Thursday, December 3, 2015

An alien attack

එක පාරකුත් ඇස්ටොනිෂ් දැකපු හීනයක් ගැන ලිවුවනේ.මේත් ඒහෙම හීනයක්. හීනෙ දැක්කේ 2012 ලෝක විනාසෙට කලින්, තව විදියකට කිවුවොත් ඇස්ටොනිෂ් ඒලෙවල් ලියපු අවුරුද්දේ. ස්කෝලේ යන කාලේ තමයි දැක්කේ ගෙදරට චන්ඩියා උනාට ස්වභාවික විපත් වලට අමු බයයි. ඕන්න ඉතින් හීනේ වුනේ එහෙමයි.

 Dream_I
අපේ ඉස්කෝලේට ඒලියන්ස්ලා ඇටෑක්ට් කරලා පිට්ටනිය මැද වගෙ පියාබන පීරිසියකුත් තියෙනවා.අපේ ඉස්කෝලේ පිට්ටනිය ටිකක් උස් කරල හදල තියෙන්නෙ සුනාමියෙන් පස්සේ. ඕන්න ඉතින් පියාබන පිරිසිය ලඟට චකා යනව පිට්ටනියේ පල්ලම ලඟදි චකාට වෙඩි තියනව. චකාගේ තියෙනවා ඇක්ටින් එකක් හාර්ට් ඇටෑක් වගේ පපුව අල්ලන්පාත් වෙන. චකා ඒ විදියටපාත් වුනා. ඇස්ටොනිෂුයි වාසනයි සුසායි අපේ සෙට් එකයි පුස්තකාලේ ගාවින් ඇවිත්  පිට්ටනියේ තියෙන විද්‍යා ලැබ් එකට
යන්න කියලා හොරෙන් හොරෙන් ගියා ඒලියන්ස් ලට නොපෙනි.බලද්දි ලැබ් එක ලොක් කරලා.දැන් ඇතුලට යන්නත් එපැයි.ඇස්ටොනිෂ් කරන්නේ අතින් බිත්තියට ගහලා බිතිතිය කඩාලා කට්ටිය එක්ක ඇතුලට යනවා. එතනින් හීනේ ඉවරයි.
Dream_II
ඕන්නතවත් දවසක් ඇස්ටොනිෂ්ලගෙ ගෙදර දානයක්. සෙට් එකත් එක්ක වටමය සාකච්ඡාවක් දාන් ඉන්නවා මැංගුස් ගහා යට.ඔය අතරේ ඇස්ටොනිෂ්ලගේ වත්තේ කොනට වෙන්න ලොකූ සද්දයක් එක්ක මොකක්දෝ වැටුනා.අපි ගියා බලන්න බලද්දි ඒලියන් ශිප් එකක්.අපි ඉතින් එයාලවා බේරන් මැංගුස් ගහ යටට එක්කන් ආවා. අමුතු කැත සත්තු ජාතියක්.බොන්න වතුරත් දුන්නා ඉතින් පව් නේ.ටික වෙලාවකින් ආයෙම් එළියක් එක්ක මොකක්දෝපාත් වුනා. බලද්දි වැටුන සිප් එකේ අයව බේර ගන්න මර්දර් ශිප් එක ඇවිත්. ඒකේ හිටියේ කවුද දන්නවද? නෑනෙහ්. ෆෝලින් ස්කීස් ඒකේ බෙන් හී හී හී. හම්මේ ඉතින් හීනෙන් හරි බෙන් අ දැක්කා කියන්නෙත් ලොකු දෙයක්. ඊට පස්සේ බෙන් ඒයාගේ ශිප් එකෙන් අර කට්ටියව අරන් යනවා. එතනින් ඒ හීනෙත් ඉවරයි.
මේ හීනේනම් දැක්කේ 2015 ෆෝලින් ස්කීස් ටිවි සීරියස් පිස්සුව හොදටම තියෙන දවස් වල. මාට තාම බැරි උනා අලුත්ම සීසන් එක බලලා ඉවර කරන්න අන්තිමට බැලුවේ එපිසොඩ් 8 ද කොහේ. තව දැකපු හීන තියේ ඒවත් හීමීට දාන්නම්කෝ. ටිකක් පිස්සු වගේ නේ.

No comments:

Post a Comment