Saturday, March 12, 2016

19 VS 23


Happy birthday Astonish! අද ඇස්ටොනිෂ්ගෙ උපන් දිනේ සෙල්ලම් ගාණක් නිමි 23. විභාග කටයුතු නිසා කාලේකින් මේ පැත්තේ එන්නත්, මොනවත්ම ලියන්නත් බැරි උන නිසා.ඇස්ටොනිෂ් 19 වෙනි උපන් දිනේ සමරපු හැටි ලියන්න හිතුනා.මොකද ඇස්ටොනිෂ් 16යි මාසයයි සමරන්නම හිතන් උන්නත් ඒක අමතක උනානෙහ්.දැන් ඉතින් ලබන ආත්මේවත් මතක් කරලා 16යි මාසයයි සමරන්න ඕණ. අපි ඉස්කෝලේ යාළුවෝ එක්ක අන්තිමට සමරන්නේ හුඟක්ම වෙලාවට අපේ 19 උපන් දිනේනේ. උපන් දිනේ දවසට ඉස්කෝලේ යන කාලේනම් ඇස්ටොනිෂ් ඉස්කෝලෙට ගෙනියන්නෙම මැංගුසුයි කේකුයි. ගහේ තියෙන මැංගුස් නේ ඉතින් ඔහේ දීලා දානව. 19 වෙනි උපන් දිනේ දවසේත් ඉස්කෝලේට ගෙනිච්චේ ඔය කියපු දෙකම තමයි ඉතින්.


උපන් දිනෙට පස්සේ දවසේ අපට කළුතර රිවිෂන් ක්ලාස් තිබුනා. ඉතින් අපි කතා කරගත්තා බෝධියට ගිහින් නෙළුම් මල් 19ක් පූජා කරන්න. ඒත් ඉතින් වැඩේ කියන්නෙ අපි ක්ලාස් ඇරිලා යන්න හිටියොත් ගෙදර යද්දි හොඳටම රෑ වෙනවා.අපි හිතුවා එදාට විතරක් පංතියෙන් හවස් වරුවේදි වෙලාසනින් යන්න.රිවිෂන් ක්ලාස් වලදී එහෙම යන එක අතිශයින්ම සාමාන්‍යයි, ඒත් ඉතින් අපි සෙට් එක එහෙම ක්ලාස් කට් කරලම නෑ. කොහොම හරි ටිකෙන් ටික වෙලාව කිට්ටු උනා අපි යනව කියලා කථාකර ගත්ත. යනව කියලා කිව්වට මොකද දැන් නැගිටලා යන්න හෙන බයයි.අපි හිටියෙත් අන්තිමම පේලිවල වගේ.ඉස්සරහා පේලිවලට නෝට් නොව්නට අපෙන් පිටිපස්සේ අයට නෝට් වෙනවා. කොහොන් හරි යනවමයි කියලා හිත හදන් ඇස්ටොනිෂ්ම ඉස්සර වුනා ඉතින් මගේනෙ උපන් දිනේ.කොහොම හරි නැගිටල ගිය වේගේ වැඩි වෙලාද මංදා ගිහින් හැපුනේ ඉස්සරහ ඩෙස්ක් එකක දඩෝං ගාලා.ඇස්ටොනිෂ් රන් එක ස්ටාර්ට් කරෙයින් පස්සේ ඉතිරි සගයෝ ටික හිමිහිට ආවා(ඒකට හරියන්න ඇස්ටොනිෂ් ආවේ ඩේස්ක් පෙරලන්). ඕන්න ඔහොම තමයි පංතියෙන් පැනපු මුල්ම දවස සිදු වුනේ. ඊට පස්සේ නම් දවස් ගානක්ම කට් කරා වෙන මුකුත් හින්දා නිමි නිදිමතේ ඉන්නම බැරි පාර. එදා ඉතින් අපි මල් පූජා කරලා සැඳෑ සිතින් වෙනදා එන වෙලාවටම ගෙදර ආවා.

