Showing posts with label best. Show all posts
Showing posts with label best. Show all posts

Saturday, August 29, 2015

Astonish ව ඉස්කොලේ ශේෂ්ඨාධ්කරණයට කැඳවීම


Astonish ව ඉස්කොලේ ශේෂ්ඨාධ්කරණයට කැඳවිම කියුවම ඔයාලට විකාරයි වගෙ නේද අහන්නත් දෙයක්ද නෙහ් ඉස්කෝල වල කොහෙද ශේෂ්ඨාධ්කර. හැබැයි astonish ගේ ඉස්කෝලේ එහෙම එකක් තිබ්බ එ වෙන කොහෙවත් නිමි පුස්තකාලය J . astonish ගේ සෙට් එක පුස්තකාලයට කියන්නෙ එ නම. ඉන්නකෝ astonish ගේ සෙට් එක මං ඔයාලට හදුන්වා දෙන්න. සු, විදු, ධනු , නිෂු ඕක තමයි වැඩිමල් පිලිවෙල (උපත ලැබු මාස පිලිවෙලට). astonish තමයි සෙට් එකේ වැඩිමල්ම එ වුනාට පොඩිම එකාත් astonish තමයි. J
මේ සිද්දිය වෙන්නේ ඉතින් අපි සෙට් එක 13 දි. AL ක්ලාස් වල වෙන උන් බැලුවොත් ශේෂ්ඨාධ්කරණය අතුලේ එත් අපි වෙනස් එ නිසා අපි ශේෂ්ඨාධ්කරණයට යන්නෙම නෑ . වැරදිලවත් ගියානම් එ ධනු බලෙන් ඇදන් ගියොත් තමයි එ යන්නෙත් දවසේ ලග්න පලාපල බලන්න නැත්තං ඉන්න කම්මැලිම නම් ශේෂ්ඨාධ්කරණයට ගිහින් ෆෑන් එක දාන් නිදා ගන්නවා. එ යන්නෙත් AL ක්ලස් වල අපි ඇර වෙන අය නැත්තන් තමයි.
අපි සෙට් එකට ඉස්කෝලේ රෙජිස්ටර් කරපු නමක් තිබ්බා එ තමයි KBS (තේරුම හිතාගන්නකෝ ) ඉතින් KBS ලා ශේෂ්ඨාධ්කරණයට නොයන්න හේතුත්  ගොඩාක් තිබ්බා
1. ශේෂ්ඨාධ්කරණයට ගිහින් කරන්න දෙයක් අපට තිබ්බේ නෑ.
2. ශේෂ්ඨාධ්කරණය ඇතුලේ වෙන AL clz වල එවුන් ඇවිත් කරන ඒවට අපේ කැමත්තක් තිබ්බේ නෑ,(අපි තවම පොඩි අනික අපේ සෙට් එකේ අය නොමඟ යන්න පුලුවන් විශේෂයෙන්ම මේ astonish වගේ පොඩි එක්කෙනෙක්වJ)
3. ශේෂ්ඨාධ්කරණයට එන යන සමහරු අපට දිරේව්වේ නෑ.
4. කේලම් වලට හසු වෙන නිසා.
ඕන්න ඕහ් හේතූ කාරනා මත KBS ල ශේෂ්ඨාධ්කරණයට යන්නෑ. අමුතුවෙන් කියන්න ඕන නෑනේ AL ක්ලස් වල වැඩිපුර ලව් සීන් තියෙනවා නෙහ්. මේකත් ඒ වගේ එකක්. AL ක්ලස් වල කෙල්ලෙක් කොල්ලෙක් ට ලියපු ලව් ලෙටර් එකක් අපේ සෙට් එකේ එක්කෙනෙක්ට මාට්ටු වෙලා, අපි අතර රහස් කියල ජාතියක් ඇත්තෙම නෑ ඉතින් අදටත් එක එහේමයි. මාට්ටු උන අපේ කෙනාට ඉතින් සිහියක් සන්නයක් නෑලූ ඕක අපට කියනකන්. මට්ටු උන කෙනාට කොටින්ම හිතාගන්න බෑරි වුනාලු ලිවුමේ අයිති කාරයයි කාරියි දැන ගත්තම.
Advertisement : මේ මේ වැඩියේ හිතන්න එපා  ලිවුම  astonish ලියපු එකක් නිමි හැබැයි astonish ගේ සම්බන්ධයක් තියේ මොක්කද කියල බලන්න දිගටම කියවමු නෙහ්

