Wednesday, November 11, 2015

Astonish AL GIT පේපර් එක ලිවුව හැටි

හායි හුඟ දවසකින් Astonish ගෙ කතාවක් ලියන්නත් බැරි වුනා, මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. Astonish ඉතින් එයාගෙ වැඩ වගේ කරන්නේ අනිත් අයගෙම වැඩ නෙහ්. යාළුවෙක් ගෙ  වෙබ් project  හැදුවා, උනාට Astonish ගේ ෆයිනල් project  එකට  අතවත් තියලා නෑ තවම. එක්කම තමයි Astonish  ගෙ කසින් සිස්ටර් කෙනෙක් ආවේ එයාට AL GIT exam කියලා පාඩම් අහගන්න. Astonish සහ මේ කසින් සිස්ටර් සෙට් වුන දවසට ඉවරයි Astonish ගේ අක්කා කොටින්ම අපි දෙන්න එක්ක පාරෙ යන්නවත් කැමති නෑ විසේ කරනව කියලා පාරේ වෙලවට ඉතින් අම්මගෙන් අක්කා බැනුම් අහනව පොඩි වුන් දෙන්නට ඉන්න දෙන්න කියල. ඕණ්න ඉතින් Astonish පාඩම් පටන් ගන්නව සීන් එක කියන්නෙ Astonish සමහර සිංහල අමු වචන බෑ GIT වල, කසින් සිස්ටර්ට English වචන බෑ. ඇයි ඉතින් එයාලට කියල දීලා තියෙන්නෙ අමු සිංහලෙන් නෙ. Astonish ඉගෙන ගෙන තියෙන්නෙ එහෙම නිමිනේ. කොහොම කොහොම හරි කියල දුන්නා ඉතින්. ඔය අතරේ තමයි මතක් වුනෙ Astonish AL GIT exam එක ලිවුව හැටි. AL GIT exam එකට කලින් දවසක මං රෑ හිටියේ විදූ ලහා විදුටයි නිෂුටයි GIT කියලා දුන්නා. දවසත් මරූ දෙන්නට ෂෝට්නෝට් ගහන්න කියල Astonish දොයි. ඕන්න ඉතින්,
AL GIT exam දවසත් උදා වුනා කියමුකෝ. Astonish ඉතින් වඩ්ඩානේ “B” එකක් තියෙන්නේ උනාට,
ඒවැයින් වැඩක් නෑ, එදා ඉතින් හැමදාම වගේ Astonish කාටත්  කලින් ලියල ඉවර වෙලා, Astonish ගේ පිටිපස්සෙන් හිටියේ සූ තව අනිත් අය හිටියේ පිටීම පස්සට වෙන්න ඩෙස්ක් වල. දවස් වල Astonish තිබුනා කී ටැග් එකක් වීදුරු ඩෙඩී කෙනෙක් දම් පාට.. Astonish ඉතින් කම්මැලිකමට ඔය ඩෙඩීව ඩෙස්ක් එකේ එහා කෝනේ ඉන්දන් මෙහා කොණට ඇවිද්දවනව නිකන් හරියට ඩෙඩී පයින් යනවා වගේ එතනකටම ඩෙඩි විදුරු නිසා සද්දෙකුත් එනවා ටිකක් හිතුවට වඩා හයියෙන්.ඔහොම එක පාරක් දෙපාරක් වගේ ඩෙඩීව ඇවිද්දවද්දි කට්ටියම හිනා වෙන්න ගත්තා, Astonishටත් ඉතින් ආතල් වැඩේ දැන් නැගලම යනව ඩෙඩීව දැන් දැන් ඇවිද්දවන්නෙ රිදම් එකට. කට්ටියම හීනා වෙනව හෝ හෝ ගාලා එතකටම ටීචර් කෙනෙක් ඇවිත් Astonish බැන්නා
මොකදඔය ළමයට වෙලා තියෙන්නෙ.ඔච්චර් ඉක්මණට ලියලා ඉවරද. ඉවරනම් ඔලුව ගහන් ඉන්න කියල මිස් ගියා.
Astonish ටිකක් වෙලා සන්සුන් වෙලා ඉන්දලා ආයෙමත් අර ආතල් වැඩෙම කරන්න ගත්තා. ආයෙම ඉතින් කට්ටිය හෝ හෝගාල හීනා වෙනව.ආයෙම අර මිස් ආවා දැන්නම් මිස්ට රතු කට්ටයි තව පාට පාට කටු පැනලා වගේ හිට්යේ. කනට අහන් ඉන්න බැරි වෙන්නම කලින් කියපුවා ආයෙම කිවුවා. කොහෙද මිස්ට තෙරෙන්නැ මගෙ ඩේඩා බේස් එක ෆුල් නෝමර්ලයිස් කරලා තියෙන්නෙ කියලා. මිස් එකම දේ ඉන්සර්ට් කරන්න හැදුවට ඉන්සර්ට් වෙන්නම නෑ.මං කියලත් මක් කරන්නද ඔහේ හිටියා. එයට කියවන්න දීලා.
මිස් ආයෙම ගියා මාත් වැඩේ අත ඇරලම දැම්මා. අපේ ක්ලාස් එකට එක පිරිමි පුළුටක් හිටියේ නෑ. පව් නේ මං ඉතින් අනිත් අයව හිනස්සන්න කියල බැනුම් අහන්නත් බෑනෙහ්. මං කරේ පැන්සලෙන් නෝට් එකක් ලියන්න ගත්තා පෙපර් එක බලන කෙනාට. මං එක එක ඒවා ලියුවා.ලියපුවා දැන් මතකත් නෑ ඉතින්. බැලින්නම් අර මිස් මගේ පිටිපස්සෙ ඉන්දන් බලන් ඉන්නව. එක පාරටම අහපි මෝනද ඔය ළමයා ලියන්නෙ පැන්සලෙන් ලියන දෙයක් පෑනෙන් ලියන්න කියලා. Astonish කියන්න දෙයක් කටට එන්නෙත් නෑ. මං කියුවානෑ මිස් මං මේ බයිනරි කන්වර්ට් කරනවා වෙන්නෙම නෑ මිස් චුට්ටක් බලන්නකෝ කියලා
මිස් එහෙන්ම ශේප් වෙලා ගියා.මිස් පෙපර්ස් එකතු කරද්දි මං වටේම හැරි හැරි අනිත් අයට උත්තර කියනවා මිස් දැකලා කාටත් කලින් මගේ පෙපර් එක අර ගත්තා ඉතින්. Astonish එළියට එද්දිම මං නිසා විභාග ආතතියෙන් පොඩ්ඩක් හරි මිදුන අය ඇහුවේ හීනා වේවී බොට පිස්සුද බං,කියලා මගේ එට් එකෙ උන් කිවුවේ මරු ෆන් එක බං කියලා.ඕන්න ඕහොමයි Astonish GIT පේපර් එක ලිවුව හැටි.


No comments:

Post a Comment