Sunday, November 15, 2015

They still together_07


ක්ලාස් එකෙන් එළියට එද්දිම මං එලොවත් මෙලොවත් අතර, අතරමං වෙලා හිටියේ,හිතට බයයි ඇයිද මංදා.අහසත් කළු කරලා වහින්න වගේ. වෙනදට මං මේ වැහි අන්දකාරයට කොච්චර ආසද ඒත් අද කිසිම මූඩ් එකක් නෑ.මොකක්දෝ අමූතූ හැඟීමකින් වෙලීලා ගිහින්දෝ මංදා. එක්කම හිතට එන්නෙ මොනා කියවිද දන්නෑ සර් කණට අහන් ඉන්න බැරි තරම් බනිද දන්නෑ. කමක් නෑ මේ කනෙන් අහල අනිත් කනින් පිට කරනව හ්ම්ම්ම්ම්.

මොනාද කල්පනා කරන්නේ?
කල්පනා කරන්නද දෙවල් නැත්තේ. සර් බනීද? ඔයත් එනවනේ එක්ක යන්න සර් හම්බෙන්න.
ඔව් ඔව්ව් එනවා. බය වෙන්න එපා සර් උඹව අල්ලන් කන්නෑ.
බඩගිනි වෙලා වැරදිලාවත් කෑවොත්.
සර්ට හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනව ඒක සුවර්.
කිවුවා කියල හිතාගනින්කෝ එහෙනම්.දැන් යං එහෙනම්.

මං එහෙම කියල අකංෂාවත් ඉස්සර කරන් ගියා. අපි දොර ගාවට ගිහින් දොර වහන්න උන්නෑ සර් කඩන් පැන්නා.

දැන් ඔය දෙන්නම අළුතෙන්ද ආවේ. සිංහල තෙරෙන්නෙ නැද්ද ඇත්තටම ඔය ළමයට .
මං අකංෂාගේ මූණ දිහා දුකෙන් බැලුවේ මාව තනියෙන් දාලා යන්න එපා කියන්නාක් මෙන්.කොහෙද එක්කම සර් කිවුවනේ අකංෂාට යන්න කියල එළියට.

මං ඔය ළමයව කන්නෑ මං කාලා ඉන්නෙ, අනික ඔයාව කැවත් මට දිරවන පාටක් නම් නෑ.
එනි වේ. ඔයාට එන්න කිවුවේ දේවල් දෙකක් ගැන කතා කරන්න. 1 තමයි, ඇයි assignment එක කරේ නැත්තෙ. අනික තමයි ඔයාට අද ඉන්දන් අමතර පැයක් හෝ දෙකක් මං ලෙක්චර්ස් කවර් කරනවා මට ඕණ ටයිම් එකට තමයි වෙන්නේ  ඕකේ. එනි ඩව්ට්. නව් අන්ස්වර් මී.

මං assignment කරන හැටි දන්නෑ.අනික මං නොදන්න දෙයක් ගැන කොහොමද assignment කරන්නෙ.මං සර් ලෙක්චර්ස් කවර් කරාම assignment එක කරල දෙන්නම් සර්. සර් මට කියන්න පුළුවන්ද ටොපික් එකයි ස්ට්‍රක්චර් එකයි assignment එකේ.

ඔයා අඩු ගානේ assignment එකෙ ටොපික් එකවත් දන්නෑද්ද? බොරු කියන්න ඒපා නිදාහසට කාරණා වලට මං අහුවෙන්නැ හරිද? ඔයාගේ යාළුවගෙන් අහන්න තිබ්බනේ.

අමතක උනා සර්.

මට වැඩේමනේ මෙයාට නිදාහසට කාරනා කියල අහුකර ගන්න.මට වර්ණ අන්දථාවය නෑ හ්හ්හ්.මං මටම කියා ගත්තා.මොකද දැන් මං කටට ලොක් එකක් දාන් ඉන්නේ, නැතුව වසන්න බෑ.මං නහින්නේ කට නිසා බව මං නොදන්නවනෙහ්.

