Thursday, October 8, 2015

They still Together_chapter-02





අද දවස හොඳ වෙන්න කියල  උදෙන්ම නැගිටල මල් පහන් පූජා කරලා බුදුන් වැන්දා. මොකද අද තමයි මං ආයේම Institute යන්නේ. Institute එක ඇතුලට ගියාමයි තෙරුනේ මේකේ දිග පළල වැඩි කියලා එහා කොනේ ඉන්දං මේහා කොනට බස් එකකින් ගියොත් රුපියල් 9 දුර හම්මෝ. මං රිසෙප්ශන් එකට ගිහින් මං ආවා විස්තරේ කිවුවම මට වාඩි වෙන්න කියලා එය මැනේජ්ර් ගේ ඔෆිස් එකට ගිහින් මොනාදෝ කිවුවා.

මිස් සර් ඔයාට කතා කරනවා යන්න ඔෆිස් එක ඇතුලට.
මං ඉතින් කෝකටත් කියල එයාට හීනාවක් දාගෙන ඇතුලට ගියා.
Sir, excuse me may I coming?
එහෙම කිවුවට මං බැලින්ම් දැනටමත් ඇතුළට ඇවිත්.
Yes sure come.
ඉතින්දරුවෝ කොහොමද දැන් අත හොඳටටම හොඳද?මොකද වුනේ?
අක්කා කඩුවා සර්


මං ඇත්තම කියලා දැම්ම ඉතින් ස්ර් අක්කගෙන් අහන්නැ කියල දන්නවනෙහ් ඉතින්.
හි හි ඔයගේ පංති අදම පටන් ගන්නවා දරුවෝ ඔයාට මිස් වුන ක්ලාස් වලට මං revision එකක් ඇරෙන්ජ් කරල දෙන්නම් එහෙම හොඳයි නෙහ්.

හොඳයි සර්

ඔයා දැන් යන්න ක්ලස් එකට හොඳට වැඩ කරන්න. Good luck.
Thank you so much sir. Its means lot to me.

එහෙමකියල මං ඔෆිස් එකෙන් එලියට එද්දිම රිසෙප්ෂන් අක්කි ඇවිත් මට ක්ලස් එකට යන පාත් එක පෙන්නුවා. දැන්නම් හාට් එක බීට් රූට් වෙනවා වගේ. අයියෝ දැන් ඉතින් මං කාත් කවුරුවත් නැතුව ඉන්න එපැයි කියලා මතක් වෙද්දි නම් ආයේ ගෙදර දුවන්න හිතෙනවා. මං ඕන එකක් වෙච්ච දෙන් කියල දොර ඇරගේන ඇතුළට ඇවිත් අන්තිම පෙලියේ වාඩි වෙන්න කියල යන්න හැදුවා විතරයි.

හලෝ ඔය ක්ලස් එකට එන වෙලවද? දන්නේ නැද්ද මගේ ක්ලාස් එකට 8.30 කලින් එන්න ඕන කියලා. ක්ලාස් පටන් ගන්නෙ 8.30 බලනවා දැන් වෙලව කියද කියලා.

සර් මගේ වෝච් එකේ නම් තවම 8.29 නෙහ්හ්.

එතකටම හැමෝම වගේ වොල් එකේ තියෙන ඩිජිටල් වොච් එක බැලුවා එකේ තවම 8.29 ලෙක්චර් කිච උනාද මංදා හි හි. ඒත් දෙයියනේ හොඳ වෙලාවට මගේ වොච් එකෙයි ඩිජිටල් වොච් එකෙයි ටයිම්න් සේම් වුනේ නැත්තන් මට ඇඩ්රස් නෑ. අනික මං අරම කිවුවේ හිතලා මතලා ඔතලා පතලාත් නිමි, කටට ආවා ගමන් එලියට පැන්නා.සර් ගේ මූණ බලන් ඉන්දැද්දි රතූ වුණා. කොයි වෙලේ හරි මට රිටන් එකෙක් දෙන්නම් කියලා වගේ ඒ මූණේ ලියවිලා තිබුනේ. මං ශේප් එකේ අන්තිම පේලියෙන් වාඩි වුණා. වාඩි වෙල හූස්මකවත් ගන්න හම්බුන්නෑ අසයින්මන්ට් එක කරන් ආපු අය අත උස්සන්නලූ, නොකරපු අය නෙගිටින්න කියල ස්ර් කිවුවා. මං ඉතින් ආවේ අලුතින්නෙහ් බය වෙන්න එපා අනුකි ඔයාට අතුරු අන්තරාවක් වෙන එකක් නෑ.මං එහෙම මටම කියා ගත්තා.

එතකට ඔයා 8.29 දෙකටම අයිති නැද්ද? ආ කෝ ගන්නවා බලන්න php අසයින්මන්ට් එක?
සර් මං නෑනේ එහෙම එකක් දන්නෑ.
පන්ඩිත කමනන් තියෙනවා එහෙම එකක් දන්නේ නැත්තන් එලියට යනවා
සර් මං,
මොකක්ද මං කිවුවේ  ක්ලස් එළියට යන්න කියලා නේද? එලීයේ යන්න  මගේ කාලේ නොකා මෙතන.
මට කරුණු දක්වන්නවත් හම්බුන්නෑ මාව එළියට දැම්මා. මැදැයි කර ගත්තා වැඩක් ලෝක ඉතිහාසයටම නැතුව ඇති ක්ලස් ආපුම මුල්ම දවසේ එළියට දාපු කෙල්ලෙක්. කමක් නෑ මං රෙකෝඩ් එකක්නේ තිබ්බේ එහෙමවත් හිතමු දැන්. එකේත් මරු ආතල් එකක් තියේනේ මට පුලුවන් දැන් Institute එක වටේම රවුමක් දාන්න කෝකටත් කලින් කැන්ටීන් එකයි වොශ් රූම් එකයි තියෙන තැන් හොයා ගන්න ඕණ.
මං ඉතින් ස්ව උත්සහායෙන් දෙයියනේ කියලා කැන්ටීන් එක හොයා ගත්තා වැඩියේනෑ මට එතනට යන්න පැයක්වත් යන්න ඇති. මං එතනට ගියා නිමි කැන්ටීන් එකේ වට පිටාව දැක්කම  මාව කැන්ටීන් එක ඇදලා ගත්තා නැතුව මං නිමි ගියේ.මං එච්චර කැම ජාති වලට ආස නෑ පෙරේතයි.


[ඊළඟ කෑල්ලතවත් රසවත් ලු bye for now till then take care…]















 


No comments:

Post a Comment