HI Remember me. long time ah what's going on? hope everything okay.
සිනහා කඳුළු
Tuesday, December 3, 2024
Wednesday, May 27, 2020
Sunday, May 27, 2018
Fade away
ජිවිතේ හැම දේම වෙන්නේ හොදට කිව්වට හැම දේම එහෙමම නිමි අපි ඒක බාර ගන්න විදිය අනුව වෙනස් වෙනවා. කොහොම හරි ඇස්ටොනිෂ්ට තනියමම ඩෙන්ටල් එකට යන්න ඕන උනා.වෙනද private ඩෙන්ටල් වලට තනියම ගියාට අද base hospital එකටම තනියම යන්න ඕන උනා.ඒකත් අමුතුම අත්දැකීමක්. කොහොමත් තමන්ගේ වැඩ අනුන්ට බරක් නොවි කරගන්න මං ඕන. මේ ගමනෙ යටි අරමුනත් සාර්ථක උනොත් තමා
For better life
By astonish 🐤
Monday, October 9, 2017
Love what you have
හුග කාලේකින් ආයේම ලියන්න හිතුනා.කලිනුත් වරින් වර හිතුනත් ලියන්න කියලා එහෙමට දෙයක් තිබුනෙත් නෑ. හරියටම 8 ඊයේ මගේ උපාධි ප්‍රධානත්වය නීසා මට ලියන්න දෙයක් හම්බුනා. ඒවෙන අයට වඩා වෙනස් කෙනෙක්ට උපාධිය ගත්තා නිසා. එයා බැජ් ෆොටෝ එක ගනිද්දී හිටියේ මං ලග. මගේ අතින් එයා අල්ලන් හිටියේ.මං ඒ වෙලාවේ ඒ වගේ කෙනෙක්ට උදව් කිරිමෙන් ලැබෙන අහිංසක සතුටක් භක්ති වින්දා මං උපාධිය ගත්ත සතුටට වඩා. ඒක හරි අමුතුම හැගීමක් සල්ලි වලට ගන්න බැරි, බස් එකට සල්ලී ඉල්ලා ගොඩ වදින සමහර මිනිස්සුන්ට සල්ලි කීයක් හරි දුන්නම කවදාවත් දැනිලා නැතී හැඟීමක් තමයි ඒ වෙලේ දැනුනේ. හැමෝම තනියෙන් හිටගෙන ඉන්න අතර තුර ඒයාට මගේ අතින් අල්ලන් ඉන්න උන හෙතූව ලෝකෙට කියන්න ඕන කමකට මට ලියන්න හිතුනේ නෑ, ඇත්තටම මට දැනුහැගිම කියන්නයි ලියන්නෙ, හේතුවක් සඳහන් නොකරන්නේ කවදම හරි ඒ ළමයා මේ පෝස්ට් එක දැකලා තව කෙනෙක් එයව මාතෘකාවක් කරගත්තට පොඩිම දුකක්වත් දැනුනොත්ට අස්වැසිල්ලක් උන එකෙන් පලක් නැති වෙයි.
මට කියන්න ඕනා උනේ මෙච්චරයි, අනන්තවත් මැරෙන්න හිතුන අවස්තා මටත් නැතුවම නිමි. ඒත් ඒ ලමය එක්ක ගත උන විනාඩි කිහිපයේ මට හිතුනේ ඇයි සමහර මිනිස්සුන්ට හැම දේම සර්ව සම්පූර්ණයෙන් තිබිලත් වෙන මොකක්ම හරි හේතුවක් ඉස්සර කරන් මැරෙන්නේ කියන එක.
එහෙම හිතුන වෙලාවකට මේ ලෝකේ තමන්ට වඩා අඩු පාඩු තියෙන කෙන්ක්ට එක හිතින් උදව්වක් කරලා ඒක විදින්න. එතකට තමන්ටම ජීවත් වෙන්න ආසාවක් වෙන්දට වඩා ඇති වේවී.
Sunday, August 27, 2017
Lonely
ඉපදුණ දවසෙ ඉදන් අද වෙනකන්ම නොවඩුවම හම්බෙන දේ නම් තනිකමයි.
කවුරු ජීවිතයට කොහොම ආවත් කොතනක සිටියත් තනිකම හිතට එනවමයි.