මොකක්? ඔයා හරි ශෝක් ළමයෙක්නේ.කියන ලස්සන විතරක්. මට ඔයාගේ මේල් එක දෙන්න මං මේල් කරන්නම් ටොපික් එකයි අනිත් දේවලුයි. ඔයාට වීක් එකක් කල් දෙන්නම් හොඳද ඊට වඩා නම් ඉල්ලන්නත් එපා දෙන්නෑ. ඔයා අළුතෙන්ම ආවා නිසායි මැනෙජ්ර් සර් ඔයා ගැන කිවුව නිසායි මෙහෙම කරන්නෙ. දැන් අත ඕකේ නේ.ම්ම්ම් . අත නිමි කට කැඩෙන්න තිබ්බේ. දැන් යන්න පුළුවන්.

සර් එහෙම කිවුවේ හිනා වෙවී.මෙයා දැන් හිනා වෙන්නත් දන්නවනෙහ්.මාත් හිනා වෙලාම එළියට ආවා. හම්මේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. යකා හිතන තරම් කළු නෑ.මං මේ බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ. දැන් මං මොකක්ද කරන්නේ හිත හිත එළියට ආව කෝ යකූ මේතන මං එනකං එළියට වෙලා ඉන්නව කියල මං හිතන් හිටපු බූතී. දැන් ඉතින් ගූගල් සර්ච් කරලාවත් හොයා ගන්න බැරි වෙයි. සුවර් කැන්ටින් එකේද දන්නෑ.කියලා හිතන් මං පැත්තට යන්න ගියා.එක්කෝ කෝල් කරලා අහනවනෙ කෝහෙද ඉන්නෙ ඉන්න තැනකින් වරෝ කියලා. ගිනි ගොඩක් ගහල දුම් යවලා එන්න කියන්න බැරිද දන්නෑ නේ. හි හි මේ 21 සතවර්ෂලු නෙහ්.ලොල් මටත් පිස්සු නෙහ්. මං ෆෝන් එක අරන් අකංෂාගෙ නම්බර් එක ඩයල් කරා ඒත් නෝ අන්ස්වර් රින්ස් නම් යනව.මොන ලෝකේ ගියාද දන්නෑ කැන්ටින් එකෙත් එබිලා බැලුවා ඒකෙත් නෑ. ෆොන් එක පික් කරන්න බෑරි ජාතියේ එකක්ද කියල දෙකක් ඇනලා අහන්න ඕන අහූඋනාම. මැසෙජ් එකක් දාමු එක්කෝ කා එක්ක හරි බරපතල වර්ගයේ ආරවුලක් විසදන්න ගියාද දන්නෑ නෙහ්.

හරක් ඊරියේ කොහේද ඉන්නේ. ඉන්න දැනකින් එනවකෝ.මං පණ දාන් ඔයාව හොයනවා.මේලෝ රහක් නෑ.සර් කිවුවා ඒවා කණට අහං ඉන්න බෑ.එයා හිතන් ඉන්නෙ මට වර්ණ අන්දථාවය කියලද දන්නෑ.කොහේද ඉන්නේ.”

පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක කියල මං මැසේජ් එක යැවුවේ එතකට අනිවා එයිනේ කියලා හිතාල. 5 මින්ස් ගියා ඒත් නෝ රිප්ලයි. රූට් එකෙද දන්නෑ. කොයි එකටත් ගිහින් බලනවා. කොහෙන්ද ගියේ ඉයේ ම්ම්ම්ම් මතක නෑ නේ අහ්හ් ලිෆ්ට් එකේන්ම යනවා මොකටද කකුල් කඩා ගන්නේ.ලිෆ්ට් එක කෝ ඔයා. එතකටම ලිෆ්ට් එක ආවා හම්මේ ඇති යන්තන්. අහ්හ්හ් අයියෝ දැන් මොනාද කරන්නෙ මෙන්න මේයා මෙතනත්.

