Sunday, January 29, 2017

පොඩි කෙල්ලේ

පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.


අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...

2 comments:

  1. රංජිත් කුමාර සමරකෝන් අයියගෙ තීරු ලිපියකත් ඔයිට සමාන කතාවක් තිබ්බ. ඒක ඇත්ත කතාවක්. ඒ කතාව දාල පොතක් කලා නම හුස්ම ගන්න අකුරු.

    ඒ තාත්ත ළමයිට දුක් විදල සල්ලි හොයල උගන්නනව. කුලී වැඩ එහෙමත් කරනව. දවසක් යනව ඔය එක එක වෙස් දාගෙන ප්‍රමෝෂ්න කරන්නෙ (සූර පප්ප වගේ එහෙම ඇදං) ඒ වගේ දේකට බීච් පාටියකට. එතනදි ඒ තාත්තට තමන්නෙ දුවව හම්බුවෙනව. එතකොට දුවට සිහියක් නෑ බීල නස්පුට් වෙන්න ඇගේ ඇදුම් තියනවද දන්නෙත් නෑ.
    ඒ සාරාංශය. මට මේක කියවල ඒක මතක් වුණේ.

    බොක්කටම දැණුන ඇස්ට්‍රා...
    ජය

    ReplyDelete
  2. මටත් ඔහොම අත්දැකීම් තියෙනවා.

    ReplyDelete