Sunday, May 14, 2017
සිහින
සිහින කියන්නෙ
ඇත්තටම හිතේ තියෙන දෙයක් රෑට පේන එකමද ? නැත්තම් ඊට එහා දෙයක් ඒ තුල තියෙවද යන්න කියන්න
දන්නේ නම් නෑ ඇස්ටොනිශ්.හැබැයි කාලේක ඉදන් දකින හීන වල තෙරුම හොයන පිස්සුවක් නම් තිබ්බා.ඇස්ටොනිශ්
දැක්කොත් දකින්නේ අලි, සිංහලයන්, නයි වගේ සත්තු ඇරුනම එලියන්ස්ලව තමයි. ඒ කාලේ එලියන්
කෙනෙක් ඇවිත් උස්සන් යනකන් බලන් ඉදලම ඇති වෙලා දැන් ජොබ් එකත් එක්ක මරලා වගේ ආපු ගමන්
නිදි හීන පෙන්නෙත් නෑ වැඩියේ. http://www.dreammoods.com/
මෙන්න මේ සයිට් එකේ තියේ දකින හීනේ තියෙන සිම්බල් එක අනුව ඒ හීනේ තෙරුම ගැන දළ අදහසක්
ගන්න පුලුවන්. කොහොම උනත් දකින හීන වලින් ඇත්තටම තෙරුමක් තියේ. ඒවා අපේ ජීවන රටාව අනුව ගලප ගන්න ඕණ. රෑට දකින හීන හීනයක්
කියලම ඇත ඇරලා දාන්න එපා. මං මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නම්කෝ,
Sunday, March 19, 2017
24
කාලේකින් මේ පැත්තේ ආවේ 23 උපන් දිනය වගේම 24 උපන් දිනේටත් කලුතර බෝධියට වයසේ ගානට මල් පූජ කරන වැඩේ කරන්න පුලුවන් උනා. අදට සතියක් වෙනවා ඉතින් 24ක් වෙලා. වෙලාවක් කලාවක් නැති වෙලා නිසා ලියන්නම වෙන්නේ නෑ.මේ අවුරුද්දේ නම් හුගාක්ම වෙනස් විදියට තමයි මල් පූජ කරන්න උනේ. මොකද මේ පාර ඇස්ටොනිෂ් මල් පූජ කරේ එයාම හම්බ කරපු සල්ලි වලින් කොටින්ම මුල්ම පඩියෙන් එ නිසා හිතට තවත් සතුටුයි. කලින් තනියම ගිහින් මල්පූජා කරලා හැරෙන තැපෑලෙන් ගෙදර. මේ පාර ඉතින් ජිවිතේට ආපූ අලුත්ම කෙනෙක් එක්ක(අලුත් කිව්වට අලුත්ම නෑඑ. ටිකිරි කාලේ ඉදන්දන්නවා) මල් 24ම පූජා කරලා හැරෙන තැපෑලෙන් වැඩට ගියා. ඒ වගේම මේ උපන් දිනේ තමයි ඉස්කෝලේ අන්තිමටම සමරපු උපන් දිනෙන් පස්සේ සතුටින්ම කල් ගෙවුනු උපන් දිනේ.
Sunday, January 29, 2017
පොඩි කෙල්ලේ
පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.
අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.
අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...
Friday, January 13, 2017
MJ's Thought
හීන දකින්න
ඕනනම් නිදාගන්න
ඕණ නින්ද
යන්න ඕණ
ඒත්
නින්දත්
හීනයක්ම වුනාම දැනෙන හැඟීම
එක අත්
නොවිය යුතුම
මූසල
හැඟීමක් අත්දැකීමෙන් සළුතයි
Thursday, January 12, 2017
Letter to future
අනාගතය,
උඹ මාත් එක්ක කරන්න හදනසෙල්ලම
දැන් දැන්
මට තේරෙනවා
මොකද,
වර්තමානය,
මට හිමින් හිමින් ඉඟි දෙනවා උඹ ගැන
ඇස් දෙකේ මායම
මතක ඇතුව ලියපන් උඹත්ඒ ඇස් දෙකේ
මායමමමත් කවි
ලිව්වේඒ ඇස් දෙකටදැන්උඹේ
වාරයමට වඩා
ගලපහන් පදනැත්තම්
උඹටත් මගේම සෙත….
Monday, July 25, 2016
SUN බිස්කට් එක රස නැද්ද? එහෙනම් අළුත්විදියකට කමු.
