම මාමලා නැන්දලා යනවා. එහා පැත්තෙන් හූ හූ ගාගෙන කොච්චියත් එනවා. එතකටම ලොකී මාමා පිටි පස්ස බලද්දි පොඩි එකා මිස්සින්(ඇස්ටොනිෂ්). ලොකූ මාමා ඉක්මණටම ඇවිත් අතෙන් ඇදලා ගත්තා ඇස්ටොනිෂ්ව උඩට ඒ එක්කම කොච්චි එන්ජින් එකත් ගියා. තව තප්පරයක් මිස් වුනානම් ඇස්ටොනිෂ් කෙනෙක් නැත.

ඒක නිමි හොඳම සීන් එක ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද කියල එක. මුහුදු හුලගට වැටුනද නැත්තම් අර සාළුවේබර වැඩිකමට වැටුනද කියල එක. හි  හි. කට්ටියනම් කියන්නෙ හුලගට ගහගෙන ගියා කියලා. ඔයාලා කියන්නෙ මොකක්ද ඒකමනෙහ්හ්….


 අනික එදා තමයි ඇස්ටොනිෂ්ගේ මුල්ම දුම්රිය ගමන අදටත් ලාවට බයයි කෝච්චියේ යන්න.


By : Astonish

Thursday, April 14, 2016

සුන්දර බස් කතා

ගිම්මී අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන් ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ. ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p  ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග  කට කපලා එකයි.

ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.

Wednesday, April 13, 2016

සුභ අළුත් අවුරුද්දක් වේවා!

බ්ලොග් වාසී සෑම දෙනාටම ලැබුවා වූ නව අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වේවා!
<ඇස්ටොනිෂ් />

Friday, April 1, 2016

Back to normal mode

හම්මේ දැන් තමයි ජීවත් වෙනව කියලා දැනෙන්නේ exam ඉවරනේ. අයේම අද ඉඳන් ඇස්ටොනිෂ් බ්ලොග් ලියන්න පටන් ගන්නවා. ලියන්න ගොඩාක් එවාත් තියෙයි. දැන්නම් නිකං කාන්තාරෙක ඉඳන් ක්ෂේම භූමියකට ආවා වගේ දැනෙන්නෙ. ඊයේ තමයි මාස ගානකට පස්සේ 9 වෙද්දි නිදා ගත්තේ.