Sunday, January 29, 2017

පොඩි කෙල්ලේ

පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.


අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...

Friday, January 13, 2017

MJ's Thought



හීන දකින්න ඕනනම් නිදාගන්න
ඕණ නින්ද යන්න ඕණ
ඒත්
නින්දත් හීනයක්ම වුනාම දැනෙන හැඟීම
එක අත් නොවිය යුතුම
මූසල හැඟීමක් අත්දැකීමෙන් සළුතයි


 

Thursday, January 12, 2017

Letter to future


අනාගතය,
උඹ මාත් එක්ක කරන්න හදනසෙල්ලම
දැන් දැන් මට තේරෙනවා
මොකද,

වර්තමානය,
 මට හිමින් හිමින් ඉඟි දෙනවා උඹ ගැන 

ඇස් දෙකේ මායම









මතක ඇතුව ලියපන් උඹත්ඒ ඇස් දෙකේ මායමමමත් කවි ලිව්වේඒ ඇස් දෙකටදැන්උඹේ වාරයමට වඩා ගලපහන් පදනැත්තම් උඹටත් මගේම සෙත….