Hint : ලියුම කෙල්ලෙක් කොල්ලෙක්ට ලියපු එකක්

ඕන්න එක්කතරා පෞද්ගලික අධ්යාපනික ආයතනයකට මේ ලියුම කියවපු අපේ සෙට් එකේ හිතාදරියි තව හිතාදරියෙකුයි astonish යි හවස් වරුවේ සෙට් වෙනවලූ, ඒ ආයතනයේ තියේ ලෝකූ ගහාක් ගහේ නම අහන්න එපා දන්නෑ.ඒ ගහා යටට ගියාම මාර කූල්, ඕන්න ඉතින් අපේ සෙට් එකේ කෙනා ලියුමේ තිබ්බ ඒවා එක එක හිමීන් සැරේ දිග අරිනව එයා ලියුමේ තිබ්බ ඒවා කියද්දි astonish සහා අනිත් සගයයි  උඩ පැන පැන හීනා වෙනවලු (ලිවුමේ තියෙන ඒවා කියවද්දි ඉස්කෝලේ හිටියනම් පැල් බැඳන් හීනාවෙන්න තිබ්බා කිය කියා,)ඒ මොකද දන්නවද සෙට් එකටම පිලිලක් වුන ඇණයක්  astonish ගෙන් ගැල වීම. ඔයාලා හිතනව ඇති astonish ට ඇණයක් වුන එකක් නම් ගැල වෙන්න යන්නේ  අනිත් අය මොකටද සතුටු වෙන්නේ කියල නෙහ්. ඒ අපේ සෙට් එකේ අනන්යතාව, අනිත් සෙට් වලට වඩා අපි සෙට් ඒක වෙනස් වෙන තැනක් තමයි ඒ, අපේ කාට කවුරු වැරැද්දක් හරි බැන්නොත් හරි එක සෙට් ඒකටම බැන්නා වගෙ තමා අනික බැන්න කෙනා සෙට් එකේ පොදු හතුරෙක්  වෙනවා ඉතින් කවුද කැමති ප්රිෆෙක්ට්ලා 5 කගේ පොදු හතුරේක් වෙන්න කවුරුත්ම නෑ. J
ලිවුමේ තිබ්බ එවටයි ඒකට අදාළ අය ගැනයි කියව කියව එදා දවස පට්ටම හැපී විදියට ගෙවිලා ගියාලු. ඒදා පාරේ එද්දිත් අර ලියුමට අදාළ අයගේ ලමයින්ගේ ස්කින් කල්ර් එක පවා astonish යි අනිත් සගයායි කියව කියව මාර හැපී එකේ පාරේ පිස්සු නට නට ආවේ. .ඊලඟ දවසේ ඉස්කෝලේ ගිහින් රස කර කර අනිත් දෙන්නට මේක කියනකන් ඉවසිල්ලක් නෑ.
ඊළඟ දවසේ astonish ඉස්කෝලෙට එන්නත් කලින්ම ලියුම කියවපු අපේ හිතාදරි අනිත් දෙන්නට මේ සීන් එක ලාවට කලාවට කනේ තියාලා. එදා දවසේ අන්තිම පිරියඩ් දෙකේ ගුරු රැස් වීමක් ඉතින් අපිව පන්ති බලාගන්න කියලා announce කරා. අපි ඉතින් සුපුරුදු පුරුදු ලීලාවෙන් වැඩි කලබලයක් නැතුව කැන්ටීන් ඒක තියෙන තැනම තියේද කියල බලලා,කැන්ටීන් එකටත් ගොඩ වැදිලා පංති බලා ගන්න ගියා. ඔය අතරේ අපේ කෙනෙක් අර ලියුමට අදාළ බෝයි ගෙන් සීන් එක අහලා. වැඩේ අතේ පත්තු උන පාර බෝයි අදාළ ග්ර්ල් ට කියල. ඕන්න දැන් KBS කේලමකට මැදි වෙලා, අදාළ ගෑණු ලමයා අපේ සෙට් එක්කෙනෙක්ගෙවත් මූණ බලන්නෑ. සීන් එක බෝයි ගෙන් අහපු අපේ සෙට් එකේ කෙනාට සම්පූර්ණ වැරැද්ද පටවන්න හදන්නෙ අදාළ අය අත පිහදා ගන්න හැදුවට ඒහේම ලේසියෙන් අපේ එක්කෙනෙක්ට වැරද්දක් කියන්න දෙන්නෑ අපි. අදාළ අය එහෙම ලියුමක් ගැන පිලිගන්නෙම නෑ. හැබැයි අපට වටින් ගොඩින් කට්ටිය අවිත් කියුවා ඒක අත්තක් කියලා.
ඕන්න ඕක සිද්ධ වුන කාල සීමාවේ එක දවසක astonish එක්ක කතා කරන්න ඕන කියල astonish ක්ලාස් එකට අඩිය තියද්දිම අර ලියුමට අදාළ ග්ර්ල් කිව්වා. කිව්ව විදිය නම් එච්චර දිරෙව්වේ නෑ හැමෝම මැජික් එකක් වගේ බලන් හිටියා අහ් astonish නිකන් චැලෙන්ජ් කරා වගේ. අපේ අය ලගට ආපු පාර එයා ශේප් වෙලා ගියා,

ධනු: මොකෝ බං ඒ
Astonish : කවුරු දන්නවද  බං මොකක් උනත් මාරාලයක් සෙට් වෙන්න වගෙ යන්නෙ නෙහ්
නිෂු : මැස්සෙක් ගිය උඩ, හරි වැඩක් නෙහ් බං උන්ට ලියුන් ලියන්න හොදයි අපට කියන්න හොද නෑ,