ක්ලාස් කට් කරලා ගියත් එදා එහෙම මල් පූජා  කරත්, ඇස්ටොනිෂ් හිතන් හිටියා ආයේම කළුතර බෝධි ගිහින් ලබන වයස ගානට මල් පූජා කරන්න ඒත් බැරි උනා. මේ පාරනම් කොහොම හරි ගියා ඒත් වෙනස කියන්නේ අද එදා හිටිය කට්ටිය නැති එක. 19 ඉඳන් මේ වෙනකන් ආපු ගමන දිහා ආපහු හරිලා බැලුවොත් කියන්න තියෙන්නේ එදා කළුතර බෝධියට ඇවිත් මල් 19ක් පූජා කරලා ගිය කෙනා නිමි මල් 23ක් පූජා කරන්න ආවේ කියලා. එදා මල් 19ක් පූජා කරේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නිමි ආත්ම තෘප්තිය උදේසා ඒත් අද ඇස්ටොනිෂ් මල් 23ක් පූජා කරන්නේ ඒත් ආත්ම තෘප්තිය උදේසාම තමයි. මොකද ඇස්ටොනිෂ්ගේ මතය තමයි තමන්ට ඕණ දේවල් තමන්ගේ මහන්සියෙන් ලබා ගන්න ඕණ මිසක් ඒවා කාගෙන්වත්ම ඉල්ලා ගැනිම ගණුදෙනුවක් විතරයි, කල් පිරුනම ඒවා ආපහු දෙන්න ඕණ.ඒත් අපි මහන්සි වෙලා ලබා ගන්න දේවල් වල සැබෑ අයිතිකරු අපිම විතරයි.
 

ඉතින් මේ ලැබූ උපන් දිනේදී සඵල කර ගන්න හිතන් ඉන්න සියළුම බලාපොරොත්තු ඉටූවේවා!

~Happy Birth Day Astonish ~

10 comments:

  1. ඇස්ටෝනිෂ්ට මුලින්ම සුභම සුභ උපන්දිනයක්...ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා!!
    මන් හිතුව මන් විතරයි මල් පුජා කරලා බොඩිය දිහා බලන් ඉදල මුකුත් ඉල්ලන්නේ නැතුව එන එකම කෙනා කියල..හි හි තව එකියක් ඉන්නව එහෙනං...

    ReplyDelete
    Replies
    1. තෑන්කීව්. දැන් ඉතින් ඔයාගේ තනියට මාත් ඉන්නවා හොදේ

      Delete
  2. හයියෝ යෝ යෝ මේ දරුවා 19දිත් ඉස්කෝලේ යනවද?...සුබ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. මාර්තු ඉපදුනාම එහෙමනෙ ඉතින්. බොහොම ස්තූතියි

      Delete
  3. සුභ උපන් දිනයක් වේවා ඇස්ට්‍රා
    පරක්කු ණං තමයි ඒත් මොකැයි නේ...
    උපන් දිනයට නෙළුම් මල් සීයක් පූජා කරන්න ආයු බල ලැබේවා
    නිදුක් සම්පත ඉතිරේවා

    ReplyDelete
  4. පරක්කු වුනාට කම් නැත.බොහොම ස්තූතියි

    ReplyDelete
  5. මං නම් විශ් කලා කලින්... මං හිතන්නේ එදා උදේ පාන්දරම.... බෝධියක් ගාවට ගිහින් මට මුකුත්ම ඉල්ලන්නේ නැතුව එන ගොඩට මාත් දා ගන්න.... ඒත් ටිකක් වෙනස්... මං මට නොඉල්ලුවට... අනිත් හැමෝගෙම සතුට ප්‍රාර්ථනා කරනවා... ඒක නිසාමයි මං හැමදාම දුකින්... ඒත් බෝධියට හැමදාමත් යාවි... හිත නිදහස් කරන් ඒවි... ඒ මම...

    ReplyDelete
  6. මට තාමත් මතකයි එදා සීන් එක...........

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වනම් මේ වටිනවා

      Delete
    2. ගොට් යූ... අනිත් පොස්ටුත් කියවන්න සහෝදරි ඔයත් ඔයාවම හම්බෙයි

      Delete