ඔන්න
ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්].
මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ
කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන්
ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක්
පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක්
සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි
උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි
සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව
ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න
ඇති.
Showing posts with label memories. Show all posts
Showing posts with label memories. Show all posts
Tuesday, January 12, 2016
Friday, January 1, 2016
රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?
හැමෝටම සුභ
අළුත්
අවුරුද්දක් වේවා!
මේ
අවුරුද්ද පටන්
ගන්නකටම ලියන්න
මතක
වුනේ
ඇස්ටොනිෂ් සහ පාසල් මිතුරියන් කල
දඟ
වැඩක්.
ඒ
තමයි
අපේ
ඉස්කෝලේ අළුතෙන් හදපු
බිල්ඩින් සෙට්
එකක්ම
ඕපන්
කරන
උත්සවයක් තිබුනා.
ඒ
උත්සවේට ඉතින්
මුළු
ඉස්කෝලේම ලැස්ති
වෙද්දි
ඇස්ටොනිෂ් හිටියා ආරාධිත
අමුත්තන් පිළිගන්න මල්
මාලා
දාන්න.
කොහොම
හරි
උත්සව
දවසත්
උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට
9 වසරේ
හිටියේ
පංතියේ
සමහරක්
සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින්
මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු
කරන් වටමය සාකච්ඡා යන අතරතුරම සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී
නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය
යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි
කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට
පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා.
අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා.
Friday, December 18, 2015
ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...
ඇස්ටොනිෂ්
ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන
තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර්
ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක්
ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා
එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත්
සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.
දර්ෂ
ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි.
සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ
මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන්
වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ
කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන
එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත්
නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන්
ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන
අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ.
අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන්
දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක්
පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.
Wednesday, October 28, 2015
අපේ බෝට්ටු සවාරිය
ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි
හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු
3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක්
මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින්
හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ
ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ
ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත්
කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ
“අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ
බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා.
මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.
දින
ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish
ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත්
දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල්
කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල
මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා
ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල්
කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර් කරේ.
ඕන්න
ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට්
කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා
ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා.
නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි
නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය
යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා
ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන
ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින්
යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට
අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ
කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ
ගහා පේන මානේ ”
“මං
තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“
ඉක්මණට එනවා හොදේ බායි”
Astonish
තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම
වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි
නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම
එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි
බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි
හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක
හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට
පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ
කෑල්ලනේ බං ”
කියලා.
කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ
කියලා. අපේ අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ
පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“
ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න
ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන්
වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්. ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල්
අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින්
මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම
වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා,
සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක්
දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව
දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි
වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර
ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු
එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට
පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල
ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට
ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු
ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ
සින්දු කිවුවා නැටුවා. Astonish
ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත්
බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා
ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…
Saturday, August 29, 2015
Astonish ව ඉස්කොලේ ශේෂ්ඨාධ්කරණයට කැඳවීම
Astonish ව ඉස්කොලේ ශේෂ්ඨාධ්කරණයට
කැඳවිම
කියුවම
ඔයාලට
විකාරයි වගෙ
නේද
අහන්නත් දෙයක්ද
නෙහ්
ඉස්කෝල
වල
කොහෙද
ශේෂ්ඨාධ්කරණ. හැබැයි astonish ගේ ඉස්කෝලේ එහෙම
එකක් තිබ්බ එ වෙන කොහෙවත් නිමි පුස්තකාලය J . astonish ගේ සෙට් එක පුස්තකාලයට කියන්නෙ
එ නම. ඉන්නකෝ astonish ගේ සෙට් එක
මං ඔයාලට හදුන්වා දෙන්න. සු, විදු,
ධනු , නිෂු ඕක තමයි වැඩිමල් පිලිවෙල
(උපත ලැබු මාස පිලිවෙලට). astonish තමයි
සෙට් එකේ වැඩිමල්ම එ වුනාට පොඩිම එකාත් astonish තමයි.
