Friday, October 30, 2015

They still together_04


ඒයි එයියි අර බලන්වකෝ සීන් එක.එක පාරට බලන්න එපා ඉතින් මෝඩයා වගේ හිමිට බලනවා.
එහෙනම් දෙපාරට බලන්නද? මොකක්ද බුතස් මට මුකුත් පෙන්නේනෑනෙහ්
40 ඇදිරියද?
අන අර ටේබල් එක දිහා බලන්න කිවුවේ. අපේ ලෙක්චර් නේද කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද ඉන්නේ.
ආආ ඒකද ඒයාගෙ සෙට් එකෙ එයා ඉන්නැතුව උඹ එක්ක ඉන්න කියල මං කියන්නද  එහෙනං
එර්ර්ර් ඊරියේ ලෙක්චර් කෙනෙක් එහෙම ඉන්නවද කිසිම ඩිමාන්ඩ් එකක් නෑ නෙහ්හ් එතකට.
ඉතින් එයා ලෙක්චර් කෙනෙක් කියලා කවුද උඹට කිවුවේ?
එහෙන්ම් අද අපට ලෙක්චර් කරේ එයා නිමිද එතකට ?
එයා තමයි. උඹ මොකටද ඔය ගැන ඔච්චර් අහන්නෙ කියපං බලන්න මට ඔක්කොටම කලින් ඒක දැන ගන්න ඕණ.
ඇරිස්ටොටල් කියලා තියෙනව අහලා නැද්ද? තමන්ට දෙයක් උගන්නන කෙනාට සම්බන්ධයෙන් තියෙන සුදුසු කම් ගැන හොයල බලන්න කියලා. කොහේද ඉතින් එව්වා දන්නේ මොලේ රැලි නෑනේ.
එතකට උඹ ඩේටින් විත් ඇරිස්ටොටල් ? යකෝ සිරානෙහ්හ් පට්ට ඉතින් ඉතින් මොනාද වෙන්නෙ කියපංකෝ
තොට පිස්සුද යකෝ…  උඹ හම්බේලා මට තව පැය 24 ක් ගියේ නෑ. දැනටම මට මහන්සියි උඹ එක්ක ඉන්දලා. තව අවුරුදු 2ක් උඹම එක්ක ඉන්නවද නැද්ද කියලා වහාම හිතන්න ගන්න ඕණ.
මං එහෙම කිවුවා විතරයි අකංෂා ගේ මූණ බලන් ඉන්දැද්දි මැල වුනා. එයා හිටියේ අඩන්න ඕන්න මේන්න වගේ. ශී මගේ කටට එන පලියට ස්කෑන් නොකරම එළියට දානවනෙ. දැන් ඉතින් මොනා කියලා කර ගන්නද ? දැන් ඉතින් මේකාව ශේප් කරගන්න එපැයි එපා එකටයි ඕණ කටයි දෙකටම ඉන්නේ මෙච්චරයි නේ.
ඒ තරහද සොරි ඩියර් මං එච්චර හිතල නිමි කිවුවේ හොදේ .
අකංෂා මූකුත්ම කතා කරේ නැතුව ඔහේ කෑම එකකකා හිටියා. මං මෙහේ පණ දාගෙන ටෝක් කරනවා.
යකූ කෑම එක කතා කරත් මේකි කතා කරන්නෑනේ.
කිවුවා පාර නම් අකංෂා ට හිනා ගියා.
අපෝ මගේ දැහැණ කෑවා, මං මේ ටිකක් ටකරං සද්දෙන් මිදිලා ඉන්න හැදුව විතරයි,
අපි දෙන්නම ඉතින් කියව කියව හිටියා. ටිකක් හයියෙන් හිනා වුනාද මංදා හැමෝම අපි දිහා බැලුවා. ඒ එක්කම සිනියර් අක්කාලා සෙට් එකක් ආවා අපි ලඟට.
ඔය දෙන්නාගේ ඔච්චර සද්දේ මොකක්ද?
එතකටම මං කිවුවේ.
ඩිෆොල්ට් වොලියුම් අක්කේ

Wednesday, October 28, 2015

අපේ බෝට්ටු සවාරිය


 ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු 3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක් මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින් හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත් කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ “අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා. මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.

