They still together_06


මගේ එලාම් එක එක්කෝ අක්කා නැත්තම් අම්මා තමයි ඉතින්. වෙනදා වගේම හරිම හරීම නිදිමත, කම්මැලිකම උතුරා ගිය දවසක උදාවත් සනිටුහන් වුණා. ඉර උදේන්ම නැගිට්ටට මං තවම ගැන හිතන්නවත් හිතලා නෑ. හම්මෝ සීතලේ මූණ හොදන්නෙ කොහොමද ගැහෙනවනෙ, එක්කෝ ක්ලාස් යන්නෑ... ඒත් ඉතින් නොගිහින් කොහොමද? ඇයි අෆ්ෆා මටම මෙහෙම ඒවා වෙන්නේ. ඒක්කෝ අන්තිම එලාම් එකත් එනකන් තව චූට්ටිත්තක් නිදා ගන්නවා.
අද ක්ලාස් නැද්ද?
හ්ම්ම්ම් තියේ.
එහෙනම් නැගිටිනව 6.30 වෙලාව.
මොකක්,
මං ඉක්මණට ඇඳේන් බැහැලා වෙලාව බැලුවා බලද්දි 5.45 දැන් තමයි අක්කා ගැන ආදරයක් හට ගන්නේ මගේ සිත් කොනේ. මොනා කරන්නද ඉතින් නැගිට්ට එකේ යන්න ලැස්ති වෙනව ඇරෙන්න. අද 8.30 කලින් ක්ලස් එකෙ ඉන්න ඕණ. කොහෙද දන්නෑ මගෙ කිරි එක, ඔක්කොටම කලින් කිරි බොන්න එපැයි මං, ඉක්මණට ලොකු වෙන්න. හම්මේ මේ තියෙන්නෙ දිලිසි දිලිසි, සීතලත් නිසා මං මං කිරි එක අත් දෙකෙන්ම අල්ලන් බීගෙන බීගෙන ගියා.
ඕක හිමින් බොනවා අපි ගන්නෑ.
හා කියනකන් හිටියේ අහ්හ්හ්හ්හ්හ්හ්ම්ම්.
දැන් බන්ඩියත් හැපි එකේ ඉන්න වෙලාවේ වොෂ් එකක් දාන් ලෑස්ති වෙන්න කියලා මං ගියා වොෂ් එකක් දාන්න. හම්මෝ සීතල වෙවුලනවත් එක්ක. මේ දවස් වල වැස්ස කාලේනෙ උදේට ඇඳක් උඩ ඉන්න ඕන ළමයෙක් මං දැන් මේ කෝස් එකක් පටන් අරන් කන කට්ටක්.යන්න ලැස්තිවෙලා කන්නැතුවම මං ගෙදරින් ආවා. පැය භාගයක් විතර ඇති තවම බස් එකක් නෑ. වැරදි නැකතකින්ද කොහේ එන්න ඇත්තේ. අදත් පරක්කු වෙන්න නම් එපා දෙයියනේ.දෙයියෝ මතක් කරා විතරයි සැනෙන් බස් එකක් එවලා හි හි. පැය 2 විතර ගමනක් නෙ ඉතින් අළුත්ගම ඉදන් කොළඹ යද්දී එපා වෙනව ඉතින්. ඩ්‍රයිවර් ට පින් සිද්ද වෙන්න මං 8.7 වෙද්දි institute එකේ. ලාවට වගේ බඩ ගින්නක් දැනී දැනෙනවා. අකංෂා ආවද දන්නැ. මං ක්ලාස් එකට යන ගමන්ම අකංෂාගෙ නම්බර් එක ඩයල් කරා රින්ස් යනව විතරයි නෝ අන්ස්වර්. අකංෂාට වුනත් මෙච්චර දෙන්න බෑ,අනික එයා ඊයේ මට කර වැඩේ කැතයි. කැන්ටින් එකට යන තැනයි ක්ලාස් එකට යන තැනයි තුන්මං හන්දියක් වගේ, කනවද ක්ලාස් යනවද වෙලාවත් තවම 8.15 එක්කෝ කාලම ඉන්නව මොනා හරි. මං කැන්ටින් එකටම පියමං කරා දැන් ඉතින් කන්නෙ මොනාද කියන එක තමා ගැටළුව. චිකන් සැන්ඩ්විච් එකයි ස්මැක් එකයි අරන් මං කොනේම තියෙන ටෙබල් එකට ආවා විතරයි.