J
මේ සිද්දිය
වෙන්නේ ඉතින් අපි සෙට් එක 13 දි. AL ක්ලාස්
වල වෙන උන් බැලුවොත් ශේෂ්ඨාධ්කරණය අතුලේ එත් අපි වෙනස් එ නිසා අපි ශේෂ්ඨාධ්කරණයට යන්නෙම
නෑ . වැරදිලවත් ගියානම් එ ධනු බලෙන් ඇදන් ගියොත් තමයි එ යන්නෙත්
දවසේ ලග්න පලාපල බලන්න නැත්තං ඉන්න කම්මැලිම නම් ශේෂ්ඨාධ්කරණයට ගිහින් ෆෑන් එක දාන්
නිදා ගන්නවා. එ යන්නෙත් AL ක්ලස්
වල අපි ඇර වෙන අය නැත්තන් තමයි.
අපි සෙට්
එකට ඉස්කෝලේ රෙජිස්ටර් කරපු නමක් තිබ්බා එ තමයි KBS (තේරුම
හිතාගන්නකෝ ) ඉතින් KBS ලා ශේෂ්ඨාධ්කරණයට
නොයන්න හේතුත් ගොඩාක් තිබ්බා
1. ශේෂ්ඨාධ්කරණයට ගිහින් කරන්න දෙයක් අපට
තිබ්බේ නෑ.
2. ශේෂ්ඨාධ්කරණය ඇතුලේ වෙන AL
clz වල එවුන් ඇවිත් කරන ඒවට අපේ කැමත්තක් තිබ්බේ නෑ,(අපි තවම පොඩි අනික අපේ සෙට් එකේ අය නොමඟ යන්න පුලුවන් විශේෂයෙන්ම මේ astonish
වගේ පොඩි එක්කෙනෙක්වJ)
3. ශේෂ්ඨාධ්කරණයට එන යන සමහරු අපට දිරේව්වේ
නෑ.
4. කේලම් වලට හසු වෙන නිසා.
ඕන්න ඕහ්
හේතූ කාරනා මත KBS ල ශේෂ්ඨාධ්කරණයට යන්නෑ. අමුතුවෙන් කියන්න ඕන නෑනේ AL ක්ලස් වල වැඩිපුර
ලව් සීන් තියෙනවා නෙහ්. මේකත් ඒ වගේ එකක්. AL ක්ලස් වල කෙල්ලෙක් කොල්ලෙක් ට ලියපු ලව් ලෙටර් එකක් අපේ සෙට් එකේ එක්කෙනෙක්ට
මාට්ටු වෙලා, අපි අතර රහස් කියල ජාතියක් ඇත්තෙම නෑ ඉතින් අදටත්
එක එහේමයි. මාට්ටු උන අපේ කෙනාට ඉතින් සිහියක් සන්නයක් නෑලූ
ඕක අපට කියනකන්. මට්ටු උන කෙනාට කොටින්ම හිතාගන්න බෑරි වුනාලු
ලිවුමේ අයිති කාරයයි කාරියි දැන ගත්තම.
Advertisement : මේ මේ වැඩියේ හිතන්න එපා ලිවුම astonish ලියපු එකක් නිමි හැබැයි
astonish ගේ සම්බන්ධයක් තියේ මොක්කද කියල බලන්න දිගටම කියවමු නෙහ්
Hint : ලියුම කෙල්ලෙක් කොල්ලෙක්ට ලියපු
එකක්
ඕන්න එක්කතරා
පෞද්ගලික අධ්යාපනික ආයතනයකට මේ ලියුම කියවපු අපේ සෙට්
එකේ හිතාදරියි තව හිතාදරියෙකුයි astonish යි හවස් වරුවේ සෙට්
වෙනවලූ, ඒ ආයතනයේ තියේ ලෝකූ ගහාක් ගහේ නම අහන්න එපා දන්නෑ.ඒ ගහා යටට ගියාම මාර කූල්, ඕන්න ඉතින් අපේ සෙට්
එකේ කෙනා ලියුමේ තිබ්බ ඒවා එක එක හිමීන් සැරේ දිග අරිනව එයා ලියුමේ තිබ්බ ඒවා කියද්දි
astonish සහා අනිත් සගයයි උඩ පැන පැන හීනා වෙනවලු (ලිවුමේ තියෙන ඒවා කියවද්දි ඉස්කෝලේ හිටියනම් පැල් බැඳන් හීනාවෙන්න තිබ්බා
කිය කියා,)ඒ මොකද දන්නවද සෙට් එකටම පිලිලක් වුන ඇණයක් astonish ගෙන් ගැල වීම.
