Tuesday, November 3, 2015

They still together_05

අපි දෙන්නා ලෙක්චර් හෝල් එකට ගියේ නිකන් හුසේන් බෝල්ට් මිටර් 100 දුවනව වගේ. උනාට කවුරුත්ම හිටියේ නෑ. අනේ මංදා හිතා ගන්නත් බෑ. එතකටයි දැක්කේ වයිට් බෝඩ් එකේ පොඩියට ලියලා තියෙනව අද ලෙක්චර්ස් නෑ කියලා. එතකටම මගේ හිතට ආවේ කියන්න මේක ලියපු කෙනා දන්නේ නැද්ද මිනිස් ඇස් වලට සූම් ඉන් අයුට් ඔප්ශන් නෑ කියලා. එත් ඉතින් මං මුකුත්ම කියන්න ගියේ නෑ දැන් කට නිසා වුන දේවල්ම මැදැයි මට හැදෙනවනම් හැදෙන්න. හ්ම්ම්ම් දැන් ඉතින් ගෙදර බලා යන්නයි තියෙන්නේ.
ඔයා ගෙදරමද යන්නේ.
නැතුව මට යන්න තැන් නෑ බං මේ ලෝකේ තවම හැදිලා, උඹ කොහේ හරි යනවද ගෙදර යනවා කියලා.
නෑ නෑ බං මං මේ දැන ගන්න ඇහුවේ.
මොනාද?
පින  සිංගල් කරුමේ ඩබල් කියලා උඹ.
දැන් දැන ගත්තද?
ඒසේය. හි හි හි
මට පොඩ්ඩක් මේක වටේ අරන් ගිහින් වට පිටාව පෙන්නන්වකෝ. මොකද කෝකටත් මං වට පිටාව දැන ගෙන ඉන්න එක මගේ ශරීර සෞඛ්‍යයට  හොඳයි නෙ. ආආ අමතක වෙනව තව පොඩ්ඩේන් රිසෙප්ෂන් එකට ගිහින් මගෙ ටයිම් ටේබල් එක ගන්න ඕණ.
වටෙන් යං එහෙනම් ගම් තොටත් බලා ගෙනම උන්නැහේ

