Friday, January 29, 2016

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!

ඇස්ටොනිෂ් අන්තිමට පෝස්ට් එකක් දැම්මට පස්සේ ගොඩක් දවසකින් තමයි ආයේම ලියන්න හිතුවේ. ඇස්ටොනිෂ්ගේ ජීවිතේ එක එක බයිලා කතා ගොඩාක් ලියලා “නිදහස” ගැන ලියපු පොස්ට් එක ගොඩක් අය අතරට ගියා කියලා දැන ගත්තේ ඊයේ මොක්ද මේටිකේම ඇස්ටොනිෂ් බ්ලොගර් එක බැලුවේ නෑ. මේ අවුරුද්දට දාගත්ත විභාග කටයුතු ලඟ ලඟම එන නිසායි ෆයිනල් project එකෙයි වැඩ නිසා පොඩ්ඩක් නිමි ගොඩාක් වැඩ. මට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. ඇත්තටම මං බ්ලොගින් වලට අළුත්ම අළුත් හැබැයි දැනටම හොඳ විව්ස් තියෙනවා. මට මුළින්ම බ්ලොග් යූස් කරන්න කියලා දුන්නේ තිලිණ, අපි ඒ දවස් වල ටෙක්නොලොජි බ්ලොග් එකක් කරා. මං දැක්කා ගොඩක් අයගේ කමේන්ට් වල තිබ්බා මට ලියන්න පුළුවන් කියලා ඇත්තම කතාව කිව්වොත් මං මේ ලඟදී තමයි තෙරුන් ගත්තේ මට ලියන්න පුළුවන් කියලා ඒකත් මං නිමි හොයා ගත්තේ තුසිත අයියා. මං ලියපු මුල්ම පෝස්ට් එක පෙන්නුවේ මගේ ශැඩෝ එකට ඒ සුසන්තිට.දවසින් දවස ලැබුණ වීව්ස් නිසා තමයි මට ලියන එක අල්ලාගෙන ගියේ, මුල ඉන්දන්ම මට මං කවුද කියලා පෙන්නලා දුන්න හැමෝටම ස්තූතියි ආයේම. ඇස්ටොනිෂ්ට පොඩි ටාගට් එකක් තිබ්බා බර්ත්ඩේ එකට කලින් විව්ස් 2000ක් ගන්න මං හිතනව උපන් දිනේට මාස දෙකකට කලින් වගේ මට ඒක ලැබෙයි කියලා. තව ඉස්සරහට යන්න මට ඔයාලගේ ප්‍රතිචාර වගේම බ්ලොගින් සයිඩ් එකේ ටෙක්නිකල් දැනුමත් මට ලබා දේවී කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් කාරනේ තමයි මට දිගටම වගේපෝස්ට් දාන්න බැරි වෙයි මොකද මොනා කරන්නත් කලින් මං මගේ ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දෙන්න ඕණ නිසා. මාර්තු අන්තිම වගේ ආයේම එක දිගට පෝස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉඩක් තියෙන විදියට පොස්ට් දාන්නම් ඒ වුනාට ඉතින්. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!


~ඇස්ටොනිෂ් ~

2 comments:

  1. කොමෙන්ට් බොක්ස් එක වෙනස් කරාට පස්සේ තුබුණු කොමෙන්ට් ටික වෙනස් නැති වෙලා ගිහින් නේ..
    දැන්නම් කොමෙට් කරන්නත් ආසයි.
    ජය වේවා!

    ReplyDelete