Showing posts with label dreams. Show all posts
Showing posts with label dreams. Show all posts

Sunday, May 14, 2017

සිහින

සිහින කියන්නෙ ඇත්තටම හිතේ තියෙන දෙයක් රෑට පේන එකමද ? නැත්තම් ඊට එහා දෙයක් ඒ තුල තියෙවද යන්න කියන්න දන්නේ නම් නෑ ඇස්ටොනිශ්.හැබැයි කාලේක ඉදන් දකින හීන වල තෙරුම හොයන පිස්සුවක් නම් තිබ්බා.ඇස්ටොනිශ් දැක්කොත් දකින්නේ අලි, සිංහලයන්, නයි වගේ සත්තු ඇරුනම එලියන්ස්ලව තමයි. ඒ කාලේ එලියන් කෙනෙක් ඇවිත් උස්සන් යනකන් බලන් ඉදලම ඇති වෙලා දැන් ජොබ් එකත් එක්ක මරලා වගේ ආපු ගමන් නිදි හීන පෙන්නෙත් නෑ වැඩියේ. http://www.dreammoods.com/ මෙන්න මේ සයිට් එකේ තියේ දකින හීනේ තියෙන සිම්බල් එක අනුව ඒ හීනේ තෙරුම ගැන දළ අදහසක් ගන්න පුලුවන්. කොහොම උනත් දකින හීන වලින් ඇත්තටම තෙරුමක් තියේ. ඒවා  අපේ ජීවන රටාව අනුව ගලප ගන්න ඕණ. රෑට දකින හීන හීනයක් කියලම ඇත ඇරලා දාන්න එපා. මං මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නම්කෝ,

Monday, December 14, 2015

හීනෙකින්වත් කෑමක් නම් අතරින්නෑ


අන්තිමට පොස්ට් එකක් දැම්මේ කවදද?කියලත් මතක නෑ කාලේකින් පොස්ට් එකක් දැම්මේ නෑ කියල නම් මතකයි. පොස්ට් දාන්න අයිඩියා එද්දි මං කොම් එක ලඟ නෑ, කොම් එක ලඟට ආවම ලියන්න දෙයක් මතක් වෙන්නෑ. ඔය අතරේ තමයි මගේ බොක්ක ෆිට් එකක් දැක්ක හීනයක් මතක් උනේ. හීනේ දැක්කේ මගේ 1 වසරේ ඉදන් අද වෙනකන් ඉන්න යාළුවෙක් වෙන සූ. අපි ආදරේට එහෙමයි කතා කරන්නේ.

මේ හීනේ දැකලා තියෙන්නෙ නම් අපි ඒලෙවල් කාලේ.මෙන්න මේකයි හීනේ සවිස්තරාත්මකව ගත් කල,

වෙන ඉස්කෝල වල නම් කොහොමද දන්නෑ.  අපේ ඉස්කෝලේ  ප්‍රින්සිපල්ට වඩා ළමයි කැමති මුර කරන අංකල්ට. දවසක් අපි 5දෙනා ප්‍රින්සිපල් ගෙන් අහන්නැතුව මුර කරන අංකල්ට විතරක් කියලා පාරට ගිහින් අයිස් ක්‍රිම් කන්න. අපි ඉතින් රස කර කර කකා එද්දිම ප්‍රින්සිපල් එනවලු ඉස්සරහට ප්‍රින්සිපල් ඇහුවලු කාගෙන් අහලද එළියට ගියේ කියලා. ඊට පස්සේ අපි කියලා මුර කරන අංකල්ගෙන් අහලා ගියේ ඔයා කවුද ඔයාගෙන් අහල එළියට යන්න කියලා. හොඳ වෙලාවට එහෙම අහලා තියෙන්නෙ හීනෙන් ඇත්තටම ඇහුවන්ම් පස් දෙනාගෙම බැජ් ගලවනවා හැමෝම ඉස්සරහ උදේ රැස්වීමේදි මොකද අපි 5ම ප්‍රිෆෙක්ට් ලනේ.හොද වෙලාවට ඒක හීනයක්ම උනේ. 

