Monday, December 14, 2015

හීනෙකින්වත් කෑමක් නම් අතරින්නෑ


අන්තිමට පොස්ට් එකක් දැම්මේ කවදද?කියලත් මතක නෑ කාලේකින් පොස්ට් එකක් දැම්මේ නෑ කියල නම් මතකයි. පොස්ට් දාන්න අයිඩියා එද්දි මං කොම් එක ලඟ නෑ, කොම් එක ලඟට ආවම ලියන්න දෙයක් මතක් වෙන්නෑ. ඔය අතරේ තමයි මගේ බොක්ක ෆිට් එකක් දැක්ක හීනයක් මතක් උනේ. හීනේ දැක්කේ මගේ 1 වසරේ ඉදන් අද වෙනකන් ඉන්න යාළුවෙක් වෙන සූ. අපි ආදරේට එහෙමයි කතා කරන්නේ.

මේ හීනේ දැකලා තියෙන්නෙ නම් අපි ඒලෙවල් කාලේ.මෙන්න මේකයි හීනේ සවිස්තරාත්මකව ගත් කල,

වෙන ඉස්කෝල වල නම් කොහොමද දන්නෑ.  අපේ ඉස්කෝලේ  ප්‍රින්සිපල්ට වඩා ළමයි කැමති මුර කරන අංකල්ට. දවසක් අපි 5දෙනා ප්‍රින්සිපල් ගෙන් අහන්නැතුව මුර කරන අංකල්ට විතරක් කියලා පාරට ගිහින් අයිස් ක්‍රිම් කන්න. අපි ඉතින් රස කර කර කකා එද්දිම ප්‍රින්සිපල් එනවලු ඉස්සරහට ප්‍රින්සිපල් ඇහුවලු කාගෙන් අහලද එළියට ගියේ කියලා. ඊට පස්සේ අපි කියලා මුර කරන අංකල්ගෙන් අහලා ගියේ ඔයා කවුද ඔයාගෙන් අහල එළියට යන්න කියලා. හොඳ වෙලාවට එහෙම අහලා තියෙන්නෙ හීනෙන් ඇත්තටම ඇහුවන්ම් පස් දෙනාගෙම බැජ් ගලවනවා හැමෝම ඉස්සරහ උදේ රැස්වීමේදි මොකද අපි 5ම ප්‍රිෆෙක්ට් ලනේ.හොද වෙලාවට ඒක හීනයක්ම උනේ. 

No comments:

Post a Comment