Saturday, December 5, 2015

They still together_09


උදෙන් නැගිටිනව කියන එක කරන්න බැරි දෙයක් නිමි කරන්න බැරිම දෙයක්. වයසේ වැරද්දද? ඇත්තටම මොකක්ද මේ වයසේ වැරැද්ද කියන ඒකේ තේරුම. අපි දැන් කරන වැරදි අපිට කලින් මේ වයස ආපු අයත් කරා කියල කන්ෆෝම් කරනවා වෙන්න ඇතිනෙහ්.ඕණ එකක්, ඊයේ හරියට නින්දක් නැති නිසා මාව නිකන් මත් වෙලා වගේ. වතුර බිබි ශේප් උනා.කවදාවත් නැතුව වමනෙටත් එනවා වගෙ, හොඳ වෙලාවට මං ලඟ ටික් ටැක් තිබ්බේ නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕණ නෑනෙ. මං ගේට් එකෙන් ඇතුල් වෙනකටම උඩ බැල්කණි එකේ ඉන්දන් අකංෂා අත වැනුවා. වෙලාව 7.52 මේ බූතිද මේකේ ගෙට් එක අරින්නේ.යමුකෝ ගිහින්ම අහනවා.කියලා හිතාගෙන මං අකංෂා ඉන්න තැනට ගියා.

ගේට් එක අරිනවට කීයක් දෙනවද උඹට?
ඇයි මගෙ ජොබ් එකට විදින්න හිතුනද?
හීනෙකින්වත් නෑ.
ඒක නිමි assignment එකේ ඔයාගේ මාර්ක්ස් දුන්නද?මගේ එක පොඩ්ඩක් චෙක් කරලා ඕණ හොඳද?
එනි ටයිම් මචී. ඒක නිමි ඔයාට අදීෂ අයියා සර් කිවුවා 12 ඉන්දන් මිස් උන ලෙච්චර්ස් කවර් කරනවා ලැබ් එකට එන්න කියලා.
කවුද දැන් ඔයා කියන ඔය අදීෂ,
අපෝ හරකී කී දවසක් නම් වෙනවද මේකට ඇවිත් තමන්ට අකුරක් ඉයල දුන්න කෙනෙක්ගෙවත් නමක් දන්නැද්ද?  උඹ නම් තියන්න වටින්නෑ තමයි බං.මටත් එක්ක ලැජ්ජයි ෂී
හා හා නෝන්ඩි කරනව කියලා ඔහොමත් නෝන්ඩි එපා ඉතින්. අනික මාව දැනුවත් කරන එක ඔයාගේ වගකීම කියලා තේරුන් ගත්තානම් ලේසියිනෙහ්හ්.
මේහෙමයි අපට web technologies උගන්න හිටියේ මිස් කෙනෙක්. ඒ මිස්ට බබා ලැබෙන්න නිවාඩු ගියා. එතකන් රිප්ලේස් කරේ සීනීයර් බ්‍රයිට් අදීෂ කියන අයියා කෙනෙක්ව. උඹ ඉතින් නොදන්න කමටදෝ කොහේ ආපු ගමන් අවුස්ස ගත්තා සහා අනා ගත්තා.
මට නැව් ටෝක් ඕණ නෑ එක එක්කෙනා ගැන අර මිස්ට බබා හම්බුන ගමන් එන්න කියන්න කන්ටැක්ට් නම්බර් එකක් එහෙම නැද්ද? මෙහෙමයි නංගී ඔය මොන අයියා උනත් සර් උනත් මන් බයත් නෑ ණයත් නෑ.
ලෙට්ස් සී මචී.

අකංෂා කිවුව එක එක අතකට හරිද මංදා මං ආපු ගමන් කීදෙනෙක්වනම් තරහ ගැස්සුවද?ඕවගේ රිටන් හැරෙන තැපෑලෙන් නොවුනට මට පොළියත් එක්ක එයි එන වෙලාවට පොකුරු පොකුරු. හ්ම්ම්ම්ම් දැන් ඉතින් ඕවා ගැන හිතලා පලක් නෑ. අවූච්ච්ච් එත්කටම වගේ කල්පනා ලෝකෙක උන්න මට අකංෂා ගහපු පාරටමාත් රිටන් දෙන්න කියලා සැරසෙද්දියි දැක්කේ සර් ඇවිත් ඉන්නවා කියලා. මං එහෙමම අත ඩෙස්ක් එක උඩ තියාගෙන පොත දිහා බලන් හිටියා. ලෙච්චර්ස් පැය දෙක තුන ගෙවිලා ගියා දැනුනෙවත් නෑ. ඉන්ටවල් එනකන් බලන් ඉන්න මට අද කන්න හිතුනෙත් නෑ. අකංෂා ගෙදරින් කේක් වගයක් ගෙනත් තිබුනා දෙන්න එක්ක ඒක කකා  ඔරේන්ජ් ජූස් බිව්වා.ඒ තමයි ඉතින් අපේ දවල් කෑම උනේ. ඊට පස්සේ අකංෂාට ලයිබ්‍රි යන්න ඕණ කිවුව නිසා ලයිබ්‍රි ගියා මිසක මටනම් ලයිබ්‍රි පේන්න බෑ. ඉස්කෝලේ වගේ නිදාගන්න මෙහෙත් කියාපු තැනද දන්නෑ.මාත් ඉතින් නිකන් ඉන්න බැරි කමටවගේ පොතක් අතට ගත්තා කියවන්න.කරන්න දේකුත් තියෙන්න එපැයි.එතකටයි මතක් වුනේ මිස් උන ලෙක්චර්ස් වලට යන්න ඕන නේද කියලා. ලයිබ්‍රි එකේ හයියෙන් කතා කරන්නත් බැරි නිසා මං කරේ ෆෝන් එකෙ මේමෝ එකක් ටයිප් කරලා අකංෂාට පෙන්නපු ඒක. අකංෂා ඒ මේමෝ එකෙම ටයිප් කරලා තිබ්බා   “ ක්ලාස් ඉවර වෙලා මැසේජ් එකක දාන්න මං එතනට එන්නම්” කියලා.මාත් හිමීහිටබායි කියලා දූවලා ආවා ලැබ් එක තියෙන ෆ්ලෝර් එකට. හොඳ වෙලාවට ලිෆ්ට් හොයාගෙන තියෙන්නෙ නැත්තම් ඉතින් නැගින්න එපැයි පඩි සිය ගානක්.මං එහෙම හිත හිතා එද්දී දොර ලඟට එනකන් දැනුන්නෑ. දැන් ඉතින් ඇතුලට යන එක තමා තියෙන්නෙ.


| 2015 Copyright © Astonish All Rights Reserved


No comments:

Post a Comment