Thursday, October 22, 2015

මං වෙනස් වෙලා…


Astonish දැන් දැන් ආයේ බ්ලොග් ලියන්න කම්මැලි වෙලා. මදිවට හිතත් වෙන පැත්තකට ගිහින් ඊයේ පෙරේදා පන්සලකට ගිහින් ආවට පස්සේ. මං දන්නෑ හරියටම කියන්න ඒක වුනේ කොහොමද කියලා,හරිම පුදුම හැඟීමක් ඒක. මං ගමන් යන්න මුලින් කැමති වුනේම නෑ මොකද මං දන්න කවුරුත් නැති නිසා. අන්තිමට කොහොම කොහොම හරි මං ගියා හෙඩ් සෙට් එකෙයි -බුක්ස් ටිකෙයි පිහිටෙන් කාලේ යවා ගත්තා. තව බ්ලොග් එකේ ලියන්න ඕන කරන දේවල් ටිකක් හිත හිත ගියා ඉතින්. අතර මැද ස්ටේටස් එකකුත් දැන්ම ෆෙස් බුක් එකේ.

another boring trip with lots of unknown ppl 

while reading #ebooks.. 
errrr feeling hungry ...” පිස්සු නෙහ්


එත් ඉතින් එකම එක ස්ථනයකට යද්දි  Astonish වුන දේ තවම හිතා ගන්න බෑ. වැඩියේ ඕණ නෑ Astonish පන්සලට අඩිය තිබ්බ විතරයි අමුතුම හැඟීමකින් වෙලීලා ගියා.මොහොතකට මුළු ලෝකේම අමතක වුණා. මං විතරක්ම වගේ හිටියේ හරියට හිතට එහෙම දැනුනට ඇස් ඉස්සරහා මිනිස්සු ගොඩ ගැහිලා හිටියා. Astonish කියන්නේ වැඩියේ පන්සල් යන්න ආස නැති කෙනෙක් මොකද ගොඩක් පන්සල් බහු භාණ්ඩිකයි ක්‍රොන්කීට් වනාන්තර වගේ. ඒවට ගියම කිසිම හැඟීමක් එන්නැ ඕහේ මල් තියල පහන් පත්තු කරනව විතරමයි. අතරින් දළදා මාළිගාවයි, කළුතර බෝඩියට යන්නයි විතරමයි කැමති. වැඩියේ ජනාකීර්න තැන් වල තියෙන්නෙ බොරු ෂෝ එක විතරයි. අතරින් මෙතන වෙනස්ම වෙනස් මොකද මිනිස්සුත් හෝ ගාලා ඉන්නව එහෙම වෙලත් හිත නිවිලම යනවා.අන්න එක තමයි වුනේ ඇත්තටම නිකන් අමුතුම ලෝකේකට ගියා වගේ. බුදු හාමුදුරුවෝ හතර පැත්තෙන්ම බලා ගෙන ඉන්නවා වගේ අමුතුම ශාන්ත හැඟීමක් ඒක. මං බෞද්ධයෙක් වී ඉපදීම ගැන ඇත්තටම සතුටු හිතුනේ ගෙදර ආවට පස්සෙ මොකද එතන මං ගැවසුන විනාඩි ගානට තප්පර ගානට මං හිටියේ මේ ලෝකේ නිමි මගේ අපේ බුදු හමුදුරුවගේ ශ්‍රි පතුල් අභියස වගේ මට හැඟුනෙ. මං කොහොමත් කාලේක ඉන්දන්ම හිත දියුණු කර ගන්න ආසාවෙන් ගැන පිස්සුවෙන් වගේ හෙවුව කෙනෙක්, එතනදි මට මං හොයපු දේත් හම්බුනා. ඇත්තම කිවුවොත් එතනට යද්දිම මට මහණ දම් පුරන්න පවා ආසාවක් ආවා. තවම අදහස හිතේ හොල්මන් කරනව මං ගැන කීප දෙනෙකුට කිවුවත් එයාල ඒක මායිම් කරේ නෑ මොකද මගේ කටින් වගේ දෙයක් අහන්න කවුරුවත් බලාපොරොත්තුවෙන් නැතී නිසා. හැබෑයි මට මේ ලෝකේ හම්බුන හොඳම යාළුවෙක් කිවුවේ දෙමාපියනට මාව ඕණම කාලේ එහෙම තීරණයක් ගන්න එපා කියලා තවම මට 22 යි නෙ. එහෙමවත් අදහසක් ඉදිරිපත් නොකර මං ඇත්තටම කිවුව දේ විහිළුවට ගත්ත අය ගැන දුකයි ඉතින්. අනික මට එහෙම හැඟීමක් දැනුනේ හිත කළ කිරිලවත් මට කාත් කවුරුවත් නැති නිසා වගේ සාධක පදනම් කර ගෙන නිමි. අවංකවම හිතට දැනුන දේ තමයි මං කිව්වේ. මට ආස හිතුනා මුකුත් ප්‍රර්ශ්න  නෑ, බලාපොරොත්තු නෑ, හීන නෑ, සරළයි, සැහැල්ලුයි ජිවීතේ
මෙච්චර වෙලා මං කිවුවේ මහා මෙව්නාව නොහොත් පැලවත්ත පන්සල ගැන.

 වරක් නොව දෙවරකට වඩා වැඩි වරක් යාමට ආස හිතෙන සිත නිවෙන තැනක්

No comments:

Post a Comment