
ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය
නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ.
අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ.
ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි.
නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට
දෙන්නේ ඒකේ සාධාරණත්වය
පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට
නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන
ඒක.
අපි ඕණ තරම් ඔය වගේ කතා ගැන අහලා තියෙයිනේ. සමහර ළමයින්ගේ ජීවිත වල තමන් තෝර ගත්ත කිසිම දෙයක් නෑ එලේවල් සබ්ජෙක් තොරන්නෙත්
දෙමාපියෝ ඉතින් අකමැත්තෙන් වගේ කරන කොයි වඩේද හරි යන්නේ. ළමයින්ට
තමන් කැමති විශයවත් අඩු ගානේ තෝර ගන්න නිදහස දෙන්න ඕණ.
තෝරා ගැනිම් කියන්නෙ ඩිසිෂන් මේකින් දැන් ඉන්න අයට නැතිම දේ හරියට
දෙයක් තෝර ගන්න බැරි එක. එක එක්කෙනා කරන දේවල් කර කර කාලේ
නාස්ති කරනව.
මේ ළගදි දවසක ඇස්ටොනිෂ්ට හම්බුනා ලස්සන බෙන්ගල් එකක්, ඒක
ඇස්ටොනිෂ්ට ලොකූ නිසා කසින් කෙනෙක්ට දෙන්න කියලා යෝජනා කරාම ආච්චි කිව්වේ අපෝ එයාට
අම්මා කැපිලා පේන්න අන්දන්නේ නෑ කියලා. පව් ඉතින් ඒ ළමයට එතනදි වෙන්නේ තමන්ට කැමති
දෙයක් අඳින්නවත් නිදහසක් නැති එක. මං දන්න තරමටනම් එයා ඉන්නේ පංතියෙනුත් කොන් වෙලාලු
අම්මා පස්සෙන්ම නිසා යාළුවෙක්වත් නෑ. දන්න විදියටනම් අමතර පංතිය ලගටම අම්මා එයාව අරන්
යනවා. අම්මාගේ අතේම එල්ලිලා පංති එන ගෑණු ළමයි ගැන පිරිමි ළමයි මනින හැටි දන්නෑතුව
ඇති. ඒ ළමය දිහා නොදන්න අය බලන්නේ වැරදි කෝණෙකින් කියල අමුතුවෙන් කියන්න ඕණ නෑනෙහ්.
ඒ වගේ අය සමාජෙට බැස්ස ගමන් ඉතින් අයාලේ යනවා, මොකද සමාජේ
වෙන්නේ මොනාද කියලා කිසිම ප්‍රායෝගික දැනුමක් නැතිකම නිසා.
ප්‍රායෝගික දැනීමක් ළමයෙක්ට ගන්න දෙමාපියෝ පොඩි හරි නිදහසක්
දීලා ළමයි සමාජ් ගත කරන්න ඕණ. පොත පතටම මුල් තැනක් නොදී ජීවිතේ ප්‍රායෝගිකව
ගොඩනගා ගන්න ඉඩ දෙන්න ඕණ. කවුරුවත් කරන දේම කරලා වැඩක් නෑ තමන්ගේ පාර තමන් කපන් යන්න
ළමයින්ට නිදහස දෙන්න ඕණ.

No comments:
Post a Comment