Friday, October 30, 2015

They still together_04


ඒයි එයියි අර බලන්වකෝ සීන් එක.එක පාරට බලන්න එපා ඉතින් මෝඩයා වගේ හිමිට බලනවා.
එහෙනම් දෙපාරට බලන්නද? මොකක්ද බුතස් මට මුකුත් පෙන්නේනෑනෙහ්
40 ඇදිරියද?
අන අර ටේබල් එක දිහා බලන්න කිවුවේ. අපේ ලෙක්චර් නේද කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද ඉන්නේ.
ආආ ඒකද ඒයාගෙ සෙට් එකෙ එයා ඉන්නැතුව උඹ එක්ක ඉන්න කියල මං කියන්නද  එහෙනං
එර්ර්ර් ඊරියේ ලෙක්චර් කෙනෙක් එහෙම ඉන්නවද කිසිම ඩිමාන්ඩ් එකක් නෑ නෙහ්හ් එතකට.
ඉතින් එයා ලෙක්චර් කෙනෙක් කියලා කවුද උඹට කිවුවේ?
එහෙන්ම් අද අපට ලෙක්චර් කරේ එයා නිමිද එතකට ?
එයා තමයි. උඹ මොකටද ඔය ගැන ඔච්චර් අහන්නෙ කියපං බලන්න මට ඔක්කොටම කලින් ඒක දැන ගන්න ඕණ.
ඇරිස්ටොටල් කියලා තියෙනව අහලා නැද්ද? තමන්ට දෙයක් උගන්නන කෙනාට සම්බන්ධයෙන් තියෙන සුදුසු කම් ගැන හොයල බලන්න කියලා. කොහේද ඉතින් එව්වා දන්නේ මොලේ රැලි නෑනේ.
එතකට උඹ ඩේටින් විත් ඇරිස්ටොටල් ? යකෝ සිරානෙහ්හ් පට්ට ඉතින් ඉතින් මොනාද වෙන්නෙ කියපංකෝ
තොට පිස්සුද යකෝ…  උඹ හම්බේලා මට තව පැය 24 ක් ගියේ නෑ. දැනටම මට මහන්සියි උඹ එක්ක ඉන්දලා. තව අවුරුදු 2ක් උඹම එක්ක ඉන්නවද නැද්ද කියලා වහාම හිතන්න ගන්න ඕණ.
මං එහෙම කිවුවා විතරයි අකංෂා ගේ මූණ බලන් ඉන්දැද්දි මැල වුනා. එයා හිටියේ අඩන්න ඕන්න මේන්න වගේ. ශී මගේ කටට එන පලියට ස්කෑන් නොකරම එළියට දානවනෙ. දැන් ඉතින් මොනා කියලා කර ගන්නද ? දැන් ඉතින් මේකාව ශේප් කරගන්න එපැයි එපා එකටයි ඕණ කටයි දෙකටම ඉන්නේ මෙච්චරයි නේ.
ඒ තරහද සොරි ඩියර් මං එච්චර හිතල නිමි කිවුවේ හොදේ .
අකංෂා මූකුත්ම කතා කරේ නැතුව ඔහේ කෑම එකකකා හිටියා. මං මෙහේ පණ දාගෙන ටෝක් කරනවා.
යකූ කෑම එක කතා කරත් මේකි කතා කරන්නෑනේ.
කිවුවා පාර නම් අකංෂා ට හිනා ගියා.
අපෝ මගේ දැහැණ කෑවා, මං මේ ටිකක් ටකරං සද්දෙන් මිදිලා ඉන්න හැදුව විතරයි,
අපි දෙන්නම ඉතින් කියව කියව හිටියා. ටිකක් හයියෙන් හිනා වුනාද මංදා හැමෝම අපි දිහා බැලුවා. ඒ එක්කම සිනියර් අක්කාලා සෙට් එකක් ආවා අපි ලඟට.
ඔය දෙන්නාගේ ඔච්චර සද්දේ මොකක්ද?
එතකටම මං කිවුවේ.
ඩිෆොල්ට් වොලියුම් අක්කේ
