
එකමත්
එක කාලේක පුංචිම පුංචි මල් කුමරියෙක් ජීවත් වුනාලු. මේ පුංචි මල් කුමරි කාලේත් එක්ක
හැමෝගෙම ඇස් උදුර ගන්න සමත් උනා වගේම කටකාර දඟකාර හුරතලියක් ලෙස හැමෝම අතර ප්‍රසිද්ධලු . ඔය අතරේ මේ පුංචි දගකාරිගේ හිත ගන්න ගොඩාක් දෙනා උත්සහා
කරත් මේ පුංචියාට ගානක්වත් තිබ්බේ නෑ. මොකද එයාට එයාගේ ගෙදර අය පාසලේ ගුරුවරු වගේම
යාළුවෝ පවා ආදරය රැකවරණය අසීමිතව හම්බුන නිසා වෙන අයගේ ආදරයක් තියා බැල්ලමකටවත් ඒ හිත
ගන්න බැරි උනා. ගොඩක් අය ආදරේ කරේ ඒ පුංචි මල් කුමාරිගේ හිනාවට, මොකද මල් කුමාරි සැහැල්ලුවෙන්
පාවි පාවි හිටියේ වලාකුලක් වගේ කිසිම බරක් තිබ්බේ නෑ හිතේ ඉතින් තිස්සෙම හීනා වුන ගමන්මයි.
මේ මල් කුමාරිට හරිම හිසරයක් ලු සමහර එයා වටේ කැරකැවෙන අයගෙන් ඒත් මල් කුමාරි ගේ හිතේ
තිබ්බේ තමන් මුළු ජීවිත කාලේටම එකම එක සමනළයෙකුට විතරක්ම තමන්ගේ හිත දෙන්න. මොකද එයා
කැමති උන්නැ කවදාවත් මලක් වෙන්න. මොකද මල් වලට සමනල්ලු, මැස්සෝ, කූබියෝ වගේම බඹරුත්
වහන නිසා.මලක් කියන්නෙ පොදු වස්තුවක් වගේ දෙයක් නිෂ්චිත අයිතිකාරයෙක් නෑ. මෙයා ඇත්තටම
මලක් නොවුන මලක් කියලා තමයි අපට හිතන්න වෙන්නේ එහෙමනම් නේද?
කාලේත් එක්ක දවසක් මේ මල් කුමාරිට යාළුවෙක් හම්බුනා, මේ දෙන්නා
ගොඩාක්ම හිතවත් වුනා. මේ දෙන්නගේ අදහස් ගොඩාක්ම එක වගේ නිසා තමයි මේ දෙන්නා ගොඩක්ම
ලංවෙන්න හේතු වෙලා තියෙන්නේ.කාලෙත් එක්ක මේ දෙන්නට දෙන්න නැතුවම බෑරි වුනාලු සමනළයා
තිස්සෙම ඒ මල ලඟම තියා ගත්තලු. ඒත් මලට ගානක් නැතුලු මල එහේ මෙහේ යනවලු මොකද මල හිතන් ඉන්නේ සමනළයා යාළුවෙක් විතරයි කියලා.
මේ මලයි තව මල් ගොඩකුයි තව සමනල්ලු ගොඩකුයි එකතු වෙලා ලෝකූ වැඩක් කරන්න පටන් ගත්තා.
මේ සමනලයට ඕන මේ වැඩේ කරන්න මල තමන්ගේ පාර්ට්නර් කර ගන්න හැබැයි මලට ඕණ වෙන සමනලයෙක්
ලඟ වැඩ කරන්න, මේ වැඩේ කරන්න නියමිත වෙලා තිබ්බෙත් එහෙමම තමයි. කොහොම හරි අර සමනලයා
මේ මලම ඕන කියලා රණ්ඩු වුනා. ඒත් කොහොම හරි සමනලයා ඕනම නෑ කියල දමල ගහලා වෙන මලක් එක්කම
වැඩ කරන්න හිතා ගත්තලු. කොහොම හරි මේ කාරණේ නිසා මල එක්ක ඒ සමනළයා තරහ වෙලා.

ඔහෝම ඉතින් ටික දවසක්
යද්දි මලට තේරුනාලු සමනළයා එයාව මඟ අරිනව වගේ. සමහර දාට සමනළය මල උන්නද මළාද බලන්නෑලු.
මල ඉතින් ගොඩාක් ඉවසුවලු සමනළයට වැඩ ඇති කියලා. ආයේ ආයේ ඒ දේවල් අහන්න ගියෙත් නැතිලු.