හලෝ ඔය ටේබල් එක මගේ වෙන තැනකට යන්න.
අයියෝ ඊයේ සීන් දාපු අක්කා. මොනා කරන්නද මං අසරණයි මං මුකුත් නොකියම වෙන ටෙබල් එකකට ගියා. හිමින් හිමින් කාලා වෙලාව බැලින්නම් .826 දෙයියෝ සාක්කි අදත් ඉවරයි මං. ස්මැක් එකෙත් භාගයක් ඉතිරියි අනේ මොනා කරන්නද සිතකින් නොවේ හැර යන්නෙ මා කියලා මං ක්ලාස් එකට දූවගෙන ගියා. ඒ යද්දිත් 8.28යි වාඩි වෙන්න තැනක් නෑ. මං ඉස්සරහට යද්දි කවුදෝ මගෙ අතින් ඇදා. බලද්දි අකංෂා ඒ ඒක්කම සර් ආවා.මං පරණ කෝන්තර අහවරයි කියල හිතන් වාඩි වුනා.
වේලසනින් එනවකෝ ටිකක්. අදත් නූලේන් බේරුනා. ඒයේ 8.29 ට අද 8.28 ට මොකක්ද බං වේලාවට වැඩ කරපංකෝ.
හරි හරී 8.30 ට කලින් ආවනේ.
දැන් පොත් අරන් පාඩමට ලැස්ති වෙනවා.
මං මුකුත් නොකියම පොත් ටික බෑග් එකෙන් අරන් මේස උඩින් තිබ්බා.
සර් ස්ලයිඩ්ස් ටික එක්ස්ප්ලෙයින් කරන් යනව ස්පීඩ් වැඩිද මංදා මගෙ ඩේටා ට්‍රාස්ෆර් වෙන ස්පීඩ් එක මදිද මංදා. සමහර තැන් තෙරෙන්නෙම නෑ. මට නම් දැන් කෑ ගහල අඩන්න හිතයි. මෙලෝ දෙයක් තෙලෙන්නෑතෝ. මගේමූඩ් එකම අවුල් වෙලා දැන්. මං Assignment එක කරෙත් නෑ දැන් කොයිවේලේ හරි අහයි ඒ ගැන. දැන් මගෙ හිත වෙන තැනක කය මෙතන තිබ්බට. ඒ එක්කම උදේ පළමු විවේක කාලය දුන්නා. ඒ එක්කම ඉතින් ඒ අමිහිරි දේ සර් කිවුවා ඩෙස් එකෙ අන්තිම කොනට Assignments එකතු කරල තියන්න කියලා. සර් Assignmentස් ටික එකතු කරනකන් ක්ලාස් එකෙන් යන්නත් තහනම්.
කෝ Assignment එක කරේ නැද්ද?
නෑ.
ඇයි?
නොදන්න දේවල් ගැන Assignment හදන්නෙ කොහොමද?
මොකො නිකන් කේන්තියෙන් වගේ.
වගේ නිමි එහෙම තමයි.

සර් අපේ රෝ එකට ඇවිත් Assignments ගත්තේ ළමයි ගානත් ගණන් කරලා. මං හිතුවේ දැන් බනි කියලා. ඒ වෙනුවට කිවුවේ,
අළුතෙන් ආපු ළමය පොඩ්ඩක් මාව හම්බෙන්න ඔයට මිස් උන ලෙක්චර්ස් ගැන බලන්න ඕණ.” කියලා. මං ඉතින් ළමයි යනකන් හිටියා උන්නූ තැනම වාඩි වෙලා. අකංෂාත් මං එක්ක හිටියා හැබැයි. ළමයි ගියාට පස්සේ අපි හිටියා නේ ඊට පස්සෙ කියාපි  ඉන්ටවල් එක අරන් විනාඩි 10න් එන්න කියලා.අපි දෙන්න ඉතින් කිවුව විදියටම එළියට ගියා.එක්කෝ ඒ වෙලේම හෙම් කියන්න ඕණ මොලයක් නැද්ද මංදා?කොහෙටද දන්නැ ඉස්කෝලේ ගියේ.

2015 Copyright © ||||||Aston!sh|||||||


Comments