Friday, February 26, 2016
දොස්තරලගේ මාර්කටින්
අද සමාජේ වෙන සමහර දේවල් මහාපරිමාණයෙන්ම අසාධාරණයි. කරන තරමක් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවන වැඩ. එකම වැඩේ කර ගන්න එක පාරට වඩා යන්න වෙන එක අනිවා ෂුවර්. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි උගත් බුද්ධිමත් එයාලටම විතරයි මේ ලෝකේ වැඩ රාජකාරි තියෙන්නෙ කියලා. රාජ්ය බැංකු ගැනනම් කතාකරලම වැඩක් නෑ ඉස්පිරිතාල ඊට එහා. ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාව පෞද්ගලික රෝහල් හරහා සම්බන්ධ කර ගන්න. ඒක ලේසියි පහසුයි වගේම ඉස්පිරිතාලෙට වඩා රෝගීන් ගැන මවාගත් සෙනෙහසින් දොස්තරලා රෝගින් ඉස්සරහ හැසිරෙන නිසා මිනිස්සු හිතන් ඉන්නවා ඒ ක්‍රමේ වඩාත් ඵලදායි කියලා ඒත් හොඳට හිතුවොත් එතන තියෙන්නෙ අමු මාකර්ටින්.
~ඇස්ටොනිෂ්~Monday, February 8, 2016
ඇයි අපේ අයට ඉංග්‍රිසි බැරි ???
ඉතින් ආයේම
ඇස්ටොනිෂ් පෝස්ට්
එකක්
ලියන්න
කියලා
ගත්තා.
මේ
දවස්
වල
බරටම
පාඩම්
කරන
නිසා
stress එකත්
වැඩියි ඉතින් හිතුවා මොනාහරි
දෙයක්
ලියලා stress එක අඩු
කරගන්න.
කොහොම
උනත්
මේ
කාලේ
ඇස්ටොනිෂ් හුඟක්
දේවල්
ගැන
රීසච්
කරා
පාඩම්
කරන
හැටි
මතක
තියා
ගන්න
හැටි
ඒවා
ගැනත්
ඇස්ටොනිෂ් පෝස්ට්
කරන්න
වගබලා
ගන්නම්කෝ ඉස්සරහට,
කොච්චර
පාඩම්
කරත්
මතක
හිටින්නෑ කියන
අයට
වැදගත්
වේවී.
ඔය
කාලේ
අතරතුර
ඇස්ටොනිෂ් ලෙඩත්
උනා.
චෙකප්
එකකට
හොස්ටල් එකේ
ඉන්න
වෙලාවේ
තමයි
ඇස්ටොනිෂ් දැන්
කියන්න
යන
මිස්
එතනට
ආවේත්.
දැන් මේ
කියන්න
යන්නේ
අමුතිත්ත ඇස්ටොනිෂ්ට පොඩීම
කාලේ
ඉංග්‍රිසි බෑ. අපේ ඉස්කෝලේ හිටියා මිස් කෙනෙක් එයා තමයි
අපට 3 ඉඳන් 8 ට වෙනකන් ඉංග්‍රිසි
කරේ. ඉංග්‍රිසි පීරියඩ් එක එනවා කියන්නේ ඉතින් මරාගෙන මැරෙන්න
හිතෙනවා. ඒ මිස් හෙනම නපුරුයි ගහනවා හිටු කියලා. අනික
එයා උගන්නනේ ඉංග්‍රිසි පුළුවන් කොටසකට විතරයි බැරි අය ඉතින්
බෙල් එක වදිනකන් බලන් ඉන්න එක තමයි කරන්නේ වෙන කරන්න දෙයකුත් නෑනෙහ් ඉතින්. එක දවසක්
මට මතකයි ළමයෙක්ට ගැහුවා බිත්තියේ ඔළුව දෙපාරක් බම්ප් වෙන්න ගෑණු ළමයෙකුට එතකට අපි
4 වසරේ හිටියේ. ඇස්ටොනිෂ්ටත් ගැහුවා කන රත් වෙන්න එක පාරක් ඒත් ඒ වසරේදිම තමයි. ඉතින්
හිතාගන්න පුළුවන්නේ එයාට අපේ පුංචි හිත්වල තිබ්බ ආදරේ ඒ දවස් වල දැනුත් ඉතින් එහෙමම
තමයි තරහක් නම් නෑ හැබැයි වෙන ගුරුවරුන්ට හදවතින්ම දෙන ගරුත්වය එයා ඉස්සරහ එළියට එන්නේ.
Monday, February 1, 2016
ඇස්ටොනිෂ්ගේ ෆොටෝගැෆි
දැන් හුඟ
දවසකට කළින් ඇස්ටොනිෂ් ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න කියලා
පාඩම් කර කර හිටපු පොත පැත්තකට දාලා නැඟීට්ටත් ට්‍රාන්ස්ෆෝමර්ස් පටන්
ගන්න තව විනාඩී ගොඩාරියක් තිබ්බ නිසා එළියට බැස්සමයි දැක්කේ රෝස ගහේ මල පිපිලා කියලා.
ඉතින් මොනා කරන්නද ෆෝන් එක අරන් ඇවිත් කරා මලේ ෆොටෝ ශුට් එකක්. රෝස මලෙන් නතර නොවී
පිපිලා තිබ්බ හැම මලේම ෆොටෝ අරගන්නකටත් මාරම රිලැක්ස් එකක් තියෙනවා අනික හුඟ කාලේකින්
තමයි ෆොටෝ එකක් ගහන්න හිතුනෙත්.
Subscribe to:
Posts (Atom)