Wednesday, January 6, 2016

ඇස්ටොනිෂ් හා තැපැල් කාර්යාලය




ඇස්ටොනිෂ්ට පසු ගිය අවුරුද්දේ උන දෙයක් තමයි මේ ලියන්න යන්නේ මොකද ඒදේයින් මේ වේද්දි ප්‍රතිඵලත් ලැබිලා ඇස්ටොනිෂ් හැපනින් එකේ ඉන්න නිසා. ඒ වෙන දෙයක් නිමි ඇස්ටොනිෂ් exception ඇප්ලයි කරා එයාගේ degree එකේ. ඕන්න ඉතින් කාලේක ඉදන් ෆෝම් එක ෆිල් කරලා යවන්න ඕන කියල හිතුවට යවන්න උනේම නෑ. දෙසැම්බර් 31 එක කියන්නෙ ඉතින් 2015 අන්තිම දවස නිසා එක පාරටම ඇස්ටොනිෂ්ට හිතුනා මේ අවුරුද්දේ වැඩ මේ අවුරුද්දේම ඉවරයක් කරලා දාන්න ඕණ කියලා. ඒත් ඉතින් අව්ව දකිද්දි නම් එපාම වෙනවා ඒත් ඉතින් අදම මේ වැඩේ ඉවරයක් කරන්න කියලා හිතන් ඇස්ටොනිෂ් ගියා . යන්න කලින්ම ටවුන් එකෙන් A4 සයිස් ලිවුම් කවරයක් ගෙන්නන් තියාගන්න කියලා ෂොප් එකේ ඉන්න යාළුවෙක්ට කියලා ඒ ෂොප් එකටම ගිහින් ෆෝම් එක ෆිල් කරගෙන තැපැල් කාර්යාලයට යද්දිම ඉතින් 3යි ඒ වෙද්දිත් මේල් එක දාන්න ඕණලු. රෙජිස්ටර් කරලත් එපැයි යවන්න.


 ඇස්ටොනිෂ් ලෙටර්කවර් එකේ ඇඩ්ඩ්‍රස් එක ලියලා තියෙන්නෙ වම දකුණ මාරු කරලා. ඒ වෙද්දි ඉතින් රෙජිස්ටර් කරද්දි ගහන ලේබල් එකත් අලවලා ඉවරයි. දැන් ඉතින් තැපෑල් මාස්ටර් කියවනවා මේ ළමයට මං එක දවසකුත් ඇඩ්ඩ්‍රස් එක ලියන හැටි කියලා දුන්නා නේද?ගගා දැන් ඉතින් කියවන්න ගත්තා ඒයගේ කියවිල්ලට එතන හිටිය හැමෝම ඉතින් කවර් එකට මොකද කරන්නේ කියලා හිතනවා එක්කෙනෙක් ඇඩ්ඩ්‍රස් එකක් කපමුලු එක්කෙනෙක් කවර් එකේ දෙපැත්ත මාරු කරන්න කතාව. කොහොම හරි ඉතින් ඇඩ්ඩ්‍රස් එකක් කපලා ඒක උඩින් 50ක මුද්දර ගැහුවා. මං ඇහුවා ඉතින් 50 මුද්දර ඇද්ද කියලා ඇති කිව්වා. ඕන්න ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි තැපෑල් මාස්ටර් ඇන්ටී දැක්කේ ලෙටර් එක යවන්නේ UK  වලට කියලා. “ අයියෝ මේක මේ රට යවන එකක්ද” කියලා කියනව ඉතින් ඒක මුලින් කියන්න එපැයිළු, ඒකනේ ඉතින් මං මුලින්ම ඇහුවේ 50 ක මුද්දර ඇතිද කියලා.
                                                                                                    
