Sunday, January 17, 2016

නංනං

ඔන්න එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන් නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ 6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.



කවුදෝ මංදා නංනං ගෙනත් තිබ්බා ගෙනාපු කෙනා දැන් මතක නෑ ඉතින්. අපි සේරමලා නංනං රස කර කර කෑවා.කාලා ටික වෙලාවක් ගියැන් පස්සේ තමයි නංනං ගෙඩියේ හිටපු පණුවෙක් ඩෙස්ක් එකේ ඉන්නවා පෙන්නුවේ යාළුවෙක්.ඒ වෙලාවට ඉතින් ඔෆිස් එක අල්ලපු වැටේ කියලා මතක් උන්නෑ කට්ටිය එක්කම කෑගැහුවා නිමි කෑගැහුනා ඇත්තටම. විනාඩියක් යන්න උන්නෑ නාකොටි පනිනවා වගේ සර් ඇවිත් නෙලුවා විතරක් නිමි ඇස්ටොනිෂ් ඇතුළු ළමයි 3නෙක් ක්ලාස් එක ඉස්සරහා දණ ගැස්සුවා. ඒ වෙලේ තිබ්බේ ඉංග්‍රිසි මිසුත් පරක්කු වෙලා තමයි ආවේ.වස ලැජ්ජාව ඉතින් ඇයි ළමයි බල බල යනවනේ ඊට හපන් අපේම අය කියන ඒවා ඇහෙද්දී. කොහොම හරි ඉතින් ඉංග්‍රිසි ඇවිත් අර සර්ව ශේප් කරලා අපිව ඇතුළට ගත්තා. ඔන්න ඔහොමයි ඉතින්ඇස්ටොනිෂ් නංනං වලට අමතරව ගුටිත් කෑවේ.

No comments:

Post a Comment