Monday, February 8, 2016

ඇයි අපේ අයට ඉංග්‍රිසි බැරි ???

ඉතින් ආයේම ඇස්ටොනිෂ් පෝස්ට් එකක් ලියන්න කියලා ගත්තා. මේ දවස් වල බරටම පාඩම් කරන නිසා stress එකත් වැඩියි  ඉතින්  හිතුවා මොනාහරි දෙයක් ලියලා  stress එක අඩු කරගන්න. කොහොම උනත් මේ කාලේ ඇස්ටොනිෂ් හුඟක් දේවල් ගැන රීසච් කරා පාඩම් කරන හැටි මතක තියා ගන්න හැටි ඒවා ගැනත් ඇස්ටොනිෂ් පෝස්ට් කරන්න වගබලා ගන්නම්කෝ ඉස්සරහට, කොච්චර පාඩම් කරත් මතක හිටින්නෑ කියන අයට වැදගත් වේවී. ඔය කාලේ අතරතුර ඇස්ටොනිෂ් ලෙඩත් උනා. චෙකප් එකකට හොස්ටල් එකේ ඉන්න වෙලාවේ තමයි ඇස්ටොනිෂ් දැන් කියන්න යන මිස් එතනට ආවේත්.
දැන් මේ කියන්න යන්නේ අමුතිත්ත ඇස්ටොනිෂ්ට පොඩීම කාලේ ඉංග්‍රිසි බෑ. අපේ ඉස්කෝලේ හිටියා මිස් කෙනෙක් එයා තමයි අපට 3 ඉඳන් 8 ට වෙනකන් ඉංග්‍රිසි කරේ. ඉංග්‍රිසි පීරියඩ් එක එනවා කියන්නේ ඉතින් මරාගෙන මැරෙන්න හිතෙනවා. ඒ මිස් හෙනම නපුරුයි ගහනවා හිටු කියලා. අනික එයා උගන්නනේ ඉංග්‍රිසි පුළුවන් කොටසකට විතරයි බැරි අය ඉතින් බෙල් එක වදිනකන් බලන් ඉන්න එක තමයි කරන්නේ වෙන කරන්න දෙයකුත් නෑනෙහ් ඉතින්. එක දවසක් මට මතකයි ළමයෙක්ට ගැහුවා බිත්තියේ ඔළුව දෙපාරක් බම්ප් වෙන්න ගෑණු ළමයෙකුට එතකට අපි 4 වසරේ හිටියේ. ඇස්ටොනිෂ්ටත් ගැහුවා කන රත් වෙන්න එක පාරක් ඒත් ඒ වසරේදිම තමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ එයාට අපේ පුංචි හිත්වල තිබ්බ ආදරේ ඒ දවස් වල දැනුත් ඉතින් එහෙමම තමයි තරහක් නම් නෑ හැබැයි වෙන ගුරුවරුන්ට හදවතින්ම දෙන ගරුත්වය එයා ඉස්සරහ එළියට එන්නේ.ඔය අතරේ 8 වසරෙදි අපේ පංති භාර මිස් වුනේ ඒ මිස් කොච්චර සුන්දරද කිව්වොත් ඒ ගෙවුනු අවුරුද්ද ඇස්ටොනිෂ් පංතියේ 14 වෙලා තමයි නතර වුනේ. හැමදාම පංතියේ 6-7 වුන කෙනෙක් හිටිය ගමන් පහළට වැටුනම ඉතින් සසර කලකිරෙනවනෙ.  එකපාරක් ඉංග්‍රිසි බැරි ළමයෙක් දියුණු වේගෙන ආවා, මිස්ට ඒ ගැන කැච් වෙලා එයා ගැන කියවන්න ගත්තා ඉතින් ඒ ළමයා නැගිටලා කිව්වා මිස් මං අළුතෙන් ඉංග්‍රිසි පංතියකට යනවා ඒකයි කියලා. මිස්ට තරහා අසූහාරදාහට විතර  නැග්ගා. මිස් කරේ අර ළමයගේ ඇඟට කඩන් පැනලා බැනගෙන බැනගෙන ගියා.ඒ ළමයා හරියට ඇඬුවා. එතන ඉඳන් අද වෙනකන් ඒ ළමයා එතනමයි ඉංග්‍රිසි භාෂාව අතින්.
ඒ අවුරුද්ද ඉවර වෙලා අපි 9ට ආවා. ඉංග්‍රිසි මිස් වෙනස් උනා ආයේ ඉතින් වෙන මුකුත්ම ඕන නෑ. ඉංග්‍රිසි පුළුවන් බැරි කියලා භේද නැතුව හෑමොටම එකම විදියට සලකපු අපි හැමෝම ආදරේ කරන ඒ  මිස්ගේ නම සඳහන් නොකරොත් අඩුවක් මොකද අද වෙනකට ඇස්ටොනිෂ්ට ඒපාම වෙලා තිබ්බ විෂය ආසම විෂයක් කරේ “රුවනි” මිස් තමයි. මිස්ගෙන් එන ෆර්ෆියුම් සුවඳ අදටත් එහෙමම දැනෙනවා. කෙටිම කෙටි කාලේකින් ඉස්කෝලේ හැමෝගෙම ආදරේ දිනාගත්ත රුවනි මිස්ට ඉංග්‍රිසි බැරුව තිබ්බ ළමයි අදටත් ඒ ගුණ මතක් කරනව.