උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.
ඒත් එක්කම දකින දෙයින් මගේ ඇස් මවිත වෙනවා, කලින් සඳහන් කර සුන්දරත්වය ඉස්සර කරන් මොකක්දෝ කුරිරූ දෙයක් කඩන්පාත් වෙනවා. අනේ මෙතන දැන් තිබ්බ ඒ සුන්දරත්වය කොහෙද ගියේ? ඒත් මට ඒවා හොයන්න වෙලාවක් තියේද? සේරටම කලින් අනිත් අය වගේම මං මාගේ ඇසින් දැකීම බේරාගත යුතු වෙනවා නොවේද? මං ලඟ මෙතෙක් වෙලා රැදී සිටි සීතල මඳ පවන දැන් දැන් තමන්ගේ උපරිම වේගය මනින වෙලාව ඇවිදින්. නිල්ම නිල් පාට වතුර ගොඩබිමට කඩන් නොවැදෙන්නේ මන්ද එහී සුන්දරත්වය සැමදා සිහිපත් කර සතුටු වන ඇත්තන්ට ඒ සුන්දරත්වය නිසාම නෙතට කඳුළැල් කඳුළැන් එකදු කරවීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් විය යුතුය. එහෙත් එහි ජීවත් වන වුන් එසේ සිතුවා විය නොහැක. ඔවුන් ගොඩ බිම තරණය කරන්නේ අනුකම්පා විරහිතවය. ටොන් ගනන් බර නිල් වතුර වාසින් ගොඩබිමට පදිංචියට එනවා විය නොහැකිය මන්දයත් දන්නා තරමින් ඔවුන්ට ජලය නොමැතිව ජීවිත රැක ගත නොහැකිය. එසේ නම් මොවුන් මේ කැමැත්තෙන් එන ගමනක් විය නොහැක. නීල මහා සාගරට අයිති වුවන් මෙලෙසින් ගොඩබිමට එවීමට හේතුව කුමක්ද? කුමක් හෝ වරදක් සිදුකර වරදට දඩුවම ලෙස පිටුවහල් කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙනවා බඳුය.වයස සීමවකින් තොරව මිනිසුන් තම ඔක්සිජන් පරිභෝජන කිරිමේ අයිතිය සුරැකීමට පොර බදි. මේ වෙලාවේ මාත් එයින් එකෙකුය… ඒ කියන්නේ මාත් මිනිසේකුද නැත්තම්? කෙසේවෙතත් මා සිටින්නේ වෙනමම ඉසව්වකය. එහෙත් මෙය හැගේනා පරිදී බිල්ඩිමක් බඳු දෙයක් වුවත් සැරෙන් සැරේ තම ස්වරූපය වෙනස් කර ගනී. පුදුමයකි මෙයට ඇතුළු විය හැක්කේ ළමුන්ටම පමණකි. මා ළමයෙකු ද නොවේ ඒත් මං ළමුන් මෙහාට රැගෙන ආවෙමි. ඔවුන් බේරා ගත්තේ මාය, ඔවුන් මෙහෙ රැගෙන වුත් මට ලැබෙන්නා වු උපදෙස් මත ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට යොමු කරේද මාය. යෑමට නොහැකිව හෙම්බත්ව සිටි පොඩි වුන්ව ආරක්ෂිත ස්ථානයට යෑමට උදව් කිරිමේන් ලද තෘප්තිය අතිමහත්ය. කුමක්දෝ දෙයක් සිදුවෙමින් පවතී දැන් මා ඇස් යොමු වී තියෙන්නෙ කවුළුවෙන් එහා දිස්වෙන දර්ශන වෙතය. කළු වළාවක් වැනි දෙයක් කලින් කිවූ සුන්දරත්වය තමන් සතු කර ගනිමින් සිටි. පෙනෙනා පරිදි නම් කිසිවකු කැමත්තෙන් එහි යනවා නොහැක. අනපේක්ෂිත මොහොතක සිදූ ඒ සිදූවීම එකිනෙකට සම්බන්ධතා පවත්වනවද නැද්ද? සිතීම මට අයිතී නැති හැටියකි. මං දන්නේ දැන් මට සුරැකීමට දෙයක් තිබේනවා කියා පමණය. අඩුම ගානේ මං කවුදවත් කියා දැන ගැනීමට මට නොහැකි නම්, මා යම් දෙයක අනාගතයක් සුරකින්නේ ඇයි?