ඕන්න ඉතින් ආයේම 190 ක මුද්දර ගැහුවා. ආයෙම ඉතින් අර ලේබල් එක ගලවලා වෙන එකක් අලවන්න උනා. ඇස්ටොනිෂ්ට පස්සේ ආපූ සේරමලා දැන් ගිහින්. කට්ටියටම හෙන හිනා උන වැඩේට කියවනෝ නවත්තන්නෙම නෑ. ඒපාර අහපි ඉන්නේ කොහෙද කියලා. මං තැන කිව්වම ඇස්ටොනිෂ්ගේ තාත්තගේ නම කියල  ඒ හරියෙද කියලා ඇහුවා ඉතින් ඇස්ටොනිෂ් කටට ආපු ගමන් කියලා දැම්මා ඒ තාත්තා කියලා. එතකට එතන හිටිය අන්කල් කෙනෙක් ඇහුවේ එහේ හිටිය පොඩ් ළමයා දැන් කෝ කියලා. ඇස්ටොනිෂ්ටත් දැන් එතන ඉස්කෝලේ කැන්ටිම වගේ වෙලා තොර තෝංචියක් නැතුව කියවනවා.ඇස්ටොනිෂ් ඒ අන්කල් ට කිව්වා එ මමනේ කියලා. ඊට පස්සේ ඒයා හිනාවෙලා කියනෝ අයියෝ ඔයාද ඔය ඔච්චර ලොකු වෙලා තියෙන්නෙ දැන් කියලා.ඇස්ටොනිෂ් කිව්වා ඉතින් උන දේ ගැනනම් තාත්තට කියන්න එපා කියලා මොකද ඒපාර පාසුකම් හා සේවා ගාස්තු කැපුවොත් එහෙම.

ඇස්ටොනිෂ් ඉතින් එයාලට කියලා ආවා අපිම එන්න ඕන ඔයාලව හිනස්සන්න කියලා. එතකටයි මතක් උනේ ඇස්ටොනිෂ් එක පාරකුත්පෝස්ට් කාඩ් එකක් පොස්ට් කරේ තමන්ගේ ඇඩ්ඩ්‍රස් එක නැතුව කියලා. වරදින තරමටයි හරියන්නේ කියලා කිව්වට ඇස්ටොනිෂ්ට වම දකුණ මාරු වෙන එකනම් හරි යන්නෙම නෑ. 31 දවසේ ඉතින් එතන ඉන්න අයගේ ලේ පිරිසිදු කරපු එකම මැදැයි. එතන ඉතින් ඊට් පස්සේ ඇස්ටොනිෂ්ට ඇඩ්ඩ්‍රස් ලියන හැටි ආයෙම පෙරහුරුවක් තිබ්බත් දැන් ආයෙම මතක නෑ. ඒ ඉතින් ඒ කාලේ හැම දේම තැපෑලෙන් පොස්ට් කරාට දැන් හැම දේම කරන්නේ අන්තර්ජාලය හරහා නිසා මෑත කාලේ හුඟක් දෙනෙකුට ලිව්මක් වරදින්නේ නැතුව යවන්න බැරුව ඇති නෙහ්. නැත්තම් ඇස්ටොනිෂ්ද දන්නෑ එකම එක්කෙනා ඇඩ්ඩ්‍රස් ලියන්න දන්නැති.

කෝම හරි ඒ පොස්ට් එක යවන්න ඕණ තැනටම ගිහින් ඇස්ටොනිෂ්ට exceptionනුත්  හම්බුනා කියලා ලිව්මක් ආවා ඊයේ[ 01/5] ලිපියක් ඇවිත් තිබුනා තැපෑලෙන් නිමි ඊ-මේල් එකට. 

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වම දකුණ මාරු කරන්නෙ මං හිතන්නෙ ඇස්ටා පරණ වමේ පොරක්ද කොහෙද
      හෙහ්..
      කමෙන්ට් බොක්ස් එක වෙනස් කරපු එක නං හරිලු
      ෆලෝවර් ගැජට් එකත් දාගත්ත නං තවත් හරි...

      Delete
    2. දැන් හරිනෙහ්හ්... ගිය ආත්මේ එහෙම වෙන්න ඇති.

      Delete