ඇස්ටොනිෂ්ගේ පෞද්ගලික අදහස නම් අපේ අයට ඉංග්‍රිසි බැරි වෙන්න මූලිකම හේතුව ඉස්කෝලෙන් ළමයින්ව කනවා ඉංග්‍රිසි එපාම කරනවා හැමෝම මිස්ලා නිමි සමහරක් මිස්ලා, එයාලා උගන්නවා කියන එකේ තේරුමවත් හරියට දන්නෑ. බැරි ළමයිනව ළමයි ගොඩක් මැද අවතක්සේරුවට ලක් කිරිම මගින් වෙන්නේ ළමයි ඒ විෂය එපා වීම. ලංකාවේ හුඟක් ගුරුවරුන්ට උගන්නන තෙරේන්නෑ ඒකයි අද වෙනකට  බහුතරයක් ටියුෂන් කරා ඇදෙන්නේ.
අනික ළමයිනුත් යම් කිසි එෆෙක්ට් එකක දාන්න ඕණ තමන්ට බැරි දෙයක් තියේ නම් ඒක කොහොම හරි ඉගෙන ගන්න. ඉංග්‍රිසි ඉගෙන ගන්න කෝර්ස් කරලා විතරක්ම මදි ප්‍රැක්ටිකල් දැනුම ගන්න නම් ඉංග්‍රිසි සිංදූ,ෆීල්ම්, ට්වී සිරියස් වගේ දේවල් වලින් ඕණ තරම් ගන්න පුළුවන්. හැමවෙලේම සබ් නැතුව බලන්න පුරුදුවෙන්න. තව පුළුවන් තරම් ඉංග්‍රිසි බ්ලොග්ස් ආර්ටිකල් කියවන්න. අපේ අය මේවා කරනව අඩුයි නිමි කරන්නෙම නෑ. ඉංග්‍රිසි සිංදු අහන්න කියල ඇස්ටොනිෂ් එක පාරක් යාළුවෙක්ට කිව්වම, කිව්වේ ඒකේයියා ඉංග්‍රිසි සිංදු බලන්න පුළුවන්ද කියල ඉතින් කවුද බලන්න කිව්වේ නෙහ්.
ඇස්ටොනිෂ් වැඩිදුර ඉංග්‍රිසි ඉගෙන ගන්න යොමු උනේ ගෙදර තත්ත්වය උඩ මොකද ඇස්ටොනිෂ්ගේ අක්කට ඉංග්‍රිසි වතුර ඉතින් අක්කා ගහන්නෙ ඇස්ටොනිෂ්ට ඉංග්‍රිසියෙන්. දැන් නම් ඕන යහමින් සෙමින් ඇස්ටොනිෂ්ට ඉංග්‍රිසි පුළුවන් ඒත් A-Z නිමි ඉතින්, සර්ව සම්පූර්ණ වෙන්නම ඕණ කියලා නිතියක් නෑනෙහ්.ඇස්ටොනිෂ් හයර් ස්ටඩීස් කරන්නෙත් ඉංග්‍රිසියෙන් නිසාදෝ දවසින් දවස ඉංග්‍රිසි දැනුමනම් අළුත් වෙනවා. ඇස්ටොනිෂ්ට ඉංග්‍රිසි වලට  ඩිප් එකක් තියේ ඒ වුනාට ඉතින් තවම අන්ඩර් ඩිවලොපින්. මොකද භාෂාව අළුත් වෙනවා ඒ වෙනකට  අපිත් අළුත් වෙන්න ඕණ. ඉතින් ඊයේ හිටිය ඇස්ටොනිෂුයි අද ඉන්න ඇස්ටොනිෂුයි ඒ වෙද්දි වෙනස් වෙලා. අනික ෆෝරීන් අය එක්ක අපේ අය ඉංග්‍රිසි කතා කරන්න ඇයි ඔච්චර බය? අත්විඳිමේන් කියන්නේ අපි දන්න තරමවත් ඉංග්‍රිසි දන්නෑ හුඟාක් අය.මොකද ඒ අය ඉංග්‍රිසි භාෂාවට තමන්ගේ මව් භාෂාවට වඩා තැනක් දෙන්න යන්නෑ. අපේ අය ඒකට ඉතින් නෙහ්හ්. අපිට අපේ මව් භාෂාවම 100% ක් බැරි එකේ මේ කොහෙවත් යන ඉංග්‍රිසි 100%ක් ඉගෙන ගන්න ඕණමද?අපේ අම්මයි තාත්තයි සුද්දයි සුද්දියි නිමි නිසා ඉංග්‍රිසි වැරදුනාට කම් නෑ හොදේ…  ~Aston!sh~


17 comments:

  1. ඉංග්‍රීසි ඉතා වටිනවා, මේක තමයි ලෝක දැනුම ලබාගත හැකි හොදම ක්‍රමය.
    ඉංග්‍රීසි කියවීම සහ කිව්වා වගේ සින්දුත් උද්ව්වේවි නමුත් nancy drew වැනි කතා ඉංග්‍රීසි දියුණු කරගත හැකියි.