දින ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත් දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල් කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල් කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර්  කරේ.
ඕන්න ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට් කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා. නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින් යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි  මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ ගහා පේන මානේ ”
“මං තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“ ඉක්මණට එනවා හොදේ බායි”
Astonish තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ කෑල්ලනේ බං ”
කියලා. කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ කියලා. අපේ  අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“ ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන් වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්.  ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල් අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින් මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා, සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක් දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ සින්දු කිවුවා නැටුවා. Astonish ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත් බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…






Sunday, October 25, 2015

මඟ කියා දුන් අය,





ඔන්න ඉතින්  Astonish ගේ වසර මැද වාර විභාගයේදි වුන සංසිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. Astonish කියන්නෙ මොන සබ්ජෙක්ට් එක කොපි කරත් ICT කොපි කරන කෙනෙක් නිමි මොකද අනිත් අය ICT කොපි කරන්නේ Astonish ගෙන්. එතකට නම් මාර කික් එකක් තියෙන්නෙ මොකද එක එක්කෙනා මාව තමන් ලගින් වාඩි කර ගන්න පොර කනවනේ. මං ඉන්න තැන ඉඳලා ඉස්සරහටම ස්ටේපර් එකේ හන්ගලා යවල තියෙනවා උත්තර.එහෙම උත්තර යවන එකෙයි මගෙන් අහන එවට දන්න විදිනයට බොරු නැතුව උත්තර දෙන එකේ අමුතුම සතුටක් මං වින්දා. විභාගෙට කලින් දවසේ සපත්තු දෙක හෙදුවේත් ටිකක් හවස් වෙලා ගෙදරින් බර බරේ ඉතින් හෙට ඉස්කෝලේ යන්නෙ කොහොමද සපත්තු වේලුනේ නැති වුනොත් හෙට නොයා ඉන්න කරන වැඩක් ද ඔය අනම්මනම්  ගන් දෙමළ පත්තරයක් කියවන් යනවා වගේ කියවන්න ගත්තා. මං එතකට අල්ලපු ගෙදර අක්කටත් කිවුවේ අපෝ හෙට මගේ ආසම විෂය මං හෙට කොහොමත් යනවා කියල ඉස්කෝලේ.

විභාගෙට එන්නෙ මොන වගේ එවද කියන එකේ හින්ට් එකක් මටයි කලණටයි දර්ෂ ටයි සාමාන්‍යයෙන් සර් දෙනව. සමහර දාට සර් අපට බොරුත් කියනවා මොකද අපි 3 නා සබ්ජෙක්ට් එක ලියන්නෙ හැමදාම පාඩම් නොකර. කොහොම ලිවුවත් හැමදාම පංති 3න්ම පළවෙනියට හෝ දෙවනියට වැඩිම ලකුණු වලට Astonish බය නැතුව වග කියනවා. එදා ඉතින් කලින් වගේම තාක්ෂණික විශයන් කරන ළමයි කොටස් තුනම වෙන වෙනම තියලා පෙපර් ඒක බෙදන් ගියා. Astonish නතින් ලූ. ඉරි ගහන එක මුලින් ඉවර කරලා. මං ලියන පෙපර් එක ලියන්න ගත්තා විතරයි (DD/IN – ආදේශක නාමයන්) DD උත්තරයක් ඇහුවා ඉරි ගහන එකේ මං එක කියල ආයේ ඉස්සරහට හැරුන ගමන් ආයේම DD මට IN ගේ උත්තර ලියපු කොලේ දුන්නා ඒක එයාටම දෙන්න කියලා මොකද එයා හිටියේ මගෙ අනිත් පැත්තේ. කොලේ දෙන්න හම්බුන්නෑ අළුතෙන් ආපු මිස් කෙනෙක් (නාලිකා මිස්) ආවා. මොනා කරන්නද ඉතින් මං මගේ පෙපර් එක යටින් එ කොලේ තියා ගත්තා. මිස් පේළියෙන් පෙළියට බලන් ඇවිත් IN ලඟ නැවතිලා අහුවා කෝ ලියපු එක කියලා එයා කියුවේ දැන් මිස් ලියන්න ගත්තේ කියලා.