ඔයාලා හිතනව ඇති astonish ට ඇණයක් වුන එකක්
නම් ගැල වෙන්න යන්නේ අනිත් අය මොකටද සතුටු
වෙන්නේ කියල නෙහ්. ඒ අපේ සෙට් එකේ අනන්යතාව, අනිත් සෙට් වලට වඩා අපි සෙට් ඒක වෙනස් වෙන
තැනක් තමයි ඒ, අපේ කාට කවුරු වැරැද්දක් හරි බැන්නොත් හරි එක
සෙට් ඒකටම බැන්නා වගෙ තමා අනික බැන්න කෙනා සෙට් එකේ පොදු හතුරෙක් වෙනවා ඉතින් කවුද කැමති ප්රිෆෙක්ට්ලා 5 කගේ පොදු හතුරේක් වෙන්න කවුරුත්ම
නෑ. J
ලිවුමේ තිබ්බ
එවටයි ඒකට අදාළ අය ගැනයි කියව කියව එදා දවස පට්ටම හැපී විදියට ගෙවිලා ගියාලු. ඒදා පාරේ එද්දිත් අර ලියුමට අදාළ අයගේ ලමයින්ගේ ස්කින් කල්ර් එක පවා
astonish යි අනිත් සගයායි කියව කියව මාර හැපී එකේ පාරේ පිස්සු නට
නට ආවේ. .ඊලඟ දවසේ ඉස්කෝලේ ගිහින් රස කර කර අනිත් දෙන්නට මේක
කියනකන් ඉවසිල්ලක් නෑ.
ඊළඟ දවසේ
astonish ඉස්කෝලෙට එන්නත් කලින්ම ලියුම කියවපු අපේ හිතාදරි අනිත්
දෙන්නට මේ සීන් එක ලාවට කලාවට කනේ තියාලා. එදා දවසේ අන්තිම
පිරියඩ් දෙකේ ගුරු රැස් වීමක් ඉතින් අපිව පන්ති බලාගන්න කියලා announce කරා. අපි ඉතින් සුපුරුදු පුරුදු ලීලාවෙන් වැඩි
කලබලයක් නැතුව කැන්ටීන් ඒක තියෙන තැනම තියේද කියල බලලා,කැන්ටීන්
එකටත් ගොඩ වැදිලා පංති බලා ගන්න ගියා. ඔය අතරේ අපේ කෙනෙක්
අර ලියුමට අදාළ බෝයි ගෙන් සීන් එක අහලා. වැඩේ අතේ පත්තු උන
පාර බෝයි අදාළ ග්ර්ල් ට කියල. ඕන්න දැන් KBS කේලමකට මැදි වෙලා, අදාළ ගෑණු ලමයා අපේ සෙට් එක්කෙනෙක්ගෙවත්
මූණ බලන්නෑ. සීන් එක බෝයි ගෙන් අහපු අපේ සෙට් එකේ කෙනාට සම්පූර්ණ
වැරැද්ද පටවන්න හදන්නෙ අදාළ අය අත පිහදා ගන්න හැදුවට ඒහේම ලේසියෙන් අපේ එක්කෙනෙක්ට
වැරද්දක් කියන්න දෙන්නෑ අපි. අදාළ අය එහෙම ලියුමක් ගැන පිලිගන්නෙම
නෑ. හැබැයි අපට වටින් ගොඩින් කට්ටිය අවිත් කියුවා ඒක අත්තක්
කියලා.
ඕන්න ඕක
සිද්ධ වුන කාල සීමාවේ එක දවසක astonish එක්ක කතා කරන්න ඕන කියල
astonish ක්ලාස් එකට අඩිය තියද්දිම අර ලියුමට අදාළ ග්ර්ල් කිව්වා.
කිව්ව විදිය නම් එච්චර දිරෙව්වේ නෑ හැමෝම මැජික් එකක් වගේ බලන් හිටියා
අහ් astonish නිකන් චැලෙන්ජ් කරා වගේ. අපේ අය ලගට ආපු පාර එයා ශේප් වෙලා ගියා,
ධනු: මොකෝ බං ඒ
Astonish : කවුරු දන්නවද බං මොකක් උනත් මාරාලයක් සෙට් වෙන්න වගෙ යන්නෙ නෙහ්
නිෂු : මැස්සෙක් ගිය උඩ, හරි වැඩක් නෙහ් බං උන්ට ලියුන්
ලියන්න හොදයි අපට කියන්න හොද නෑ,
Subscribe to:
Posts (Atom)





