Friday, December 18, 2015

ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...


ඇස්ටොනිෂ් ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර් ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක් ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත් සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.

දර්ෂ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි. සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන් වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත් නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන් ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ. අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන් දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක් පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.


ඔන්න දවසක් දර්ශ ෆෝන් එකක් විකුණලා චමීට වොරන්ට් එක දවස් තුනයි. ඩීල් එක කරද්දී චමි ඇහුවලු මචං මේකේ මෙමරි චිප් එකක් දාන්න තැනක් නැද්ද කියලා? එතකටම දර්ශ කියලා අර ස්ටැන්ඩ් එකේ ඕන තරම් කඩ තියෙන්නේ ගිහින් තැනක් කප්පව ගනින් කියලා.එතන හිටිය කට්ටියට ඉතින් හීනා කාලා මැරෙන්න වගේලු ඇස්ටොනිෂ් නම් එතන හිටියේ නෑ මොකද අපි හිටියේ පංති දෙකක. කොහොම හරි ෆෝන් එක 4 දවසේ කැඩිලා චමීට දර්ශ කියලා සොරි මචං වොරන්ටි ඉවරයි කියලා. ඔන්න ඔහොමයි දර්ශ ෆෝන් වික්කේ.

තව දවසක් ඕලේවල් කිට්ටුව ව්ද්‍යව පංතියේදි දර්ශ ගේ ප්ලෑන් එකක ටොපියක් ආයේම චමීට කන්න උනා.එදා නම් ඇස්ටොනිෂ් එතන හිටියා. සර් ඇහුවා බඩේ ගල් හැදෙන්නෙ කොහොමද කියලා? දර්ශ චමීට කියල ගල් කෑවම කියල කියපං කියලා, මේ මෝඩයත් ඔක්කොටම කලින් නැගිටලා කියාපි ගල් කෑවම කියලා. මුළු පංතියටම හිනා ඉතින් කියලා වැඩක් නෑ ඒ සීන් එකනම්.ඇස්ටොනිෂ්ට දැනුත් මැවිලා පේනවා. අපි එ වෙලේ හිතුවේ චමීගේ ගොන් ආතල් එකක් කියලා ඊලඟ දවසේ ඉකෝලේ ගියාමයි දන්නේ දර්ශගේ වැඩක් කියලා.

දර්ශට කෙල්ලෝ පේන්න බෑ ඕලේවල් කාලේ එයාලගේ පංතියේ හිටියා නිවුන්නු දෙන්නෙක් ඒ දෙන්නට හොදට ගුටි දෙනවා දවසක් මාර වලියක් ගියා. ඒ කෙල්ලෝ දෙන්නත් අත අරින්නෙම නෑ වටේ ඉදන් අනිත් අය ඒ තුන් දෙනාව ෆෝම් කරනව ඉතින් අනේ අර කෙල්ලෝ වගේම දර්ශත් ගුටි කනවා.

අපි තුන්දෙනාටම තිබ්බා හැකින් පිස්සුව ඒලේවල් කාලේ. දර්ශට ක්ලාස් නැති උනාම මායි කලණයි අපි තුන් දෙනාම පුස්තකාලයට ගිහින් හැකින් ගැන ඉගෙන ගත්ත එකයි බෑන්ක් හැක් කරන්න ප්ලැන් කරපු එකයි තමයි කරේ. කලණ නම් කියන්නෙ දවසක් දර්ෂ නිසා පටත් හිරේ ලගින්න වෙනවා කියලා. ඔන්න දවසක් දර්ශ කියනවා සූ ට ලොකූ කතාවක් අපි ඊට කලින් දවසේ හැක් කරපු බෑන්ක් එක ගැන (ඇත්තටම නිමි ) කියවලා කියවලා අන්තිමටම රුපියල් 20ක් දෙනවා සූ ගේ පංගුව කියලා. “ ඔච්චරයි බං බැංකුවටම තිබ්බේ ඕකත් හොයා ගත්තේ මේසයක් උඩ තිබ්ලා” කියලා.

දර්ශ කියන්නේ මාරම ටැලට් එකක් තිබුන කෙනෙක් කම්පුටර් රෙපෙයර් කරන්න එයාට හදන්න බෑමයි කියලා සර් අයින් කරපු මැෂින්ස් පවා කෝහොම හරි හදලා ගන්නවා. ඕලේවල් කාලේඇස්ටොනිෂ් ඇති වෙලාවටයි ගෙදර නැති වෙලාවටයි දෙකටම ඇවිත් ඇස්ටොනිෂ්ගේ ආච්චි එක්කකයිය ගහලා ඇස්ටොනිෂ්ගේ පීසී එකේ ගේම්ස් ගහලා යනවාඇස්ටොනිෂ් දන්නෙත් නෑ. දර්ශ කියන්නේ ඇස්ටොනිෂ්ට මේ ලෝකේ හම්බූන හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා.

 

No comments:

Post a Comment