අකංෂා මට කිණ්ඩියට වගේ එහෙම කියගෙන මගේ අතකිනුත් අල්ලන් කියව කියව යන්න ගත්තා. එයා මට එක එක ලැබ් පෙන්න පෙන්න ගියා, ඒ වෙද්දි අපි තට්ටු 2ක් වගේ ඇවිද්දා වෙන්න ඇති. අපි හිටිය ෆ්ලෝ එකෙන් උඩ ටික බලන්න තමයි අපි ගියේ. අපේ institute එකම තිබ්බේ තට්ටු 6ක බිල්ඩින් එකක ඒ බ්ල්ඩින් එකට පහල ෆ්ලෝ වලට වෙන්න තව ෆ්ලෝ ලින්ක් කරලා තිබ්බා ළමයිට නිදාහසේ හැසිරෙන්න වගේ. ස්ටඩි ඒරියා උනාට කට්ටියකයිය ගහා ඉන්නව ඇරෙන්න තවම පාඩමක් කරන එක ළමයෙක්වත් දැක්කේ නෑ. ඒහෙම ටයිප් එකෙ ෆ්ලෝ එකක  තමයි කැන්ටින් එකත් තියෙන්නෙ. පහළ වෙන හැම දේම වගේ කැටින් එකට පේන විදියට වගේම හැම ෆ්ලෝ එකක ඉදන්ම කැටින් එකට එන්න ලෙහෙසි වෙන්න ලස්සනට ඩිසයින් කරලා තිබ්බා. බිල්ඩින් එක හදලා තියෙන්නෙ හැම දෙයක්ම ප්ලැන් කරල වගේම කෑමට ආස කරන කෙනෙක් වෙන්න ඕණ ලොවෙත්.මාත් ඉතින් අකංෂාගේ අතේ එල්ලිලා වටේම ඇවිද් ඇවිද හිටියා.
මේ තියෙන්නෙ ලාස්ට්ම ෆ්ලෝ එක නංගි, මේකේ තියෙන්නෙ ජාවා ලැබ් එක විතරයි ඒ වුනාට. මේකෙන් උඩ තියේ රූෆ් ටොප් එක. එනවකෝ යන්න පෙන්නන්න.
වාව්ව්ව් awesome නේ. පට්ට විව් එකනේ. මරු අනේ. මාරම ලස්සනයි මං මෙහෙට එද්දි නිකමටවත් හිතුවේ නෑ මෙච්චර දේවල් තියෙවි කියලා. මරු අපි හැමදාම එමුද මෙතෙන්ට කෑම කන්න වගේ ම්ම්ම්ම්.
මෙතනට එතෑකි හැම වෙලාවෙම හැබැයි බුක් කරන්න ඕණ, සින්ගල් අයට එන්න බෑ, ඩබල් වෙන්න ඕණ.
මොකක්? විකාරයක් නේ. කවුද කියන්නෙ එහෙම.මට බෑ මං එනවා එනවමයි.
ඉතින් කවුද අල්ල ගත්තේ, මේ එනව යන්න.
කියල මාව ඇදන් පහලට බැස්සා, අකංෂා නතර වුනේ මහා ගෝෂාවක් මැද. වටේන්ම සින්දු දෙක තුන එකට ප්ලේ කරනව වගේ. ඇතුලේ ඉන්න අයගේ කන් රිදෙන්නැද්ද මංදා. අකංෂා දොර ඇරගෙන මාවත් ඇදගෙන ඇතුලට ගියා. බලන් යද්දි ගිහින් තියෙන්නෙ ජාවා ලැබ් එකට හැමෝම අපි දිහා කන්න වගේ බලන් හිටියා.අපි දෙන්නා ඉතින් කඩාගෙන බිදගෙනනෙ එතනට ගියේ.
අහ් දවසේ වීරයෝ දෙන්නා මොකෝ මේහෙ කරන්නේ.පණ බෙරෙන්න දුවනවද?
කියලා අපට උදේ ලෙක්චර්ස් කරපු සර් ඇහුවා. මං බිම බලාගෙනම හිටියා. අකංෂා ඒකට නන්ස්ටොප් කියවනවා. මට නම් එ කියන මෙලෝ දෙයක් ඇහුන්නැ වගේ හිටියා. එතකට නම නොදනි කියෙවුවනේහ්හ් “ PHP assignment එකේ ෆයිනල් ඩේට්ස් හෙට හෙටින් පස්සේ කාගෙවත්ම ඒව භාර ගන්නෑ කියලා.
එතකටම් මට කියවුනේ
මට බෑ කියලා. අනික මං අදමයි ආවේ PHP assignment තියා PHP නොදැන මං කොහොමද කරන්නේ කියලා. මං කිවුවා.
එතකට ඒ පත්තෙන් ලැබුණ පිළිතුර වුනෙ,
“මට ආදාලත්වයක් නෑ ඒක කියලා.”
සර් නිමි නම් මං දන්නවා එයට කරන්න ඕණ දේ කියල හිතුනත් එකා එහෙමම වළ දාලා මං අකෂාවත් ඇදන් යන්න හැදුවත් ඒයා ආවේ නෑ. මං එහෙනම් ඕහේම ඉන්න කියලා ආවා. මට ඉතින් අර ඊරි එක්ක රතු කට්ට පැනල දැන් තියෙන්නෙ. මං රිසෙප්ශන් එකට ගිහින් මගේ ටයිම් ටේබල් එකත් අරන්, institute එකෙන් එළියට ආවා. ඒක්කම ආපු බස් එකේ නැගලා මං ගෙදර ආවා, මඟ දිගටම කල්පනා කර කර ආවාට පස්සේයි මතක් වුනේ assignment එකේ ටොපික් එකවත් අට අහ ගන්න බැරි උනානේ කියල.මං අකංෂා එක්ක දවසම් හිටියත් එයාගේ සෙල් ෆෝන් නම්බර් එකවත් මං ඉල්ලා ගත්තේ නෑ. දැන් ඉතින් ආපහු යන්නද අයියෝ යෝ යෝ. හෙටත් ඉතින් ෆුල් නෝන්ඩියක් දායද වෙයි මට. ගෙදර ආපු ගමන් ඉතින් ගෙදර අයගේන් බේරුමක් නෑ එක එක ඒවා අහන්න ගත්තා. ඒවටත් ඉතින් උත්තර බැදලා වොශ් එකක් දාන් ඇදට පැන්නා. හම්මේ මගෙ ඇඳ මං දැන් ආවනේ.
මහන්සියට මට ඉක්මණටම නින්ද ගියා. මට ඇහැරෙද්දි රෑ වෙලා තිබ්බා පොඩ්ඩක් නිමි ගොඩාක්. 12.47 පොඩි නින්දක් නිදා ගෙන තියෙන්නෙ මං. කවුරුවත්ම මාව නැගිට්ටන්න නැත්තේ මහන්සි ඇති කියල හිතන් වෙන්න ඇති. යකූ මට රෑ කෑම එයල ඒ ගැන හිතුවද මං අහන්නේ නිකමටවත, මැසෙජ් එකකුත් ඇවිත් තිබ්බා නම්බර් එක දන්නෑ එවල තිබ්බේ  assignment එකේ ටොපික් එකයි රිෆරන්ස් ලින්ක් වගයක්ද කොහේ. අකංෂා වෙන්න ඇති කියිලා මං නම්බර් එක අකංෂා කියල සෙව් කරල ආයේ මගෙ නිදි කුමාලයා ලගට ගියා. මොන assignment ද මේ රෑ.

 2015 Copyright © ||||||Aston!sh|||||||


No comments:

Post a Comment