Wednesday, October 14, 2015

තැපෑලෙන් ආ බත් එක.


හායි ඔයාලට කොහොමද? Astonish නම් එච්චර හොඳක් නෑ. එවැයින් වැඩක් නෑ මං අද හිතුව මගේ යාළුවෙක් දැකපු හීනයක් ලියන්න,මොකද කලිනුත් මං දැක්ක හීනයක් ගැන ලිවුවනෙහ්.මායි යළුවායි කියල වැඩි වෙනසක් නෑ එක අත්තේ වහන්නේ එකම ජාතියෙ කුරුල්ලෝ ලුනෙහ්. මං කලිනුත් කියලා ඇතිනෙහ් අපි අපේ දවසේ කාල සටහනෙන් කාලයක් වෙන් කරල තියේ කියලා අපි කලින් දවසෙ දැකපු හීන ගැන අහන්න.(මේපෝස්ට් එකම මුලින් කියවන කෙනෙක් ඉන්නවන්ම් පරණ පෝස්ට් කියවලම ඉන්න එක හොඳයි නැත්තන් බ්ලොග් එකේ ලියිවෙන ඒව විකාර වගේ හිතෙයි එකයි කිවුවේ.) එදත් ඉතින් දවල්ට කෑම කාලා හරි බැරි ගැහිලා සෙට් එකම ඉදගෙන ඉන්නවා කතාව අහන්න. ඕන්න එහෙන්ම් ඔයාලත් කියවන්නකෝ,

අපි සෙට් එකම එදා නිශුලගේ ගෙදර ගිහින් හිටියේ. කියන්නේ ඇස්ටොනිෂ්,සු,විදු,ධනු, ගියේ මොකටද කියලන්ම් එච්චර මිටර් නෑ.අපි ඉතින් පොතක් පතක් බලන්නවත් කියලා එහෙමට සෙට් වෙන ජාතියක් නිමි, කොහොමටත් 5 එක් තැන් කර ගන්නවා කියන්නෙ mission impossible තමයි. මොකද ඇස්ටොනිෂ්ට කෑළේ නිදහස තිබ්බට අනිත් අයට පර්මිෂන් ගන්න ඕණ, අම්මා තාත්තගෙන් විතරක්ම නිමිනෙහ් ඉතින්(යු නො වට් අයි මීන්). නිෂු ලගේ ගෙදර තියේ ඇහැළ ගයක් එච්චර ලොකුත් නෑ පොඩිත් නෑ වගේ හැබෑයි ගහේ මල් පිපිනෙවා. අපි 5 ඉතින් කයිය ගගහා ඉන්න අතරේ පියුම් මාමා කෙනෙක් ආවා සාමාන්‍යයෙන් තැපෑලෙන් එන්නෙ ලියුම් නේ හැබෑයි එදා ආවේ වෙන දෙයක් හිතා ගන්න පුළුවන්ද මොක්කද ආවේ කියලා. බෑ නේ මංම කියන්න්ම්කෝබත්එකක්
අපට තැපෑලෙන් ආවේ බත් එකක්.   ඒ බත් එකේ තිබ්බේ සුදු බතුයි,සොයාම්ටුයි, පරිප්පුයි, ඉස්සෝ 5යි හරියටම. මොකද එක ඉස්සෙක් හරි වැඩියෙන් හිටියොත් එ ඉස්සා සුනාමිට අහු උනා හා සමානයි ඉතින් ඉස්සත් පව් අපි ඊට වඩා පව්. අනික ලොකූ ඉස්සට පොර කන්නේ තුන් වැනි ලෝක යුද්ධයට පුරුදු වෙනවා වගේනේ. බත් එක බෙදුවේ කවුරු උනත් 5 ම ගැන දන්න නිසාම තමයි එහෙම කරන්නේ. ඇත්තම කිවුවොත් ඇස්ටොනිෂ් කරන්නෙම අනිත් අය අනපු බත් ශේප්  එකෙ අරන් කන එක මොකද ඇස්ටොනිෂ් අනන බත් ඇස්ටොනිෂ්ටම රස නැති නිසා.මොනා වුනත් 5 එක්ක කද්දි නම් රස බල බල කන්න ගියොත් කන්න වෙන්නෑ ලොවෙත්. ඉතින් අපි 5 තැපෑලෙන් ආපු බත් එක ලියහගෙන ඇහැළ ගහ යටට වෙලා රස කර කර කෑවළු. බත් එක කොහෙන්ද ආවේ කවුද එවුවේ කියලා හොයල බලන කැත පුරුදු නෑ පුතේ.  

