Tuesday, January 12, 2016

ෆ්රුට් සැලඩ් හැදිල්ල.

ඔන්න ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්]. මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන් ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක් පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක් සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න ඇති.



අපි ඊට පස්සේ ඉස්කෝලේට එද්දිම ගෘහ විද්‍යා මිස් අල්ලා ගත්තා ඇස්ටොනිෂ්වයි වාසනායි ධනූවයි “ අනේ පුතේ මං ළමයි ටිකක් එවන්නම් ෆ්රුට් සැලඩ් එක හදනවා බලන්න” කියලා. අපි තුන් දෙනා ගියා ඉතින් යද්දිම පොඩි අය සෙට් එකක් ආවා. අපි කරේ මුලින්ම පළතුරු තෝරලා ඇපල් ගෙඩියක් වෙනම අයින් කර එක ඊට පස්සේ පොඩි අයට සැලඩ් ක හදන්න දීලා අපි ඇපල් ගෙඩිය කෑවා. සැලඩ් එක හදලා ඉවර වුනැන් පස්සේ ලීටර් 4 අයිස් ක්‍රීම් බොක්ස් එකකට වෙනමම සැලඩ් දාල හංගලා තිබ්බා අපේ අයට කන්න මොකද ඉතින් මිස්ලා සර්ලාට සේරම දුන්නම අපි කන්නේ මොනාද? අවදානමට පෙර සූදානම හොඳයිනෙහ්හ්. ඔය වැඩෙන් පස්සේ අපි ගියා මේන් හෝල් එකේ හිටිය අපේ අනිත් අය ගාවට එයාලා වෙසක් එකට කූඩු හදා හදා හිටියේ.අපි කූඩූ හදන්න ගත්තෙන් පස්සේ ඉතින් අර හංගපු සැලඩ් එක අමතකම වෙලා ගියා. ඊට පස්සේ යාළුවෙක් මතක් කරේ අපි මෙච්චර වෙලා ගෘහ විද්‍යා කාමරේ හිටියා මුකුත් කෑමක් නැද්ද කියලා කන්න. ඊට පස්සේ ඉතින් ඇස්ටොනිෂුයි තව දෙන්නෙකුයි ගියා හංගපු සැලඩ් එක ගේන්න. ඇස්ටොනිෂුයි තව එක්කෙනෙකුයි ගෘහ විද්‍යා කාමරේට ගිහින් අනිත් එක්කෙනාට ජනේලේ පැත්තෙන් එන්න කිව්වා මේක පන්න ගන්නත් එපැයි ඉතින් හොරා හැංගුවා වගේම හොරා.ඊට පස්සේ ඉතින් හැමෝම එක්ක රස බැලුවා සැලඩ් එකේ. ඕන්න ඔහොමයි ඇස්ටොනිෂ් දැනුවත්ව පිං වැඩ කරන්න ගිහින් නොදැනුවත්වම පව් වැඩ වලට සම්මාදන් උනේ.

No comments:

Post a Comment