Sunday, October 25, 2015

මඟ කියා දුන් අය,





ඔන්න ඉතින්  Astonish ගේ වසර මැද වාර විභාගයේදි වුන සංසිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. Astonish කියන්නෙ මොන සබ්ජෙක්ට් එක කොපි කරත් ICT කොපි කරන කෙනෙක් නිමි මොකද අනිත් අය ICT කොපි කරන්නේ Astonish ගෙන්. එතකට නම් මාර කික් එකක් තියෙන්නෙ මොකද එක එක්කෙනා මාව තමන් ලගින් වාඩි කර ගන්න පොර කනවනේ. මං ඉන්න තැන ඉඳලා ඉස්සරහටම ස්ටේපර් එකේ හන්ගලා යවල තියෙනවා උත්තර.එහෙම උත්තර යවන එකෙයි මගෙන් අහන එවට දන්න විදිනයට බොරු නැතුව උත්තර දෙන එකේ අමුතුම සතුටක් මං වින්දා. විභාගෙට කලින් දවසේ සපත්තු දෙක හෙදුවේත් ටිකක් හවස් වෙලා ගෙදරින් බර බරේ ඉතින් හෙට ඉස්කෝලේ යන්නෙ කොහොමද සපත්තු වේලුනේ නැති වුනොත් හෙට නොයා ඉන්න කරන වැඩක් ද ඔය අනම්මනම්  ගන් දෙමළ පත්තරයක් කියවන් යනවා වගේ කියවන්න ගත්තා. මං එතකට අල්ලපු ගෙදර අක්කටත් කිවුවේ අපෝ හෙට මගේ ආසම විෂය මං හෙට කොහොමත් යනවා කියල ඉස්කෝලේ.

විභාගෙට එන්නෙ මොන වගේ එවද කියන එකේ හින්ට් එකක් මටයි කලණටයි දර්ෂ ටයි සාමාන්‍යයෙන් සර් දෙනව. සමහර දාට සර් අපට බොරුත් කියනවා මොකද අපි 3 නා සබ්ජෙක්ට් එක ලියන්නෙ හැමදාම පාඩම් නොකර. කොහොම ලිවුවත් හැමදාම පංති 3න්ම පළවෙනියට හෝ දෙවනියට වැඩිම ලකුණු වලට Astonish බය නැතුව වග කියනවා. එදා ඉතින් කලින් වගේම තාක්ෂණික විශයන් කරන ළමයි කොටස් තුනම වෙන වෙනම තියලා පෙපර් ඒක බෙදන් ගියා. Astonish නතින් ලූ. ඉරි ගහන එක මුලින් ඉවර කරලා. මං ලියන පෙපර් එක ලියන්න ගත්තා විතරයි (DD/IN – ආදේශක නාමයන්) DD උත්තරයක් ඇහුවා ඉරි ගහන එකේ මං එක කියල ආයේ ඉස්සරහට හැරුන ගමන් ආයේම DD මට IN ගේ උත්තර ලියපු කොලේ දුන්නා ඒක එයාටම දෙන්න කියලා මොකද එයා හිටියේ මගෙ අනිත් පැත්තේ. කොලේ දෙන්න හම්බුන්නෑ අළුතෙන් ආපු මිස් කෙනෙක් (නාලිකා මිස්) ආවා. මොනා කරන්නද ඉතින් මං මගේ පෙපර් එක යටින් එ කොලේ තියා ගත්තා. මිස් පේළියෙන් පෙළියට බලන් ඇවිත් IN ලඟ නැවතිලා අහුවා කෝ ලියපු එක කියලා එයා කියුවේ දැන් මිස් ලියන්න ගත්තේ කියලා.


