Friday, January 29, 2016

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!

ඇස්ටොනිෂ් අන්තිමට පෝස්ට් එකක් දැම්මට පස්සේ ගොඩක් දවසකින් තමයි ආයේම ලියන්න හිතුවේ. ඇස්ටොනිෂ්ගේ ජීවිතේ එක එක බයිලා කතා ගොඩාක් ලියලා “නිදහස” ගැන ලියපු පොස්ට් එක ගොඩක් අය අතරට ගියා කියලා දැන ගත්තේ ඊයේ මොක්ද මේටිකේම ඇස්ටොනිෂ් බ්ලොගර් එක බැලුවේ නෑ. මේ අවුරුද්දට දාගත්ත විභාග කටයුතු ලඟ ලඟම එන නිසායි ෆයිනල් project එකෙයි වැඩ නිසා පොඩ්ඩක් නිමි ගොඩාක් වැඩ. මට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. ඇත්තටම මං බ්ලොගින් වලට අළුත්ම අළුත් හැබැයි දැනටම හොඳ විව්ස් තියෙනවා. මට මුළින්ම බ්ලොග් යූස් කරන්න කියලා දුන්නේ තිලිණ, අපි ඒ දවස් වල ටෙක්නොලොජි බ්ලොග් එකක් කරා. මං දැක්කා ගොඩක් අයගේ කමේන්ට් වල තිබ්බා මට ලියන්න පුළුවන් කියලා ඇත්තම කතාව කිව්වොත් මං මේ ලඟදී තමයි තෙරුන් ගත්තේ මට ලියන්න පුළුවන් කියලා ඒකත් මං නිමි හොයා ගත්තේ තුසිත අයියා. මං ලියපු මුල්ම පෝස්ට් එක පෙන්නුවේ මගේ ශැඩෝ එකට ඒ සුසන්තිට.දවසින් දවස ලැබුණ වීව්ස් නිසා තමයි මට ලියන එක අල්ලාගෙන ගියේ, මුල ඉන්දන්ම මට මං කවුද කියලා පෙන්නලා දුන්න හැමෝටම ස්තූතියි ආයේම. ඇස්ටොනිෂ්ට පොඩි ටාගට් එකක් තිබ්බා බර්ත්ඩේ එකට කලින් විව්ස් 2000ක් ගන්න මං හිතනව උපන් දිනේට මාස දෙකකට කලින් වගේ මට ඒක ලැබෙයි කියලා. තව ඉස්සරහට යන්න මට ඔයාලගේ ප්‍රතිචාර වගේම බ්ලොගින් සයිඩ් එකේ ටෙක්නිකල් දැනුමත් මට ලබා දේවී කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් කාරනේ තමයි මට දිගටම වගේපෝස්ට් දාන්න බැරි වෙයි මොකද මොනා කරන්නත් කලින් මං මගේ ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දෙන්න ඕණ නිසා. මාර්තු අන්තිම වගේ ආයේම එක දිගට පෝස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉඩක් තියෙන විදියට පොස්ට් දාන්නම් ඒ වුනාට ඉතින්. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!


~ඇස්ටොනිෂ් ~

Sunday, January 24, 2016

නිදහස


නිදහස කියන්නේ  මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම උරුමකම් කියන්න පුළුවන් දෙයක්. මේ දේ ඕණවට වඩා දුන්නමත් ප්‍රශ්න නැති උනාමත් ප්‍රශ්න. නිදහස කියන්නේ ඇස්ටොනිෂ් පෞද්ගලිකවම මේ ලෝකෙන් ආසම දේ වගේම ඕණවට වඩා ඇස්ටොනිෂ්ට තියෙන එකම දේ කිව්වත් හරි. ළමයෙකුට ගෙදරින් නොදෙන විදියේ කැලෑ නිදහසක් බුක්ති විදින නිසාමද කොහේ පුංචී කාලේ ඉඳන්ම අද වෙනකන් තියෙන නිදහස දිගටම පවත්වන් යනව මිස නිදහසට අඹ මල් රේණුවක් තරම්වත් කඩ කිරිමක් කරන්න අකමැති නිසාවෙන් හුගාක් සැලසුම් සහගතව නිදහස පවත්වන් යනවා.

 ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ. අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි  මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ. ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි. නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට දෙන්නේ ඒකේ  සාධාරණත්වය පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන ඒක.

Sunday, January 17, 2016

නංනං

ඔන්න එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන් නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ 6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.

