Sunday, March 19, 2017

24


කාලේකින් මේ පැත්තේ ආවේ 23 උපන් දිනය වගේම 24 උපන් දිනේටත් කලුතර බෝධියට වයසේ ගානට මල් පූජ කරන වැඩේ කරන්න පුලුවන් උනා. අදට සතියක් වෙනවා ඉතින් 24ක් වෙලා. වෙලාවක් කලාවක් නැති වෙලා නිසා ලියන්නම වෙන්නේ නෑ.මේ අවුරුද්දේ නම් හුගාක්ම වෙනස් විදියට තමයි මල් පූජ කරන්න උනේ. මොකද මේ පාර ඇස්ටොනිෂ් මල් පූජ කරේ එයාම හම්බ කරපු සල්ලි වලින් කොටින්ම මුල්ම පඩියෙන් එ නිසා හිතට තවත් සතුටුයි. කලින් තනියම ගිහින් මල්පූජා කරලා හැරෙන තැපෑලෙන් ගෙදර. මේ පාර ඉතින් ජිවිතේට ආපූ අලුත්ම කෙනෙක් එක්ක(අලුත් කිව්වට අලුත්ම නෑඑ. ටිකිරි කාලේ ඉදන්දන්නවා) මල් 24ම පූජා කරලා හැරෙන තැපෑලෙන් වැඩට ගියා. ඒ වගේම මේ උපන් දිනේ තමයි ඉස්කෝලේ අන්තිමටම සමරපු උපන් දිනෙන් පස්සේ සතුටින්ම කල් ගෙවුනු උපන් දිනේ.