Monday, October 5, 2015

They still together_Chapter 01


They still together

ජීවිතයට ඒකම එක පාරක් වින්ඳ ගන්න හම්බේන මේ ලොකේ අපි වැඩියෙන්ම සතුටින් ඉඳන් ඉඳපු තැනට, ඒ සිනාවන් පිරුණු මතකයන්ට සමු දෙන්න වෙන එක මේ තරම්ම අමාරු වෙයි කියල නිකමටවත් හිතුන් නැති තරම්. එලෙවෙල් විභාගයත් කොහොමෙන් කොහොම හරි ඉවරයක් වුනාම හිතට දැනෙන නිදාහස වචන වලට පෙරලන්න කොහොමත් මට තෙරෙන්නැ මොකද ලිවීමේ හැකියවක් මට නෑ. එ සුන්දර දවස් හරි හරි ඉක්මනට ගෙවිලා ගියේ හරියට වැස්සක් කඩන්පාත් වෙන්න හදද්දි අම්මා රෙදි ටික ගෙට ගන්නව වගේ.
පීරියඩ් එකෙන් පිරියඩ් එකට කැන්ටීන් එකට පියනගපු, ලෝකේම කඩ චෝරු කාපු, කිසිම හැවිල්ලක් ඉමක් නැතුව වලාකුළක් වගේ ජිවිතේ ඔහේ පාවි පාවි හිටිය අපි තැන් තැන් වලට විසි වුනා. එක එක්කෙනා තම තමන් ගේ හීන මල් ඇහිදින්න ගත්තා ඉතින් මාත් ඒ අතරම මගේ හිනේට පියමං තනන්ට ගත්තා. ඒ වෙද්දි මුලු ඉස්කෝලෙම යලූවෝ දන්න අඳුනන අය පවා දන්නවා මං ආසම මොනාටද සහ මට පුලුවන්ම මොනාද කියන එක ඒ තමයි තොරතුරු තාක්ෂණය.IT වලට හැමදාම වැඩිම ලකුණු මට. ඉතින් මං  IT පාඨමාලා හොයන්න ගත්තා ඔය අතරේ මට එක්තරා IT Institute එකකින් ශිෂ්‍යත්වක් හම්බුනා. මගේ යාලුවෝ අතරින් මං විතරයි මේ සයිඩ් එක තෝර ගත්තේ ඉතින් යන දේවාලේක මට තනියෙන් තමයි යන්න වෙන්නේ කියන එක ඉතින්  සුවර්.

මං පළමු වන වරට Institute යන දවසත් උදාවුනා තව ටිකක් නිදාගෙනම නැගිටිනවා කියල හිතලා අනිත් පැත්ත හැරුණා විතරයි මට මතක, අක්කා ඇඳට පැන්න පාරට මගේ අතක් උලුක්කු වුනා වගේ වුනා වේදනාවේ සැර වැඩි කමට මට මොකක්ද වුනේ කියලා කියන්නත් තේරෙනනෑ.


ඒයියියි ඕයියි මොකෝ වුනේ බොරු එපා කතා කරනවකෝ. අතයි යට වුනේ කටට මොකෝ වුනේ?
මගේ බේඩ් ශීට් එක හොරා වගේ පෙරවන් නෙහ්.

යකෝ මගේ අතට මොකක්ද වුනේ බලන්න කවුරුත් නැද්දෝ.
මං එහෙම කියාගෙනම තාත්තා ලඟට ගියේ සරණක් පතන් මොකද මට ඇත්තටම රිදුනා.
මොකෝ වුනේ මගේ රං පැටියට කියාගෙනම තාත්තා අත බලන්න ගත්තා.මං කෑ ගහපු හැටියට අල්ලපු ගෙදර අයත් ආවා මොකද අක්කයි නංගීයි උදේ පාන්දරම අඩව් ඇල්ලුවද අහගෙන.
මේයාගේ බොරු ඇක්ටින් මේ දන්නේ නැද්ද?
හා හා දැන් ඇති මැදැයි කරා දැන් වැඩක් පොඩි එකාට දැන් වත් ඉන්න දීලා ඔයාගේ වැඩක් බලා ගන්න ලොකූ.
අම්මා එහෙම කියාගෙන තෙල් එක දුන්නා තාත්තට ගාන්න කියලා.හම්මේ සැප කානේ.රිදෙනවෝ ගගා කඳුළු පේරාගෙන මං අඩූවා.

කොහොම හරි නියමිත දිනේට මට Institute යන්න බැරි වුනා අත් දෙකම කැඩුනත් දුක නෑ Institute යන්න බැරි වුනාම මාර දුකක් දැනුනා. හරියට අපි ආසාවෙන් කඩුපුල් මලක් පිපෙන කන් බලන් ඉඳලා ඒ මල දෝතින්ම නෙළලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්නත් හීන දැකලා අවාසනාවට ඒ මල ඇස් අද්දරම මිලින වුනා වගේ.
දවස් ගානක් යනකන් ඉතින් අතට පත්තු බැඳ බැඳ ඉන්න වුනා. ඒ වෙද්දී Institute එකට අක්කා ලවාම කෝල් කරලා මගේ තත්වේ කිවුවම මට හොඳ වුනාම ම එන්න කිවුව නිසා හිතට සැනසිමක් තිබ්බා,එත් මගේ හිතේ අමුතු අමුතු සිතිවිලි අකුණු ගහනවා වගේ සැරෙන් සැරේ මතු වෙන්න ගත්තා.මං ඒවා මොනදා කියලා හොයන්න ගියෙත් නෑ ඇති වැඩක්ද? දැං දැං අතත් ශේප් හම්මෝ වැහැලා පෑවුවා වගේ.


To be continue... 
~~Astonish~~ 
© 2015/10/04

No comments:

Post a Comment