ගිම්මී
අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි
හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන්
ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ.
ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ
නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර
පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග කට කපලා එකයි.
ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.
අර කපල් එක අර අම්මට තියේන සීට් එක සින්නක්කර අරං වගේ නැගිටින්නෙම නෑ.ඇස්ටොනිෂ් වහාම ක්රියාත්මක වෙලා ඊට පිටිපස්සේ හිටියා අන්කල් කෙනෙක් නැගිට්ටවලා අර අම්මට වාඩි වෙන්න දුන්නා. අර අන්කල් අපරාදේ කියන්න බෑ “අනේ සොරි දරුවෝ මං දැක්කේ නෑ කියලා” ගත් කටටම කියාගෙන් නැගිටලා ෂීට් එක දුන්නා. ඊට පස්සේ ඇස්ටොනිෂ් ඒ අන්කල්ට අර කපල් එක සීට් එක දෙන්නැති නිසයි අන්කල්ව නැගිට්ටුවෙ කියලා කිව්වම ඉතින් ආයේ ඕණ නෑ ඒ අන්කලුයි ඇස්ටොනිෂුයි අර කපල් එකට ඇහෙන්නම දෙහි කප කප ආවේ, බලන් යද්දී ඒ අන්කල් ගුරුවරයෙක්. ආයේ ඉතින් අර කපල් එක හැරි හැරි අපි දිහා බලනවා. කොටින්ම ඇස්ටොනිෂ් බස් එකෙන් බහිද්දි අර කපල් එකේ හිටිය කොල්ලා ෆුට් බෝඩ් එකට බැහැලා හැරිලා බැලුවා ඒ කපලට දෙහි කපාපු කෙල්ලා කවුදබොලේ කියලා. දැන් ඒ සීන් එක මතක් වෙද්දී මාරම සතුටුයි ඒ වගේම පුදුමයි ඒ ගට් එක ආවේ කොහෙන්ද කියලා හිතාගන්නත් බෑ.
ඔයා කරලා තියන වැඩේ නම් නියමයි අනේ.....
ReplyDeleteඅර කපල් එකට හිතුනේ නැද්ද දන්නේ නෑ එයාලටත් කවදහරි ඔය විදිහට යන්න වෙනව කියලා, ඒත් හැබයි අර අංකල් දෙහි කපනකොට ඔලුවට එන්න ඇති 😇😇😇
අපි දෙහි කැපුවේ ඒවා කිය කිය තමයි
Deleteඅලේ....
Deleteමට මැවිලා පේනවා ඒ කපල් එකේ මූණු රතු වුන විදිහ....
Thumbs up for the brave girl...
ReplyDeleteඅලේ මට මැවිලා පීනවා කොල්ල ෆුට් බූඩ් එකට බහල බැලුවම කෙල්ල බයවෙච්ච තරම....හික්.හික්...
ෂා ඔයා කොහොමද එක හරියටම කිව්වේ. ඒ වෙලාවෙ චූටිත්තක් බය හිතුනා එත් බස් එක අද්දදී ඒක නැතුව ගියා... හී හී හී
DeleteOw ithin kella dekkama kwruth baya wenawaa kiylane hithan inne... gembi
ReplyDeleteoyath baya welada manda? :o
DeleteAmmoo ow dannawane godaaak bayai..... 😮
Delete