මේ එන්නේ නැද්ද?
හ්යිම්ම්ම්. මං නිකන් උඩ ගිහින් බිම වැටුනා වගේ, ලිෆ්ට් එකට ගියා.දැන් ඉතින් මේ අන්ද බූත සර් එක්කකට්ට තනියෙන් මං ලිෆ්ට් එකේ යන්න ඕනයි අනුකී.නැතුව කොහොමද  මගේ මිතුරිය හොයා ගන්නේ.
කොහේටද යන්නෙ.
ආආ
මොකො නිකන් හොර වැඩක් කරල වගේ බය වෙලා. ක්ලාස් එකක් නැද්ද ළමයට දැන්.කොහෙද යන්නෙ කියලා ඇහුවේ මං.
උඩට සර්. අකංෂා නෑ මං හැමතැනම බැලුවා ෆෝන් එකත් පික් කරන්නැ.මැසේජ් එකට රිප්ලයිත් නෑ. රූට්  එකට යන්නෙ එයා එහෙද දන්නෑනි.

මං අඩන්න වගේ එහෙම කිවුවම සර් නිකන් නෝන්ඩියට වගේ හීනා උනා. මෙයා මොකො අමූතුවට හිනා වෙන්නෙ.අති බයංකරයි. මේ මෝඩි හින්දනේ මට මෙහෙම වියසනයකට මූණ දෙන්න උනේ අහුවෙනවකෝ අකංෂා අද ඔයා ඉවරයි. එක්කම මං ලිෆ්ට් එකෙන් මුලින්ම එලියට පැන් ගත්තා.දූවලා ගියා මේ ඉන්නේ මේ එළ හරකී හෙඩ් සෙට් එකත් කනේ ගහන් මදිවට මට නොදී බර්ගර් එකකුත් කනව බඩම පල මං මේ ලෝකේ පෙරලන් හොයනව මෙයා මෙතනට වෙලා අහසේ කුරුල්ලෝ ගනිනවද?

ඒයි කොහෙද හිටියේ මං හැමතැනම හෙවුවා අහ්හ්.
මෙතන තමයි හිටියේ,මැට්ටියේ
එතකට උඹේ ඔය ෆෝන් එක පික් කරන්න බැරි ජාතියේ එකක්ද?මං කී සැරයක් ගත්තද මැසෙජ් කකුත් දැම්මා.
මොකක්ද? ඔයාට මගේ නම්බර් එක මං දුන්නද?මං ලග ඔයාගෙ නම්බර් එක නෑ අනූකී .මං ඉල්ල ගන්න හිටියේ ඔයාගෙන් අදවත්.
එතකට එනිවේ ෆෝන් එක චෙක් කරන්න්න බලන්න.
මේඔයාම චෙක් කරලා සැක දුරු කරගන්නකෝ එහෙනම්.
එහෙම කොහොමද වෙන්නේ. ඔයා මට ඒයේ රෑ මැසෙජ් එකක් දාලා තිබ්බේ assignment එක කරන්නයි ඒකේ ටොපික් එකයි.
පිස්සුද බං.කෝ බලමූම්ම්ම්හ්හ්හ්ම්ම්ම් මේ මගේ නම්බර් එක නිමි සුවීටී වෙන කාගෙ හරි. මේන්න මං මගෙ නම්බර් එක ඩයල් කරා සේව් කර ගන්න.
එතකට කාගෙද මේ නම්බර් එක.මං මෙහෙට ආපු දවසෙම මගේ නම්බර් එක ලීක් වුනේ කොහොමද?
ඒකනම් හිතන්න ඕන දෙයක් තමයි.ඉස්සෙල්ලා බඩට මෝනා හරි ලෝඩ් කරන් ඉමු.






No comments:

Post a Comment