ඔය අතරේ මලව හුඟාක් ඇඩෙව්වලු සමනළයා, මුළින් දීපු පොරොන්දු වල අනිත් පැත්තලු සමනළයා
කරේම. සමහර දවස් වලට ඇස් රතූ වෙනකන් ඔලූව රිදෙනකන් මල අඩනවලු සමනළයා කියන දේවල් වලට.
දවසක් සමනලයා තීරණ කරාලු ටිකක් ඈතට යන්න. මලත් ඉතින් සමනළයගේ කැමැත්තට ඉඩ දීලා හිටියා.
ඔහොම යද්දි සමනළයා දවස් 3ක් විතර මලට කතා කරේම නෑලූ. මල කතා කරත් වැඩයි කියලා මඟ අරිනන
ගත්තාලු.
හතරවෙනි දවසේ සමනළයා මලට කතා කරා. ඒත් සමනළයා මලට කිව්වේ
මල කවදාවත් හිතපු නැති දෙයක් ඒ සමනළයා මලට ආදරේ නෑ කියලා. මල එපාමයි කියලා දමලා ගහලා
යන්න ගියා. සමනළයා කිව්වාලු මල කැතම කැතයි ඒ නිසා ආදරයක් හිතුන්නෑ කියලා. මල එදා ගොඩාක්ම
අඩලා ඒත් අර සමනලයට ගානක්වත් නැතිලු. මල ඉතින් මොනා කියල කරන්නද? ඊටත් පස්සේ දවසක සමනළයා
මලයි එයාගේ අනිත් මලුයි සමනලයොයි ඉන්න තැනට. සමනළයා ආවට මල එක්ක එක වචනයක්වත් කතා කරේවත්
බලලවත් නෑ.ඉතින් අර සමනළයා එතනින් ගියැන් පස්සෙත් මල හොඳටම අඩලා. ඔහෝම ඉතින් කාලේ ගෙවිගෙන
යද්දී මල හුඟාක්ම වැටුනලු මලේ යාළු මලුයි සමනළ යාළුවොයි එකතු වෙලා තමයි මල ආයෙත් පණ
දීලා නැගිට්ටවලා තියෙන්නෙ. දැන් ඒ මල කලින් වගේම නැගිටලා පාඩුවේ ජීවත් වෙන්වළු. මල
දැන් කාවවත්ම විශ්වාස කරන්නෙත් නෑ වගේම හුඟාක් වෙනස් වෙලා සැහැල්ලු ජීවිතේ වලාකුළක්
වගේම පා වෙලා ගිහින්. ඒ වගේම මල මල ගැනම කළ කිරිමෙන්ලූ ඉන්නෙ මොනා කරන්නද මල අපට කාවවත්
කාල බලල ඇසුරු කරන්න බෑනෙ. සමනළයා නම් සතුටින් ඉන්නවා ඇති දැන්. මලට දැන් ආදරේ කියන
වචන ඇහෙන තැනකවත් ඉන්නෑලු මොකද ඒ මල ගොඩාක් කාලයක් වෙන සමනල්ලුන්ට නොදී පරිස්සන් කරලා
අර සමනළයාට හිත දෙන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තුවෙන්ද? මලේ ජීවිත කාලේම අර සමනලයට විතරක්
ආදරේ කරන්න බලාගෙන උන්නු මල අද වෙනකන් වෙන සමනලයෙක් ගැන හිතන්නවත් හිතලා නෑ අර සමනලයා
ගැන හිතන එක නවත්ත ගන්නත් අවුරුද්දකට ආසන්න කාලයක් ගියාලූ. කොටින්ම ඒ සම්බන්ධය තිබිලා
තියෙන්නෙත් මාසයයි දවස් ගානක් විතරයි. හිතන්න කොච්චර දුක් වෙන්න ඇතිද ඒ මල.
ඒ මල ඊට හුගා කාලේකට
පස්සේ කඩුපුල් මලක් බුදු සාදුට පූජා කරන්න හුගාක් ආසවෙන් වුන්නා, ගහේ මලක් ආවම ඒ මල
පූජා කරන්න ආසාවෙන් නිදි මාරාගෙන හිටියත් කවුදෝ මල කඩන්. දෙවනි දවසකත් මලක් පිපිලා
ඒ මලත්පුජා කරන්න ආසාවෙන් හිටියත් ඒ මලත් වෙන කවුදෝ කඩන්. පස්සේ කඩුපුල් මල් ගහා කෑලී
කෑලි වලට කඩලා දාලා අපේ පුංචි මල. දැන් අපේ මල වටේ කඩුපුල් මල් 1000ක් පිපුනත් අර මුලින්
තිබුන මලක් පූජ කිරිමේ ආසාව නැති වෙලා. අන්න ඒ වගේලු අපේ මලට දැන් ආදරේ කියන්නෙත්.
No comments:
Post a Comment