ඔහොම ඕහොම මං ලඟට ඇවිත් නැවතිලා මුළු කොල සෙට් එකම එකක් නෑර චෙක් කරා. ඕන්න ඉතින් Astonish මාට්ටු වුනා කොපි කරා කියලා මං මිස්ට කිවුවෙම කොලේ මගෙ නිමි, පිටිපස්සෙන් ආව නිසා ගන්න උනා මං කොපි කලේම නෑ කියල.එයා පිලි ගත්තේම නෑ මට බැන්නා හොඳටම. ඊට පස්සෙ කොලේ එයාම IN දුන්නා එයාටත් බැන්නා ඉතින් මදි නොකියන්න. ඊට පස්සෙ තව අළුතෙන් ආව මිස් කෙනෙක්(ගීතාංජලි මිස්) පටන් ගත්තා දේශනා දෙන්න එයා කියාපි මහේෂ් සර් එහෙම වැඩ බැරි ළමයි ගන්නෑ අයිටී වලට, ලෝකයක් ඒවා කිවුවා ඉතින් දැන් Astonish නොකරපු වැරද්දක් භාර ගනී කියලා හිතන්න ඒපා කියටවත්ම ආයේ ඒක ලොවෙත් වෙන්නැති දෙයක්.මං කරේ, මං කොපි කරලා ලිවුවයි කියපු උත්තර කොලේ 4-5 ට ඉරාලා ඩෙස් එක අස්සේ ගැහුවා. ඒක දැකලා අර මිස් කියාපි

තොට මට ගහන්න බැරි නිසාද කොලේ ඉරුවේ කියලා

මගේ ඇස් රතූ පාට වෙලා තිබ්බා ඒ මදිවට කඳුළුත් මදි නොකියන්න හෝ හෝ ගාලා වැටෙන්න ගත්තා. හැමෝම මං දිහාම බලන් හිටියා මිසක් වචනයක් කිවුවේ නෑ අඩු ගානේ කොලේ මට දුන්න කෙනාවත්. මටකර කියා ගන්න දෙයක් නෑ, මුළු හෝල් එකටම අහෙන්න මිස් කෑ ගහන කට ඊට එහායින් හිටිය මහේෂී මිසුයි ශාමිලි ම්සුයි ආවා.

මහේෂි මිස් නඩුව විභාග කරන්න ගත්තා අනේ දෙයියනේ මහේෂි මිසුයි ශාමිලි මිසුයි දෙන්නම කිවුවේ එයාලට මාව විස්වාසයි මං එහෙම කරන කෙනෙක් නිමි කියලා. මගේ හිතේ ඒ දෙන්නා ගැන ඒ වෙලේ ඉපදුන ආදරේ ගැන කියන්න වචන නෑ ඒක අදටත් ඒ විදියටම මගේ හිතේ පැල පදියන් වෙලා තියෙනව. ගුරුවරයෙක් එහෙම ලේසියෙන් තව ගුරුවරයෙක් වැරදියි කියල ළමයෙක් ගේ පැත්තට කතා කරනව කියන්නේ Astonish ට කොච්චර ගුරුවරු ආදරේද බලන්න ඒ වගේ ආදරයක් හැමෝටම ලේසියෙන් හම්බෙන්නෑ. ආදරේ විතරක්ම නිමි එතන විස්වාසය කියලා දෙයක් මහා කන්දක් වගේ නොසැලි තියෙනවා. මහේෂ්යි මිසුයි ශාමිලි ම්සුයි දෙන්නා එකතු වෙලා නඩුව අහන්න ගත්තා මුලිම මට කොලේ ආවේ කොහෙන්ද ඇහුවම මං කිවුවා පිටිපස්සෙන් කියල ඊට පස්සේ DD ගෙන් ප්‍රශ්න  කරන්න ගත්තාඑහෙම ඉතින් සැබෑ වැරදි හොඳට බැනලා මාව බේර ගත්තා. මට ඉතින් මාර හැපි. මං කඳුළු පියදාලා ආයෙම ලියන්න ගත්තා. විභාගේ ඉවර වෙලා යද්දි හැමෝම මගෙන් සීන් එක අහන්න ගත්තා අනිත් ක්ලාස් වල හිටිය අය. මං ඉතින් ආයෙම හිනා වෙවී යද්දි මහේෂ්යි මිසුයි ශාමිලි ම්සුයි දෙන්නා මට කතා කරා. මං ඉතින් ගියා ඒ දෙන්නා ලඟ,
මගේ නම කියාගෙනම මිස්ලා දෙන්නා මට කිවුවේ

