Friday, January 1, 2016

රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්ද පටන් ගන්නකටම ලියන්න මතක වුනේ ඇස්ටොනිෂ්  සහ පාසල්  මිතුරියන් කල දඟ වැඩක්. තමයි අපේ ඉස්කෝලේ අළුතෙන් හදපු බිල්ඩින් සෙට් එකක්ම ඕපන් කරන උත්සවයක් තිබුනා. උත්සවේට ඉතින් මුළු ඉස්කෝලේම ලැස්ති වෙද්දි ඇස්ටොනිෂ්  හිටියා ආරාධිත අමුත්තන් පිළිගන්න මල් මාලා දාන්න. කොහොම හරි උත්සව දවසත් උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට 9 වසරේ හිටියේ පංතියේ සමහරක් සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින් මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු කරන් වටමය සාකච්ඡා යන අතරතුරම  සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා. අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා

No comments:

Post a Comment