Wednesday, October 28, 2015

අපේ බෝට්ටු සවාරිය


 ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු 3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක් මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින් හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත් කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ “අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා. මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.

දින ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත් දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල් කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල් කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර්  කරේ.
ඕන්න ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට් කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා. නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින් යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි  මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ ගහා පේන මානේ ”
“මං තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“ ඉක්මණට එනවා හොදේ බායි”
Astonish තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ කෑල්ලනේ බං ”
කියලා. කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ කියලා. අපේ  අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“ ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන් වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්.  ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල් අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින් මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා, සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක් දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ සින්දු කිවුවා නැටුවා. Astonish ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත් බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…






No comments:

Post a Comment