    ReplyDelete
    Replies
    1. අපේ අය කරන්නේ නැති එකනෙ සීන් එක ඉන්ජෙක්ෂන් ගහල ඉංග්‍රීසි හදාගන්න තමයි ඉල්ලන්නෙ.

      Delete
  2. හම්ම්ම් ස්ට්‍රෙස් අඩුවෙන්න මේ පැත්තෙ ඇවිත් යන එක හොඳයි...
    ඉංග්‍රීසි කියන දේ මම දකින්නේ කාටවත් ම බලෙන් පොවන්න බැරි දෙයක්,ඒක ඇඟෙන්ම එන්න දෙන්න ඉඩ හරින්න, එතකොට හරි...

    ReplyDelete
    Replies
    1. ඕණම දෙයක් ආසාවෙන් කරනවනම් බැරි දෙයක් නෑ.

      Delete
  3. අපිටත් ඉංග්‍රීසි එපා උනේ අපේ ස්කෝලේ හිටිය ගුරුවරු හින්දා.. ස්කෝලෙට ආපු හැම ඉංග්‍රීසි ගුරුවරයෙක්ම පට්ටම සැරයි. අපේ පැත්තේ තියෙන හැම ස්කෝලෙකම ගුරුවරු ඔහොමයි. A/L කරන කාලේ තමයි හොදට ඉංග්‍රීසි උගන්නන මිස් කෙනෙක් ආවේ.. එතකොට මං පරක්කු වැඩියි.
    ගොඩක් අය කතා නොකරන පැත්තක් ගෙන ඔබ කතා කරලා තියෙනවා.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මං මේක ලියලා දැම්මට පස්සේ හිතුවේ කට්ටිය මට බනීදෝ කියලා.

      Delete
  4. ගුරුවරු වෙන අය බොහෝ දෙනෙකු ඒ ජොබ් එක තෝරා ගන්නේ වෙන එකක් නැති නිසා යි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත, ගොඩාක් අය උදාහරණ වලට කියන්නෙම අඩූම ගානේ ගුරුවරයෙක්වත් වෙන්න කියලා. එච්චර පහතට දාලා තමයි ගුරු වරු ගැන අද සමාජ ගත වෙලා තියෙන්නෙ.

      Delete
  5. අර රසික කියල තියෙන දේ හරි
    ඇත්තටම ඒ වගේ ගුරුවරු ළමයිව කාලකණ්කි කරනව

    ReplyDelete
    Replies
    1. කටපාඩම් කරලා විභාග පාස් වුන ගුරුවරු එහෙම තමයි.

      Delete
  6. අපේ ඉස්කුලෙත් හිටිය ඕවගේ මිස්ල...ළමයි ඒ පීරියඩ් එකේ පන්තියෙත් නෑ,එයාට ගානකුත් නෑ..මටත් කියල ඔය එහෙමටම ඉංගිරිසිය බෑ..අපේ බොසා ෆොරිනර් කෙනෙක්..ඒ මනුස්සය එක්ක කතා කරලම තමා වැඩිපුර වචන අහිදගන්නෙ...ඇත්තටම භාෂාව එක්ක හැසිරෙන කොට ඉගෙනගන්න ලේසි..

    ReplyDelete
  7. සමහර පාසැල් ගුරුවරුන්ගේ හැසිරීම ඉංග්‍රීසි විතරක් නෙමේ අනෙක් විෂයන් ඉගෙනීම කෙරෙහිත් බලපානවා. අපේ අයට ඉංග්‍රිසි බැරි ඇයි කියන ප්‍රශ්නයට නම් උත්තරය බොහොම සරලයි. උත්සාහය, අවශ්‍යතාවය තියෙනවා නම් ඉංග්‍රීසි කියන්නේ තනියම උනත් සෑහෙන දුරකට ඉගෙන ගන්න පුළුවන් භාෂාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්ව් සිංහල භාෂාවට වඩා කොච්චර ලේසිද? අපේ අය අමාරු karagenane

      Delete
  8. පුතේ ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරනවද? කුකුලෙක් නිසාද මන්ද කියවන්ඩ අපහසුයි.

    ReplyDelete
  9. ගුරුවරයෙකුට ජීවිතයක් ගොඩනගන්නත් විනාස කරන්නත් පුළුවනි........... ඒකයි අැත්ත..

    ReplyDelete