Wednesday, November 25, 2015

They still together_08



වැහි මන්දාරම විතරක් නිමි දැන් වහින්නත් පටන් අරන් මං වැස්සේ තෙමෙන කුරුල්ලෝ දිහා බලන් කල්පනා කරේ කොච්චර නම් සරල ජීවිතයක්ද උන්ට තියෙන්නෙ. ජීවත් වෙන්න උපාධි ඕන නෑ ජිවත් වීමේ කලාව විතරක් ඉගෙන ගත්තම හොඳටම ඇති. ඒත් අපට එහෙමද වැඩ අහස උසට. මේකද ජීවිතේ, මේකටද අපි මේ ලෝකෙට එන්නේ ඇත්තටම මීට වඩා එහා දෙයක් ඇත්තෙම නැද්ද? හවස අපිට මැත්ස් ක්ලාස් එකක් තිබ්බා ආයේම මැත්ස් ඉගෙන ගන්න ඕනද? අයිටි වලත්  මැත්ස්  ඒපා වෙනවා නිමි එපා කරවනවා. මට හිතෙන්නෙම මේ මැත්ස් වල එක එක සීන් කෝන් හොයා ගත්තේ මිනිස්සුමනේ, කොතනම හරි වැරදි වෙන්න බැරිද? එහෙම වැරදීම් තියේ නම් ඉස්සරහට මොනා වෙයිද? අපි භාවිතා කරන මිනුම් නිමි නේ මේ මුලු විශ්වයම භාවිතා කරන්නේ නිසා අපි වැරදි නම්? මොලේ කොලොප්පම් වෙනවා නෙහ්? ඔය ඉතින් මට හිතෙන ඒවා තමයි. එක්කෝ අපට ඉස්කෝලෙදිම අපට අනාගතේට වෙන්න ඕන කවුරුද කියලා අහලා පාත් එකට ඕන විදියට ඉගෙන ගන්න තිබ්බනම් මේවා මීට වඩා ලේසි වෙන්න තිබ්බා. ආයේ ආයේ එකම දේ ඉගෙන ගන්න ගියාම කාලේ නාස්ති වෙනවා කියලා හිතෙන් නැද්ද? අද ගෙදර ගිය ගමන්ම වොශ් එකක් දාන් assignment එකේ වැඩ පටන් ගන්න ඕන.එතකට මට ලේසි ඩෙඩ් ලයින් මේට් වෙනකන් හිටියොත් මට ෂට් ඩවුන් වෙන්න තමයි වෙන්නේ. ටොපික් එකයි structure එකයි මේල් කරාද දන්නෑ.
ගෙදරට එනකන්ම මං හිටියේ මේ ලෝකේ නිමි වෙන ලෝකේක. ආපු ගමන් චෙන්ජ් එකක් දාන් පිසි එක ලඟ වාඩි වුනා. මේල් චෙක් කරන්න කියල ඒත් තවම මේල් එක දාලා නෑ.අමතක වුනාද දන්නෑ.

ඒකොයි වෙලේද ආවේ.එනවා දන්නෑ යනවා දන්නෑ.
ඊලඟ දවසේ සිග්නල් ලයිට් දාලා යන්නම්කෝ
තමුසේගේ ලයින් වැඩි හොදේ ලාවට කන පලා ගන්න ආසද?
ඇයි හදල අමාරුයිද අනේ මේ අපු වැඩක් බලා ගන්නවා.


මොකෝ මොකෝ දෙන්නගේ සද්දේ. කියා ගෙන අම්මා ආවා මගේ තේ එකත් අරං. අද බත් කන්නේ කීයටද අහං.කොහේ කන්නද දැන් 10 ටත් කිට්ටුයි මේල් එක දාලා නෑනෙහ්. සුවර් එකට අමතක වෙන්න ඇති. තව ටිකක් බලලා නිදා ගන්නවා. කියලා හිතලා මං කන්න ගියා.මං කන්න ගනිද්දි අපේ ගෙදර හැමෝම නිදි. මේ වෙලාවට ගස් ගෙම්බෙක් වගේ ආවනම් අක්කව හොදට බය කරන්න තිබ්බා. අපේ ගෙදර ඉතින් මං ඇර හැමෝම ගස් ගෙම්බාට බයයි නෙහ්. මට ඕන වෙලාවට ඉතින් මුකුත්ම හම්බෙන්නෑ නෙ. නිදාගන්න කලින් ආයෙමත් මේල් චෙක් කරන්න ඕන. කාලා ඉවර වෙලා අක්කව බය කරන්න හිතුනාත් ඕනා නෑ මටමනෙ ගුටි කන්න වෙන්නෙ කිය හිතලා ආයෙම කාමරෙට ඇවිත් ඇඳට වැඩිලා මනෝ පාරක් දැම්මා. එතකටම වගේ ෆෝන් එකේ රිමයින්ඩර් ඇලට් එකක් ආවේ අද සඳුන් ගේ උපන් දිනේ ඉස්කෝලේ හිටියන්ම් උදේට කේක් වරුසාවක පීනන්න තිබ්බා. එයාලගෙ අම්මගේ කේක් මාර රසයි. සදුන්ට විශ් එකක් දාලා මං ඇස් පියා ගත්තා විතරයි මේල් චෙක් කරන්න මතක් වුනා.

ආයෙම ඇඳේන් පැනලා මේල් චෙක් කරේ දැන්වත් ඇති කියලා හිතන්.ඒත් නෑ. මට ඉතින් සර්ට ආදරේ හිතුනා. කෝකටත් කියල ස්පෑම් චෙක් කරා ස්පෑම් 3ක් තිබ්බා නිසා සාමාන්‍යයෙන් ජී මේල් වල ස්පෑම් අවමයි නේහ්. හම්මේ ඇති යන්තන් මේල් එකක් තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක “assignment details for talkative girl” කියලා. විනාසයි මං ගැන එච්චර ඉමේජ් එකක් ගිහින්ද මේ දවස් දෙකට.අපෝ ආයෙමනම් කට ගහන් යන්න හොද නෑ මැදැයි අහ ගත්තා ඔය. සිප් ෆෝල්ඩර් එකක ඩිටේල්ලුයි තව රිෆරන්ස් ලින්ක් සෙට් එකකුයි එවලා තිබ්බා හරියටම 12 ට නිශාචර ද කොහේ සර් ඒ කියන්නේ තවම නිදි නැතුව ඇති නෙහ්. රිප්ලයි මේල් එකක් දානවද ම්ම්ම් එක්කෝ ඕණ නෑ.


නිදි කුමාරයට වෙන් කොඒට හරි ගිහින් එන්න කියලා මං සයිට් ටිකයි සිප් ෆෝල්ඩර් එකේ තියෙන ඒවයි බලන්න ගත්තා. මට තෙරුන් ගිය විදියට මං assignment එක කරන්න ගත්තා. නිදා ගනිද්දි වෙලාව 2ත් පහු හෙට උදේ යන්න එපැයි ආයෙම නැත්තම් එළි වෙනකන් වැඩ කරන්න තිබ්බා.  කරපු ටික කෝකටත් පෙන් එකට දාගෙන හෙට ගෙනියන්න බෑග් එක හදල මූණත් හෝදලා ආයෙම නිදා ගන්න ගියා. ඇඳට වැටුන ගමන් නිදි ඉතින්


| 2015 Copyright © Astonish All Rights Reserved


No comments:

Post a Comment