Sunday, October 11, 2015

Short Cut for Class Room




හායි ඉතින් කාලෙකින් ඇස්ටොනිෂ්ගේ කතාවක් ලියන්න බැරි වුනානේ. Exam ලං වුණා එහෙන් ඒකෙන් පස්සේ මනඃකල්පිත කතාවක් ලියන්න ගත්තනේ එකෙන් මේකෙන් ඇස්ටොනිෂ්ගේ කතාවක් ලියන්න බැරිම වුනා.එකටත් එක්ක අද ලියන්න කතාවක් මතක් වුනා, මේ සංසිද්ධිය වුණේ නම් ඇස්ටොනිෂ් 3 වසරට පා තැබු අලුත වගේ.
අපේ ඉස්කෝලේ තිබ්බා කෘෂිකර්මය ප්‍රදර්ශනයක් ඕං ඕක බලන්න අපිව එක්කන් ගියා සාගරිකා කියල මිස් කෙනෙක් මොකද වෙලේ අපේ මංති භාර මිස් එළියට ගිහින් මිස් පංතිය බලා ගන්න කියලා. අපි ඉතින් චූටිම චූටි කුකුළු පැටව් රංචුවක් වගේ කිචි බිචි කිචි බිචිගගා ඔහේ යනවා. ප්‍රදර්ශනයට ගියාට මෙලෝ දෙයක් තෙරෙන්නෙත් නෑ අපි පොඩි නෙහ්.ඔහේ තියෙන දේවල් අත පතගගා ගියා. දවස් වල අපේ පංති භාගෙට කඩලා තිබ්බේ ග්‍රිල් ගහන්න. අපි දැන් ප්‍රදර්ශනය බලලා එන ගමන් ඔය අතරේ චූටි ඇස්ටොනිෂ්ට අදහසක් එනව,
අපි ඔච්චර දුරින් යන්න ඕණ නැනෙහ් තාප්පෙන් පැනලා යන් පංතියට එතකට අනිත්  කලින් අපිට යැතැකි නෙ.
ඔය අදාහසට එක පයින් කැමති වෙනවා ඇස්ටොනිෂ් ගේ සෙට් එක(චූටි කාලේ සෙට් එක) සුරේ,සුසා, sri malka, හැබැයි සුබෝ නම් අනේ මට බෑ කියල දිග පාරෙන් යනවා.
අපි 4 දෙනා කාටත් කලින් පංතියට ගිහින් ඉදං හිටියා. ටික වෙලවකට පස්සෙ මංති භාර් මිස් ආවා. එතකටම ශමල් කියල පිරිමි ළමයෙක් කියාපි අපේ නම් සෙට් එක කියලා පි තාප්පෙන් පැනල පංතියට ආවා කියලා.
මිස් ඉතින් අපිව නැගිට්ටවලා අම්බානේකට නෙලුවා වේවැලෙන් සැප කානේ හිටින්න දූන්න ආයේ තාප්ප ලගින් යද්දි දීපු ගුටි මතක් වෙන්නම. නිකන් නිමි ගෑණු ළමයි තාප්ප වලින් පනිනවද මීට පස්සෙ කිය කිය ගැහුවේ.

ඕන්න ඔහොමයි ඇස්ටොනිෂ්ගේ පිස්සු වැඩ, තනියම නිමි අනිත් අයත් එක්කම තමයි කරන තරමක් දඟ වැඩ කරේ. අනික කාලේ ඔය වගේ වැඩ කරපු නිසා තමයි අද එවා මතක් කර කර සතුටු වෙන්න පුලුවන් හොඳ සුන්දර පාසල් කාලයක්  තියෙන්නෙ. වගේම හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නේ අද වෙනකන්ම.



No comments:

Post a Comment