Sunday, May 14, 2017

සිහින

සිහින කියන්නෙ ඇත්තටම හිතේ තියෙන දෙයක් රෑට පේන එකමද ? නැත්තම් ඊට එහා දෙයක් ඒ තුල තියෙවද යන්න කියන්න දන්නේ නම් නෑ ඇස්ටොනිශ්.හැබැයි කාලේක ඉදන් දකින හීන වල තෙරුම හොයන පිස්සුවක් නම් තිබ්බා.ඇස්ටොනිශ් දැක්කොත් දකින්නේ අලි, සිංහලයන්, නයි වගේ සත්තු ඇරුනම එලියන්ස්ලව තමයි. ඒ කාලේ එලියන් කෙනෙක් ඇවිත් උස්සන් යනකන් බලන් ඉදලම ඇති වෙලා දැන් ජොබ් එකත් එක්ක මරලා වගේ ආපු ගමන් නිදි හීන පෙන්නෙත් නෑ වැඩියේ. http://www.dreammoods.com/ මෙන්න මේ සයිට් එකේ තියේ දකින හීනේ තියෙන සිම්බල් එක අනුව ඒ හීනේ තෙරුම ගැන දළ අදහසක් ගන්න පුලුවන්. කොහොම උනත් දකින හීන වලින් ඇත්තටම තෙරුමක් තියේ. ඒවා  අපේ ජීවන රටාව අනුව ගලප ගන්න ඕණ. රෑට දකින හීන හීනයක් කියලම ඇත ඇරලා දාන්න එපා. මං මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නම්කෝ,


 #මගේ ලගම යාලුවෙක් හිටියා එයා බියුටි කල්චර් සයිඩ් එකෙන් තමයි ඒ කාලේ ඉගෙන ගන්න ආසාවෙන් හිටියේ. සාමාන්‍යයෙන් එයා ගමන් බිමන් යන්නේ මං එක්ක ඇයි ඉතින් අපායට උනත් යං කියලා එනවනේ. මං දවසක් හීනෙන් දැක්කා බියුටි ශෝ එකක් කරනවා එයා. මනමාලියෝ රැලක් අන්දලා ස්ටෙජ් එකක් උඩ ලස්සනට  ලයිට්ස් එහෙම දාලා තිබ්බා. මං ඉතින් නැගිට්ට ගමන් කෝල් එකක් දාලා ඕක කිව්වම යාළුවා කිව්වා ඒ බං මං දවස් ගානක් තිස්සේ උබට කෝල් කරන්න හිටියේ බියුටි කල්චර් කෝස් එකට රෙජිස්ටර් වෙන්න කියලා. 


#මං මේ ලඟදී දැක්කා ලඟදී කියන්නේ ඊයේ, මගෙ දතක් කැඩිලා හරියටම ඊයේ හවස ඒ දැක්ක දතේම කැල්ලක් කැඩිලා අද ෆික්ස් කරන් ආවා.

#මං දවසක් දැක්කා මං කවදාවත් දැකලා නැති කොල්ලක් මට ආදරෙයි කීයනවා අපේ මැංගුස් ගහා යටදී, ඇත්තටම මං බෝයි ෆ්රේන්ඩ්ට කැමැත්ත දුන්නේ මංගුස් ගහා යටදී.මේ හීනේ මතක් උනේ ඊයේ වෙච්ච දේ ගැන කල්පනා කරද්දී.

# මං ස්කෝලේ කාලේ දැක්කා උදාමුළුවෙදී මං තෑග්ගක් දිනනවා ඇත්තටම මං ඊට දවස් කීපයකට පස්සේ තෑග්ගක් දින්නා. ඕවා තමයි මගේ හීන හා ඒවා හැබෑ උන හැටි. හීන වලට නිකන්ම මඟ ඇරෙන්න දෙන්න එපා ඒවාගෙන් අපට මොනාම හරි ඉගියක් වෙන්න පුලුවන් දෙන්නේ. හැබැයි හීන මත්තේම ඉන්නත් එපා. හොඳට හිතලා බලන්න ඔයාලටත් මට වගේ අත්දැකීම් තීයෙද කියලා. මං කලිනුත් පොස්ට් කරා මං දැක්ක හීන ගැන.ආයෙම ලියන්න හිතුනේ ඊයේ උන සිද්දියත් එක්ක. හීන ගැන පර්යේෂණවලින් කියවෙඅ දේවල් දැක්කම ඒවා කලින් අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන එවා, දැන් දැන් විද්‍යාත්මකව ඔප්පු වෙනවා.මං ඒවා ගැන වැඩියේ කියන්න යන්නෑ මොකද මං කියවලා තිබ්බට ඒවා ගැන එච්චරටමඩ් දන්නෑ. ඒ නිසා ඒ දේවල් දන්න අයට ආරාධනා කරනවා තමන්ගේ දැනුම වගේම සිහින ගැන තියෙන සම්බන්ධතා ගැන විස්තර කියන්න.


Written by : Aston!sh  

6 comments:

  1. මටනම් ලෙසියකට හීනයක් පෙන්නේ නැත.හැබැයි පෙනුනොත් හද්ද අවුල් 2003 විතර් ඩි මහ වැස්සක් හීනෙන් දැක්කා .දුන්නේ නැද්ද ගලන්න ..ඊට පස්සේ හිනා දකින්න බයවුනා.දැන්නම් අදට වැටුන සැනින් නින්ද යන නිසා ද දන්නේ නෑ හිනා පෙන්නේ නෑ

    ජය වේවා ..!!!!

    ReplyDelete
  2. මගෙත් තත්වය එහෙමම තමයි දැන් නම්ම්ම්, පොස්ට් එක
    කියෙව්වට බොහොම ස්තුතියි

    ReplyDelete
  3. අඩුවෙන් නිදාගන්න හන්දද මන්දා හීන දකින්නෑ මමනන්...

    ReplyDelete
  4. ehnam wediyen nidagena balannakooo

    ReplyDelete
  5. පොඩී මතකද මම කිව්වා
    .
    මනුස්සයෙක් උනාම අනාගතය ගැන හීන දකින්න ඕන....
    .
    කවුරු මොනවා කිව්වත්... හීන තමයි අපිව ජීවත් කරවන්නේ....
    .
    නමුත් එක දෙයක් මතක තියාගන්න...
    .
    .
    .
    .
    .
    .
    .
    දකින හීන හැබෑ වෙනකන් ඒ හීන තුලම ජීවත් වෙවී, ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න.....
    අන්න ඒක තමයි සැබෑ හීන දැකීම...
    .
    .
    -MJ-

    ReplyDelete