ට්‍රීන් ට්‍රීන් ඇස්ටොනිෂ්ගේ 7.30 එලාම් එකත් ඒත් එක්කම වැදුනා… හී හී හීනයක් නේහ් දැකලා තියෙන්නෙ. ඇඟටත් මහන්සී ඉතින් ස්වල්ප රාජකාරියක්ද කරේ.
ගමනක් යද්දි අපි කලින් ප්ලැන් නොකරපු දෙයක් වෙයි කියලා නිකමටවත් හිතෙනවද? පරිකල්පනයක් ගෑවිලා හරි හෝ ෆිල්ම් පිස්සෙකුට වගේ නම් හිතන්න පුළුවන් වෙයි. ඒත් සාමාන්‍ය කෙනෙක්ට නම් බැරි වෙයි. ඔව් මටත් හිතා ගන්න බැරි දේවල් ගොඩක් තියේ මේකේ.. (ඇස්ටොනිෂ්ට පරිකල්පනයක් තියේ කියලා කියන අය තමයි කියන්නෙ)… සැබැවින් ඩොල්ෆින්ලා නොදැක්කට හීනෙන් එහෙනම් ඩොල්ෆින්ලා ගොඩාක් දැක්කා.
Written by : Astonish
උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.
ඒත් එක්කම දකින දෙයින් මගේ ඇස් මවිත වෙනවා, කලින් සඳහන් කර සුන්දරත්වය ඉස්සර කරන් මොකක්දෝ කුරිරූ දෙයක් කඩන්පාත් වෙනවා. අනේ මෙතන දැන් තිබ්බ ඒ සුන්දරත්වය කොහෙද ගියේ? ඒත් මට ඒවා හොයන්න වෙලාවක් තියේද? සේරටම කලින් අනිත් අය වගේම මං මාගේ ඇසින් දැකීම බේරාගත යුතු වෙනවා නොවේද? මං ලඟ මෙතෙක් වෙලා රැදී සිටි සීතල මඳ පවන දැන් දැන් තමන්ගේ උපරිම වේගය මනින වෙලාව ඇවිදින්. නිල්ම නිල් පාට වතුර ගොඩබිමට කඩන් නොවැදෙන්නේ මන්ද එහී සුන්දරත්වය සැමදා සිහිපත් කර සතුටු වන ඇත්තන්ට ඒ සුන්දරත්වය නිසාම නෙතට කඳුළැල් කඳුළැන් එකදු කරවීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් විය යුතුය. එහෙත් එහි ජීවත් වන වුන් එසේ සිතුවා විය නොහැක. ඔවුන් ගොඩ බිම තරණය කරන්නේ අනුකම්පා විරහිතවය. ටොන් ගනන් බර නිල් වතුර වාසින් ගොඩබිමට පදිංචියට එනවා විය නොහැකිය මන්දයත් දන්නා තරමින් ඔවුන්ට ජලය නොමැතිව ජීවිත රැක ගත නොහැකිය. එසේ නම් මොවුන් මේ කැමැත්තෙන් එන ගමනක් විය නොහැක. නීල මහා සාගරට අයිති වුවන් මෙලෙසින් ගොඩබිමට එවීමට හේතුව කුමක්ද? කුමක් හෝ වරදක් සිදුකර වරදට දඩුවම ලෙස පිටුවහල් කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙනවා බඳුය.වයස සීමවකින් තොරව මිනිසුන් තම ඔක්සිජන් පරිභෝජන කිරිමේ අයිතිය සුරැකීමට පොර බදි. මේ වෙලාවේ මාත් එයින් එකෙකුය… ඒ කියන්නේ මාත් මිනිසේකුද නැත්තම්? කෙසේවෙතත් මා සිටින්නේ වෙනමම ඉසව්වකය. එහෙත් මෙය හැගේනා පරිදී බිල්ඩිමක් බඳු දෙයක් වුවත් සැරෙන් සැරේ තම ස්වරූපය වෙනස් කර ගනී. පුදුමයකි මෙයට ඇතුළු විය හැක්කේ ළමුන්ටම පමණකි. මා ළමයෙකු ද නොවේ ඒත් මං ළමුන් මෙහාට රැගෙන ආවෙමි. ඔවුන් බේරා ගත්තේ මාය, ඔවුන් මෙහෙ රැගෙන වුත් මට ලැබෙන්නා වු උපදෙස් මත ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට යොමු කරේද මාය. යෑමට නොහැකිව හෙම්බත්ව සිටි පොඩි වුන්ව ආරක්ෂිත ස්ථානයට යෑමට උදව් කිරිමේන් ලද තෘප්තිය අතිමහත්ය. කුමක්දෝ දෙයක් සිදුවෙමින් පවතී දැන් මා ඇස් යොමු වී තියෙන්නෙ කවුළුවෙන් එහා දිස්වෙන දර්ශන වෙතය. කළු වළාවක් වැනි දෙයක් කලින් කිවූ සුන්දරත්වය තමන් සතු කර ගනිමින් සිටි. පෙනෙනා පරිදි නම් කිසිවකු කැමත්තෙන් එහි යනවා නොහැක. අනපේක්ෂිත මොහොතක සිදූ ඒ සිදූවීම එකිනෙකට සම්බන්ධතා පවත්වනවද නැද්ද? සිතීම මට අයිතී නැති හැටියකි. මං දන්නේ දැන් මට සුරැකීමට දෙයක් තිබේනවා කියා පමණය. අඩුම ගානේ මං කවුදවත් කියා දැන ගැනීමට මට නොහැකි නම්, මා යම් දෙයක අනාගතයක් සුරකින්නේ ඇයි?ට්‍රීන් ට්‍රීන් ඇස්ටොනිෂ්ගේ 7.30 එලාම් එකත් ඒත් එක්කම වැදුනා… හී හී හීනයක් නේහ් දැකලා තියෙන්නෙ. ඇඟටත් මහන්සී ඉතින් ස්වල්ප රාජකාරියක්ද කරේ. ගමනක් යද්දි අපි කලින් ප්ලැන් නොකරපු දෙයක් වෙයි කියලා නිකමටවත් හිතෙනවද? පරිකල්පනයක් ගෑවිලා හරි හෝ ෆිල්ම් පිස්සෙකුට වගේ නම් හිතන්න පුළුවන් වෙයි. ඒත් සාමාන්‍ය කෙනෙක්ට නම් බැරි වෙයි. ඔව් මටත් හිතා ගන්න බැරි දේවල් ගොඩක් තියේ මේකේ.. (ඇස්ටොනිෂ්ට පරිකල්පනයක් තියේ කියලා කියන අය තමයි කියන්නෙ)… සැබැවින් ඩොල්ෆින්ලා නොදැක්කට හීනෙන් එහෙනම් ඩොල්ෆින්ලා ගොඩාක් දැක්කා.
පරිකල්පනයන් පිළිබද තව කුමන කතාද.... දෙන්නම එකතු වෙලා දවසක මරු පරිකල්පනයක් කරමුද???? නුදුරු දවසකදිම...??? Well done පොඩි... ��
ReplyDeleteආ කරමූ ඉතින් සෙට් වෙන දවසක් තමා නැත්තේ.
DeleteMe meka maari aneeee
ReplyDeleteOya liyapuwagen honadama eka meka
Eka kiyawanakot oya maawath e loket aran giya wage aneee
Mata nika mathakai mathaki wage mage heenayak oya wage aneeee
ඒ කියන්නෙ අනිත් එව හරි නැද්ද? එනිවේ හී හී තැන්කිස්
Deleteඋඩ යට මාරු වුණු ගතියක් දැණුනා. ඒත් පස්සේ හිතුනා ශුවර් එකටම හීනයක් කියලා. හික්ස්ස්, මරු.
ReplyDeleteකොහොමෙන් කොහොම හරි මරු නම් කමක් නෑ. බොහොම ස්තූතියි මගේ හීන කියෙව්වට සිස්... දැනුන උඩ යට මාරු වුණු ගතියට බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා හොදේ.
Deleteහින ඇතුලේ තමා අපි ආස හැම දේම වෙන්නෙ
ReplyDeleteනැද්ද හා...
මොනා වුණත් හරිත පාට හීනයක් හිහි
ජයවේවා
ඒකනම් ඇත්ත හීන ඇතුලේ තියයෙන ලෝකේ සැබෑ ලෝකයට ලස්සනයි.ජයවේවා!!
Deleteමලා ,,,ඒ හීනයක්ද??
ReplyDeleteඔව්ව්ව් හීනයක්.
Delete