කියලා ඒකට හැමෝම බක බක ගාලා හිනා වෙන්න ගත්තා. පස්සෙයි මටත් තෙරුනේ වැඩේ අතේ නේද පත්තු කර ගත්තේ කියල. ඒ අක්කා කොයි වෙලේ හෝ මගෙ කන අතගායි කියල මං බලන් හිටියේ. කට තිබ්බට වැඩ නෑනේ අනික සිනියර් අක්කිලා දෙයියෝ බලා ගනිත්වාමුකුත් අතුරු ආබාධයක් නැතුව බේරුනා හැමෝම හිනා වුන නිසා එයා හොඳට නෝන්ඩි වෙන්න ඇති. ඒ සෙට් එකමපස්සේ බලා ගමු දැන් කනවකෝ හොඳටකියලා යන්න ගියා. හම්මේ මං දැන් තමයි හුස්ම ගත්තේ හරියට විනාඩි ගානකට මගෙ හුස්ම ට්‍රැෆික් එකකට අහුවුනා වගේ දැනුනා. එතකටම අද උදේ අපට ලෙක්චර්ස් දීපු නම නොදනි රුව දනිලගේ සෙට් එක අපි ලඟට ආවා. හැමෝම අපි දෙන්නට හිනා වුනා.මං කර කියා ගන්න දෙයක් නැතුව බය වෙලා වගේ හිටියේ ඇයි ඉතින් මට උදේ ඉන්දන්ම පනිශ් දිපු සර් මගේ ඉස්සරහා හිනා වෙවී ඉන්දැද්දි කොච්චර වඩ්ඩේක් උනත් ගල් ගැහෙනවනෙහ්හ්.අනික අපි දෙන්නවම වැටක් ගහලා වගේ වට කරලා හිටියේ, අකංෂාටන්ම් ගානක්වත් නැති පාටයි. මං ඉතින් හා හා පුරා කියලා අද නේ ආවේ එයට දැන් මෙහෙ හුරුයි මට එහෙම නිමි නෙහ්. මාළුව නහින්නේ කට නිසා කියල මට කොයි වෙලෙත් අපේ ආච්චි කියන්නේ මේකට තමයි.
ගුඩ් ජොබ්.
කියලා මගේ මූණට එබිලා  හිනාවක් දාල ගිය එකනම් එච්චර දිරෙයිවේ නෑ. පොළිත් එක්ක මට මොනා හරි දෙන්න ඉන්නවද කියල දන්නේ නැනෙහ්. එතකටම මං අකංෂා දිහා බැලුවා.
ඒ මොකෝ ඒ වුනේ. ඇයි එහෙම දෙයක් වුනේ මං හිතුවේ මං මෙලහට සිහිසුන් නැතුව ඉදි කියලා ගුටි කාලා. කියනවකෝ මොකක්ද මෙතන වෙන්නෙ කියලා වදේ.
වාඩි වෙනවකෝ ඉස්සෙල්ලා කියන්න. මේකයි මං මේවා හොයා ගත්තේ බොහොම වෙහෙස මහන්සියෙන් නිකන් කියන්න බෑ, මට මොනා හරි ඕණා.
දෙන්නම්ම්ම් කියලා ඉන්නවකෝ.
මෙහෙමයි ඒ අක්කා ඇතුළු ගැන්සිය ලොකු ලයින් එකෙත් වර්ගේ. ටිකක් ඉතින් නපුරුයි උබ උනත් පොඩ්ඩක් ශේප් එකේ ඉන්නවා හොදෙ ආයේ කට ගහන් යන්න එපා. වෝනින් එකක් දිලනෙහ් ගියේ අනික.
පුහ්හ් මං වොනින්ස් වලට බය නෑ නංගි එරස් වලට විතරයි බය හරිද? කීප් ඉන් මයින්ඩ්.
මං හොඳට දැක්කා ඒක. පල පල යන්න ඩෝ.
ඒක ඉවරයි නෙහ් දැන් අරයා කවුද කියල කියනව දැන්.
කවුරු ගැනද ඔය අහන්නේ. දැන් වෙලව හරි යං ලෙක්චර්ස් වලට.
එහෙමකියලා මේයා මේක මඟ අරින්න හදනවද මංදා.මාත් ඉතින් ඕන ඔහේ එයා ඇදෙන තැනකට යන්න ගියා. මොක්ද මට දැන් ආපු පාර මතක නෑ හි හි හි



No comments:

Post a Comment