Saturday, August 29, 2015

Dreams of Astonish part ~I~(ගංවතුර)



සාමාන්යයෙන් හීන පේනවා නෙහ් අපි කාටත් ඉතින් Astonish ටත් ඒක පොදුයි. හැබැයි Astonish පෙන්නෙ මහා අමුතූ ජාතියේ හීන, වගේ අමුතු ජාතියේ හීන වලින් එකක් ගැන තමයි අද පොස්ට් එකෙන් කියන්න හිතුවේ. සමහරුනම් දැනටමත් Astonish දැකලා තියෙන හීන ගැන දන්නවා අය අතර Astonish ගේ අති ජාත KBS , දෙවනි අයියා , තව Astonish ගේ ෆිට්ම දෙතුන් දෙනෙක් වගේ දන්නවා. අමුතූ හීන පෙන්නේ Astonish විතරක්ම නිමි සෙට් එකේ අනිත් අයටත් ජාතියෙම හීන තමයි පේන්නේ. දකින හීන වල කිසිම තෙරුමක් නෑ ඒත් දකින සමහර ඒවා හැබෑවටම වෙන අවස්ථාත් තිබිණ. මේත් වගේ හීනයක්. Astonish ගේ අක්කා නම් Astonish හීනයක් දැක්කා කිව්වොත් කේලින්ම කියන්නෙඅනෙහ් මට කියන්න එන්න එපා තමුසෙගේ විකාර හීනඕන්න ඔහොම.

එක්තරා දවසක Astonish යි තව යාලුවො දෙන්නෙකුයි මියුසික් රූම් එකේ හිටියා.(kbs නිමි ) සුසායි වාසනයි එක්ක තමයි එදා මියුසික් රූම් එකේ හිටියේ. අපේ මියුසික් රූම් එක තිබ්බේ තට්ටු දෙකේ බිල්ඩිමක.එකේ තියෙන්නෙම රූම් 4යි. පහල ගෘහ විද්යාව යි කෘෂිකර්මය රූම්, උඩ මියුසික් , ඩාන්සින් රූම් එක. අදටත් හිතා ගන්න බැරි ඒකම දෙයයි තියෙන්නෙ ඇයි Astonish  මියුසික් රූම් එකට ගියේ කියන එක. Astonish ඕලේවල් වලට මියුසික් කරා තමයි එත් ඉතින් කාලේ මියුසික් රූම් මාසෙකට වැඩිම වුනොත් 3-4 යයි එච්චරයි කාලේ මියුසික් රූම් එක තිබ්බේ අයිටි රූම් එක ලග ඉතින් හිතාගන්නකො මං කොහේද ඉන්න ඇත්තේ කියලා.
කොහොම හරි දැන් හීනේට අනුව අපි තුන් දෙනා මියුසික් රූම් එකේ ඉන්න කට මුලූ ඉස්කෝලෙම ගංවතුරට යට වේලා. මාර සීන් එක අපි හිටිය බිල්ඩිම මැදටම වගෙ වතුර පිරිලා. අපි තුන් දෙනාම විතරයි බිල්ඩිමටම හිටියේ. සහනාධාර බෝට් එකක් එනකල් ඉන්න වීමක් සෙට් වෙන්න වගෙ යන්නෙ කිය කිය සූසායි වාසනායි කතා කර කර හිටියේ. ඔය අතරේ මගෙ අතේ තිබ්බ පෙන් ඩ්රියිව් එක වැටුනා කියහාන්කෝ වතුරට, ඉංදලා හමාරයි නෙහ් දැං.
2GB පෙන් එකක් ඒකාලේ හැටියට ලොකු කැපැසිටි එකක් කියල දන්නවනෙහ්. ඔන්න ඔය වෙලේ Astonish   අර යාලූවො දෙන්නට කියනවා
ඒමේ පෙන් එක නැතුව මට ජිවත් වෙලා වැඩක් නෑ බං
කියලා Astonish  වතුරට පනිනවා.
හීනේ එතනින් ඉවරයි. ඉස්කෝලේ යන්න ඇහැරූනානෙහ්. ඉස්කෝලේ ගිහින් හීනේ රස කර කර KBS එක්ක බේදා ගන්න අමතක කරේ නෑ. හැමදාම එකිනෙකා රෑ දැක්ක හීන කියන එකත් අපේ හොබි එකක්.සමහර දාට කියන්න දෙයකඇ ඇත්තෙම නෑ. වේලාවට කලින් කියාපූ එකක් හරි ආයේ කියා ගන්නවා අපි,ඒවඩේ ඉතින් වැඩිපුර සෙට් කරන්නෙ සූ . හීන පෙන්නෙත් කාලෙකට විතරයි. මේ දැක්ක හීනේ නම් ඊට දවස් දෙක තුනකට පස්සෙ වගේ හැබෑ උනා ගං වතුරක් ආවා ඉස්කෝලේ ෆ්ලැට් වෙලා තිබ්බා වතුරට ගංග වගේ ශෝයි
මං සහා අපි දැක්ක හීන ගොඩාක් තියේ එවා එක එක දාන්නම්කෝහීමින් සීරූවේ.
Until then bye
~~Astonish~~



No comments:

Post a Comment