Tuesday, January 12, 2016

ෆ්රුට් සැලඩ් හැදිල්ල.

ඔන්න ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්]. මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන් ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක් පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක් සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න ඇති.

Wednesday, January 6, 2016

ඇස්ටොනිෂ් හා තැපැල් කාර්යාලය




ඇස්ටොනිෂ්ට පසු ගිය අවුරුද්දේ උන දෙයක් තමයි මේ ලියන්න යන්නේ මොකද ඒදේයින් මේ වේද්දි ප්‍රතිඵලත් ලැබිලා ඇස්ටොනිෂ් හැපනින් එකේ ඉන්න නිසා. ඒ වෙන දෙයක් නිමි ඇස්ටොනිෂ් exception ඇප්ලයි කරා එයාගේ degree එකේ. ඕන්න ඉතින් කාලේක ඉදන් ෆෝම් එක ෆිල් කරලා යවන්න ඕන කියල හිතුවට යවන්න උනේම නෑ. දෙසැම්බර් 31 එක කියන්නෙ ඉතින් 2015 අන්තිම දවස නිසා එක පාරටම ඇස්ටොනිෂ්ට හිතුනා මේ අවුරුද්දේ වැඩ මේ අවුරුද්දේම ඉවරයක් කරලා දාන්න ඕණ කියලා. ඒත් ඉතින් අව්ව දකිද්දි නම් එපාම වෙනවා ඒත් ඉතින් අදම මේ වැඩේ ඉවරයක් කරන්න කියලා හිතන් ඇස්ටොනිෂ් ගියා . යන්න කලින්ම ටවුන් එකෙන් A4 සයිස් ලිවුම් කවරයක් ගෙන්නන් තියාගන්න කියලා ෂොප් එකේ ඉන්න යාළුවෙක්ට කියලා ඒ ෂොප් එකටම ගිහින් ෆෝම් එක ෆිල් කරගෙන තැපැල් කාර්යාලයට යද්දිම ඉතින් 3යි ඒ වෙද්දිත් මේල් එක දාන්න ඕණලු. රෙජිස්ටර් කරලත් එපැයි යවන්න.

හුදකලාව

සිතූ ලෙස සැරි සරන
සිතුවිලිවලින් බරිත වන
නොයෙක් පැතුමන් මවන
වදන් නම් නොම දොඩන
තනි වු  ලෝකයක් මැවෙනසන්තාපයෙන් මියැදෙන
සන්තෝෂයෙන් පිබිදී යන
මහා හඩින් හැඩුම්  එන
බොහෝවිට සිනහ නගන
 තොල්පෙති නොසෙල්වෙන
බොහෝ දේ සිතග මැවෙන
සියලූ තැන්හි සැරිසරන
නැවත මා අසලම රැදෙන
කිමද මෙහි ඇති අරුම
නුඹ සොදුරු හුදෙකලාව




 By: Thusitha Chamara 

Friday, January 1, 2016

රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්ද පටන් ගන්නකටම ලියන්න මතක වුනේ ඇස්ටොනිෂ්  සහ පාසල්  මිතුරියන් කල දඟ වැඩක්. තමයි අපේ ඉස්කෝලේ අළුතෙන් හදපු බිල්ඩින් සෙට් එකක්ම ඕපන් කරන උත්සවයක් තිබුනා. උත්සවේට ඉතින් මුළු ඉස්කෝලේම ලැස්ති වෙද්දි ඇස්ටොනිෂ්  හිටියා ආරාධිත අමුත්තන් පිළිගන්න මල් මාලා දාන්න. කොහොම හරි උත්සව දවසත් උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට 9 වසරේ හිටියේ පංතියේ සමහරක් සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින් මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු කරන් වටමය සාකච්ඡා යන අතරතුරම  සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා. අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 
මේ අවුරුද්දේ ප්ලැන් කර සියලූම වැඩ හිතනවාටත් වඩා සාර්ථකත්වය නීමා කර ගන්නට ලැබේවා!
ඇස්ටොනිෂ් ඇතුළු මේ අවුරුද්දේ Graduate  වෙන්න හීන දකින සියල්ලම Graduate   වේවා!
සෑම විභාගයක්ම සමත් වේවා!
පැතු පැතුම් මල් සේ පිපිදේවා!

ඇස්ටොනිෂ් ගෙන් නව වසරට පැතුමන්...