ජීවිතේදී ඔයිට වඩා ප්‍රශ්න වලට පට මුහුණ දෙන්න වෙනවා, ඔයිට වඩා හොඳට ඒවට මූණ දෙන්න පුරුදු වෙන්න, ඔහොම කෙන්ති අරන් අඩන්න ගන්න එපා. ඕවා ප්‍රශ්න නිමි හොඳද ඉවසීමෙන් වැඩ කරන්න

කියලා. අදටත් මට ඒ උපදෙස තමයි මතක් වෙන්නෙ මං මොකක් හරි නොකරපු වරදකට මාව මාට්ටු වෙන්න ගියොත්. ශාමිලි ම්සුයි ලගදි තමයි පෙන්ෂන් ගියේ. අපට ගොඩාක් ආදෙරේ කරපු මිස් කෙනෙක් මං විද්‍යාව නොට් නොලියා ඉන්න කට මාව ඉස්සරහට අරන් බලෙන් වගේ වැඩ කරවපු ආදරණියම මිස් කෙනෙක්.
මහේෂි මිස් කියන්නෙ ඉස්කෝලේ ටිකක් නපුරු Astonish 6 ඉන්දන්ම ගණිතය උගන්නපු මිස් වගේම අපී ගොඩාක් ආදරේ කරන්නෙ මිස්ට මිස් තමයි ඉස්කෝලෙම සාරියට ලස්සනම මිස්. අදටත් මතකයි ඒ මූණ. අපි AL කරපු කාලේ  මිස් ට්‍රාන්ස්ර් වුනා.

මට බැනපු මිස් ලා දෙන්න ගැන මුකුත් සඳහන් නොකරන එක හොඳම නෑ. මට මුලින්ම බැනපු මිස් තමයි මං මෙච්චර කල් බීපූ රසම කිරි එක හදලා දුන්නෙ මට AL කාලේ ගිය නුවර එළිය ට්රිප් එකේදී. ඒ රස නම් මාරයි මතක් වෙද්දි බඩ ගිනියි. ඊට පස්සෙ ඉතින් හෙනම ෆිට් උනා ඒ මිස් Astonish එක්ක. මාර ජොලි මිස් කෙනෙක් තමයි ට්රිප් යන්න නියම මිස් තමයි ඉතින්.

අනිත් මිස් ඒ කියන්නෙ මට දෙවනියට බැනපු මිස්, ආයේ කියන්න දෙයක් නෑ පාරේ දැකලා මේ ලගදී අඩෝ දැක්ක කල් බොල කියලා අත වනන් ගියා පරක්කු වෙනව කියලා. ඉස්කෝලේ ඉන්න කාලෙදිත් දැනුත් කතා කරන්න ගන්නෙ මුලින්ම බඩට ගහලා. මරු කතා කියන්නෙ එයා කොටින්ම මිස්ගේ ලව් ස්ටොරිය පවා මං දන්නවා. මං ඒ දවස් වල ස්පෝර්ට් මීට් එකට ගියාම මිස් ගේ සාරි පොට ඔලුවට දාන් ඉන්නෙ කළු වෙනවට. ඒ අතර තුර මිස් ලට විතරක් එවන කෑම එකට සෙට් වෙන්න කියලා එයා පොඩ්ඩක් කාල මට ගොඩක් කන්න දෙනවා ඉතින්.


මහේෂ්යි මිස්ශාමිලි මිස්, ගීතාංජලි මිස්, නාලිකා මිස්  හැමෝටම දීර්ඝ ආයූ වේවා! සතුටින් ඉන්න සැමදා...






No comments:

Post a Comment