Thursday, November 26, 2015

ඇස්ටොනිෂ්ගේ වීරක්‍රියා


මේ ලියන්න යන්නේ ඇස්ටොනිෂ් චූටි කාලේ අක්කාට කරපු වැඩක් ගැන.ඇස්ටොනිෂ් ඉතින් වීර ක්‍රියා විදියට තමයි ඒවා කැටගරි කරන්නේ. කොහොමත් ඇස්ටොනිෂ් පොඩි කාලේ ඉදන් ගෙදර චන්ඩියා. ඒ වගේම ගමේ පොඩි ළමයි බය කරන කෙනාටත් ඇස්ටොනිෂ් බනිනවා ළමයි බය කරනවා කියලා. අනික තමයි ඇස්ටොනිෂ් ගෙදරින් පිට එක දවසක් සෙල්ලම් කරන්න ගියොත් ආයේ සති ගානකට එළියට යන්න දෙන්නෑ මොකද ඇස්ටොනිෂ් සෙල්ලම් ඉවර කරන්නේ එතන ඉන්න අනිත් අය එක්ක ගහ මරාගෙන, ඉතින් ඒ ළමයිගේ අම්මලා අපේ ගෙදර ඇවිත්ඇස්ටොනිෂ් ගේ කල්කිරියාව ගැන කියල ගියාම ඉතින් ඇස්ටොනිෂ්ට ඇඩ්‍රස් නෑ. අක්කා එක්ක සෙල්ලම් කරත් ගහගෙන තමයි ඉවර වෙන්නෙ.



ඔන්න එක දවසක් වත්තේ කෙසෙල් ගහක කැන කැපුවම පිති වලින් සද්දේ එන මොකක්ද එකක් හදනවා මායි අක්කායි පොඩි කාලේ එකේ නමක් නම් මතක නෑ.ඇස්ටොනිෂ් කෙසෙල් පිත්තට පිහියෙන් ගහපු පාර වැරදිලා වැදුනේ අක්කගේ ඇගිල්ලකට. අක්කා කියාපි මං කැපුවමයි කියල හිතලා මතලා ඔතලා පතලා. ඒක ඇත්තටම අත් වැරදීමක්. මොනා කරන්නද අක්කව බෙහෙත් දාන්න අරන් ගියා.ඇස්ටොනිෂ්ව බාප්පා ලඟ තියලා ගියේ.මං ඉතින් අක්කව අරන් යන දිහා මොකෙක්ද එකෙක් වගේ බලං ඉන්නවා. ඒ අස්සේ බාප්පා මාව බය කරන්න හිතන් කියනවා මාව දැන් පොලිසියේන් අල්ලන් යයි කියලා.ඇස්ටොනිෂ් ඉතින් පොලිසිය එනකන් බලං ඉන්නවා ඉතින් නිකං සම්මානයක් දෙයි කියල හිතන් වගේ. චූටි කාලේ ඉතින් පොලිසිය ගැන අහල තිබ්බට දැකලාත් ඇති ඒත් එච්චර මිටර් නෑ ඒකේ මොනාද වෙන්නේ කියලා.කොටින්ම කිවුවොත්ඇස්ටොනිෂ් AL කාලේ තමයි දැන ගත්තේ ඇස්ටොනිෂ්ගේ පැත්තේ පොලිසිය තියෙන තැන. ඒකත් සර් කෙනෙක් කිවුවම එතකන්ම හිතන් හිටියේ ඒ පත්තේ තියේ 5 ස්ටාර් හොටෙල් එකක් අන්න එකේ ඇතුලේ පොලිසිය තියෙන්නෙ කියලා. ඉතින් අක්කාට මැහුම් 2ක් ගහාල තිබ්බා.මේ දෙසැම්බර් 31 එකට ඇස්ටොනිෂ් ගේ අක්කිට 25 අදටත් ඇගිල්ලේ මාර්ක් එක තියේ. මේ සිද්දිය වෙද්දි ඇස්ටොනිෂ් මොන්ටිසූරි යනවා ඇති. තව දවසක්ඇස්ටොනිෂ් අක්කට පෑන් තුඩෙන් ඇන්නා ලේ එන්න එතකටනම් 7-8 ඇති ඇස්ටොනිෂ්. අක්කා එක්ක 18 වෙනකන් විතරම ඇස්ටොනිෂ් මරා ගත්තා. අපේ ආච්චි තිස්සෙම කියන්නෙ 2ක් ඉන්දලා ඔය තව 3-4 ක් හිටියනම් විනාසයි කියලා. දැන් නම් ඇස්ටොනිෂුයි අක්කායි අතර යුද්ධයක් තිබුනද කියලවත් හිතෙන්නෑ.


ඕන්න ඉතින් තවත් දවසක් ගෙදරට ගරඩියෙක් ඇවිත් මීයෝන්ට ලව් කරන්න. ඇස්ටොනිෂ්ගේ අක්කා අමු බයයි ගරඩියන්ට. මේ සීන් එක වෙද්දි නම්ඇස්ටොනිෂ් AL කරන කාලේ.ඇස්ටොනිෂ් කොහේදෝ ගිහින් එද්දි අක්කා පුටුවක් තියන් මිදුලට වෙලා ඉන්නවා. ගරඩියෙක් ඉන්නවා කියලා ගේ ඇතුලේ.ඇස්ටොනිෂ් ඉතින් චන්ඩියානේ අනික ගරඩියෙක්ට බය වෙන්න ලැජ්ජ නැද්ද අෆ්ෆා.ඇස්ටොනිෂ් ඉතින් අක්කවත් එක්කන් ගැරඩියා එලවලා දූවලා ආවා කාමරේට, ඒ ටිකට ගොන් වැස්සි කාමරේ දොර වහලා දොර රෙද්ද දාලා නිසා දොර වහලා කියල පෙන්නෙත් නෑ. ආපු ස්පීඩ් එකටඇස්ටොනිෂ් දොරේ සීල් තිබ්බා. කොච්චර සැරටද කිවුවොත් නහයෙන් ලේ දෝරේ ගැලුවා. ඊට පස්සේ අයිස් තියලා තමයි ශේප් වුනේ. ඔය වගේ දේවල් තමයි ඇස්ටොනිෂ්ට වෙන්නෙ වැඩ පෙන්නන්න ගියාම.

No comments:

Post a Comment