කාලේකට පස්සෙ ඔන්න ආයෙමත් ඇස්ටොනිෂ්ට පොස්ට් එකක් දාන්න හිතුනා. සිනාකඳුළු
බොඳ වෙලා ගිහින් වගේ නේහ්. මේ පොස්ට් එක රස
දෙයක් ගැන අද උදේ ඇස්ටොනිෂ් කාපු කෑමක් ගැන තමයි මේ.මහා ලොකූ ඇඩ් දාන් කරළියට එන මංචී
බිස්කට් ආවට වඩා වේගෙන් මාකට් එකෙන් අවුට් වෙනවා මංචි ටිෆින්, චීස් කැකර් ඉට්සි. මුලින්ම
ඇඩ් එක දාද්දි සන් යනු අළුත් සන්ලයිට් කෑල්ලක් කියලා හිතුනේ ෆොන්ට් එකත් ටිකක් ඒ වගේම
වගේ දැක්ක නිසා. බැලින්නම් බිස්කට් එකක්. කාපු අය මෙලෝ රහක් නෑයි කියනව. අළුත් සන් ඊයේ අපේ ගෙදරට පායපු දවස. එත් අද උදේ ඇස්ටොනිෂ්ට
හිතුනා සන් ව පාන් එක්ක කන්න.
ගෙදරට ගේන ඕනම පාන් ජාතියක පෙති දෙකක් අරන් ඒකට මුලින් ජෑම් ගාගෙන.ඊට පස්සේ සන් දෙන්නෙක් පාන් පෙත්තේ මැදට තියලා සන් ඩබල චීස් වලින් වසා දමා අනුභව කරලා බලන්නකෝ ඇස්ටොනිෂ්ට අමුතුම රසක් ආවා ඔයාලත් කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා.කොහොමත් සන් ගේ පොඩී චීස් රහක් එනව මංචී බිස්කට් චීස් රහයි කිව්වොත් ඉතින් චීස් දාන්ම කන්න ඕණ නැත්තම් චීස් රහ නෑ.කෑම එක එක විදියට ලෝකේම නැති එවා එක්ක කාල බලන්න අමුතු රහක් එනවා. හරියට සෝයා අයිස් ක්‍රිම්මුයි උණු උණු වඩෙයි කද්දි වගේ. රෝලසුයි සම්බෝලයිත් මාර රසයි. නිකන් මොංගල් වගෙ තමයි ඒ උනට රසයි . රසනේ තියෙන්න ඕණ එහෙන්ම් කොහොම කෑවත් එකයි. බය වෙන්න එපා ලෙඩ වෙන්නෑ. මැරෙන්නෙ නෑ ඇස්ටොනිෂ් තවම ජීවතුන් අතර.
ගෙදරට ගේන ඕනම පාන් ජාතියක පෙති දෙකක් අරන් ඒකට මුලින් ජෑම් ගාගෙන.ඊට පස්සේ සන් දෙන්නෙක් පාන් පෙත්තේ මැදට තියලා සන් ඩබල චීස් වලින් වසා දමා අනුභව කරලා බලන්නකෝ ඇස්ටොනිෂ්ට අමුතුම රසක් ආවා ඔයාලත් කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා.කොහොමත් සන් ගේ පොඩී චීස් රහක් එනව මංචී බිස්කට් චීස් රහයි කිව්වොත් ඉතින් චීස් දාන්ම කන්න ඕණ නැත්තම් චීස් රහ නෑ.කෑම එක එක විදියට ලෝකේම නැති එවා එක්ක කාල බලන්න අමුතු රහක් එනවා. හරියට සෝයා අයිස් ක්‍රිම්මුයි උණු උණු වඩෙයි කද්දි වගේ. රෝලසුයි සම්බෝලයිත් මාර රසයි. නිකන් මොංගල් වගෙ තමයි ඒ උනට රසයි . රසනේ තියෙන්න ඕණ එහෙන්ම් කොහොම කෑවත් එකයි. බය වෙන්න එපා ලෙඩ වෙන්නෑ. මැරෙන්නෙ නෑ ඇස්ටොනිෂ් තවම ජීවතුන් අතර.
Wednesday, July 13, 2016
Astonish's Thoughts [ATs]
අළුත් දේවල් වලට බය මිනිස්සු ඉන්න කල්
අළුත් දේවල් කරන මිනිසුන්ට ලේසියි.
<Aston!sh/>
අළුත් දේවල් කරන මිනිසුන්ට ලේසියි.
<Aston!sh/>
Subscribe to:
Posts (Atom)