Friday, February 26, 2016

දොස්තරලගේ මාර්කටින්


අද සමාජේ වෙන සමහර දේවල්  මහාපරිමාණයෙන්ම අසාධාරණයි. කරන  තරමක් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවන වැඩ. එකම වැඩේ කර ගන්න එක පාරට වඩා යන්න වෙන එක අනිවා ෂුවර්. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි උගත් බුද්ධිමත් එයාලටම විතරයි මේ ලෝකේ වැඩ රාජකාරි තියෙන්නෙ කියලා. රාජ් බැංකු ගැනනම් කතාකරලම වැඩක් නෑ ඉස්පිරිතාල ඊට එහා. ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාව පෞද්ගලික රෝහල් හරහා සම්බන්ධ කර ගන්න. ඒක ලේසියි පහසුයි වගේම ඉස්පිරිතාලෙට වඩා රෝගීන් ගැන මවාගත් සෙනෙහසින් දොස්තරලා රෝගින් ඉස්සරහ හැසිරෙන නිසා මිනිස්සු හිතන් ඉන්නවා ක්‍රමේ වඩාත් ඵලදායි කියලා ඒත් හොඳට හිතුවොත් එතන තියෙන්නෙ අමු මාකර්ටින්.
අපි මුලින්ම ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියොත් රට කැටයම් දාලා එයා ඉන්න පෞද්ගලික රෝහලක චැනල් එකක් දාලා රිපෝට් පෙන්නන්න  කියනව.අපි මුලින්ම පෞද්ගලික රෝහලකට ගියොත් එක වැඩේ දෙක කරනවා. චෙක් අප් කරගන්න කියල ලියලා දෙනව කොහෙද කින්ද මංද කියලා ලියලා දෙන්නෑ ඉතින් චෙකප් කරලා ආයේ සතියක් පහුවෙලා දොස්තරව හම්බෙන්න තව චැනල් එකක් දාන්න ඕණ. එතකට ඉතින් අර ලෙඩවෙලා ඉන්න මනුස්සයට හොඳ ගණන්. ඉස්සර කාලේ අපි දොස්තරලා ගැන කොච්චරනම් හොඳ කතා අහලා තියෙනවද ඒකට අද හැමදේම මාර්කටින් වෙලා.මනුස්සකම දශමක්වත් ගෑවිලා නෑ
තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ මාර්කට් කරාට කමක් නෑ, ඒත් ඉතින් සාධාරණ විදියට තමන්ගේ දැනුමට මාර්කට් කරනවනම් තමයි හොඳ ඒ වගේම තමන්ට ලැබිලා තියෙන ගරුත්වය රැකෙන්නෙ එතකට.

~ඇස්ටොනිෂ්~

11 comments:

  1. කතාව ඇත්ත.............. ඇත්තට ඉතින් ඇත්ත කියන්න එපැයි....

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදාම කටවහන් ඉන්න බෑනේ.

      Delete
  2. ඔය කතාව බොරු...
    ලන්කාවෙ මිනිසුන්ට අසනීප වුනාම යන්නෙ සින්ජොප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් ද කොහෙද කියන හොස්පිටිතාලෙට....

    අනික දොස්තරලා විතරක් ද දන්නෙ බෙහෙත් දෙන්න... ඔය කුරුට්ටො වගේ BA කස්ටිය දන්නවා MBBS අයට වඩා බෙහෙත් කොරන්න...

    ReplyDelete
    Replies
    1. "කුරුට්ටො වගේ BA කස්ටිය" මේ කියන අයගෙන් බෙහෙත් ගත්ත අය යහතින්ද ඉතින්?

      Delete
    2. sa rasaඇත්ත කතා කරපන මචන් උබ කුරුටුත් එක්ක හොද නැති වුනාට අපිට කරන්න දෙයක් නෑ..

      Delete
  3. අපොයි ඔව්...මේ ලගදිත් අපේ අම්මට බෙහෙත් ගන්න ගිහින් ඕවගේ වැඩක් උනා.කරන චෙකප් එහෙන් කරනවද,වෙනම කලොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩයි.
    දොස්තරලා විතරක් නෙමෙයි සමහර ගුරුවරුත් ඔය තත්වෙට වැටිලා ඉන්න ඒක හරිම දුකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් එහෙම තමයි, මොනා කියල කරන්නද ඉතින් වැල යන අතට මැස්ස ගහන්න තමයි වෙන්නෙ.

      Delete
  4. දොස්තරලා වගේද දැන් ඉන්න මිකෙනික්ල......
    දවසක් දොස්තරගේ කාර් එක(BMW ) ස්ටාර්ට් කරාට ස්ටාර්ට් වෙන්නේ නැහැල්ලු, ඉතිං මිකැනික් කෙනෙක්ට කෝල් කරල, මිනිහා ඇවිත් බලල කාර් එක හදල 9000ක බිලක් දුන්නම ඩොකාට මල පැනල අහනවලු, මම ඩොක්ට කෙනෙක් වෙලත් චැනල් කරලත් පැයකට මෙච්චර ගාණක් හොයන්ඩ බෑ, මේ ගාන නම් වැඩි කිව්වලු.
    ඊට පස්සේ මිකනික් කින්ඩි හිනාවක් දාල කියනවලු ඔයාල චෙක් කරන මැෂින් වල සිස්ටම් වෙනස් වෙන්නේ නෑ, ඒත් අපි චෙක් කරන වාහන වල සිස්ටම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක් වත් වෙනස් වෙනවා, ඒක නිසා බිල අඩු කරන්ඩ බෑ කියල.

    ReplyDelete
  5. රස්සාව කරන්න ගත්තම ඔහොම වුණාට මොකද දහ අතේ දිවුරුම් දීලා වෛද්‍ය වෘත්තිය පටන් ගන්නෙ.ඒක තමා කණගාටුව.. මේකේ බ්ලොග් ෆලෝවින් ගැජට් එකක් නැහැනේ ඇස්ටොනිෂ්..))

    ReplyDelete
  6. මනුස්සයා කියන සතා කවදාවත් විශ්වාස කරන්න එපා පොඩ්ඩියේ ... ඒක ඔයා දන්නවනේ 😊

    ReplyDelete