ඕන්න ඕක තමයි නිෂු දැකපූ හීනේ. දැන් තෙරෙන්න ඇතිනේ අපේ හිත වල වැඩියෙන්ම තියෙන්නෙ මොනාද කියලා. වෙන අය රොමෑන්ටික් හීන බලද්දි අපේ අයට පෙන්නෙ ඔය මං කිව්ව වගේ කාටවත් කියන්න බැරි කවුරුවත් අහන් ඉන්න අකමැති විකාර ජාතියේ හීන. මං දැක්ක සමහර හීන සු දැක්ක සමහර හීන හැබෑ වෙලා තියේයි. මේ හීනේ නම් හීනයක්ම වුනා. අපි වැඩි පුරම කරේ කාපු එකනේ ඉස්කෝලේ කාලේදි ඉතින් හිනෙන් පවා අපි 5 එකට කන එක අරුමයක් නිමි. ඉස්කෝලේ කාලේදී ආසම කෑම AL ක්ලාස් අල ජාතික ආහාරය වෙලා තිබ්බේ එලවළු බතුයි මදර්ස් එකෙන් හදන බයිට් එකයි එකට දාන් කන එක. හම්මේ මතක් කරද්දීත් මොක්කද වගේ. ඒ තරමට ඒක මාර් ටේස්ටි.

අදට ඒහෙනන් හීනේ ඉවරයි ආයේ හීනයක් අරන් එන්නම්, හීන ගිගා බයිට් ගානක ස්ටොක් එකක් තියේ දැකපු.
Bye for Now until then take care! Sweet dreams. 

Saturday, August 29, 2015

Dreams of Astonish part ~I~(ගංවතුර)



සාමාන්යයෙන් හීන පේනවා නෙහ් අපි කාටත් ඉතින් Astonish ටත් ඒක පොදුයි. හැබැයි Astonish පෙන්නෙ මහා අමුතූ ජාතියේ හීන, වගේ අමුතු ජාතියේ හීන වලින් එකක් ගැන තමයි අද පොස්ට් එකෙන් කියන්න හිතුවේ. සමහරුනම් දැනටමත් Astonish දැකලා තියෙන හීන ගැන දන්නවා අය අතර Astonish ගේ අති ජාත KBS , දෙවනි අයියා , තව Astonish ගේ ෆිට්ම දෙතුන් දෙනෙක් වගේ දන්නවා. අමුතූ හීන පෙන්නේ Astonish විතරක්ම නිමි සෙට් එකේ අනිත් අයටත් ජාතියෙම හීන තමයි පේන්නේ. දකින හීන වල කිසිම තෙරුමක් නෑ ඒත් දකින සමහර ඒවා හැබෑවටම වෙන අවස්ථාත් තිබිණ. මේත් වගේ හීනයක්. Astonish ගේ අක්කා නම් Astonish හීනයක් දැක්කා කිව්වොත් කේලින්ම කියන්නෙඅනෙහ් මට කියන්න එන්න එපා තමුසෙගේ විකාර හීනඕන්න ඔහොම.