Thursday, October 22, 2015

මං වෙනස් වෙලා…


Astonish දැන් දැන් ආයේ බ්ලොග් ලියන්න කම්මැලි වෙලා. මදිවට හිතත් වෙන පැත්තකට ගිහින් ඊයේ පෙරේදා පන්සලකට ගිහින් ආවට පස්සේ. මං දන්නෑ හරියටම කියන්න ඒක වුනේ කොහොමද කියලා,හරිම පුදුම හැඟීමක් ඒක. මං ගමන් යන්න මුලින් කැමති වුනේම නෑ මොකද මං දන්න කවුරුත් නැති නිසා. අන්තිමට කොහොම කොහොම හරි මං ගියා හෙඩ් සෙට් එකෙයි -බුක්ස් ටිකෙයි පිහිටෙන් කාලේ යවා ගත්තා. තව බ්ලොග් එකේ ලියන්න ඕන කරන දේවල් ටිකක් හිත හිත ගියා ඉතින්. අතර මැද ස්ටේටස් එකකුත් දැන්ම ෆෙස් බුක් එකේ.

another boring trip with lots of unknown ppl 

while reading #ebooks.. 
errrr feeling hungry ...” පිස්සු නෙහ්


එත් ඉතින් එකම එක ස්ථනයකට යද්දි  Astonish වුන දේ තවම හිතා ගන්න බෑ. වැඩියේ ඕණ නෑ Astonish පන්සලට අඩිය තිබ්බ විතරයි අමුතුම හැඟීමකින් වෙලීලා ගියා.මොහොතකට මුළු ලෝකේම අමතක වුණා. මං විතරක්ම වගේ හිටියේ හරියට හිතට එහෙම දැනුනට ඇස් ඉස්සරහා මිනිස්සු ගොඩ ගැහිලා හිටියා. Astonish කියන්නේ වැඩියේ පන්සල් යන්න ආස නැති කෙනෙක් මොකද ගොඩක් පන්සල් බහු භාණ්ඩිකයි ක්‍රොන්කීට් වනාන්තර වගේ. ඒවට ගියම කිසිම හැඟීමක් එන්නැ ඕහේ මල් තියල පහන් පත්තු කරනව විතරමයි. අතරින් දළදා මාළිගාවයි, කළුතර බෝඩියට යන්නයි විතරමයි කැමති. වැඩියේ ජනාකීර්න තැන් වල තියෙන්නෙ බොරු ෂෝ එක විතරයි. අතරින් මෙතන වෙනස්ම වෙනස් මොකද මිනිස්සුත් හෝ ගාලා ඉන්නව එහෙම වෙලත් හිත නිවිලම යනවා.අන්න එක තමයි වුනේ ඇත්තටම නිකන් අමුතුම ලෝකේකට ගියා වගේ. බුදු හාමුදුරුවෝ හතර පැත්තෙන්ම බලා ගෙන ඉන්නවා වගේ අමුතුම ශාන්ත හැඟීමක් ඒක. මං බෞද්ධයෙක් වී ඉපදීම ගැන ඇත්තටම සතුටු හිතුනේ ගෙදර ආවට පස්සෙ මොකද එතන මං ගැවසුන විනාඩි ගානට තප්පර ගානට මං හිටියේ මේ ලෝකේ නිමි මගේ අපේ බුදු හමුදුරුවගේ ශ්‍රි පතුල් අභියස වගේ මට හැඟුනෙ. මං කොහොමත් කාලේක ඉන්දන්ම හිත දියුණු කර ගන්න ආසාවෙන් ගැන පිස්සුවෙන් වගේ හෙවුව කෙනෙක්, එතනදි මට මං හොයපු දේත් හම්බුනා. ඇත්තම කිවුවොත් එතනට යද්දිම මට මහණ දම් පුරන්න පවා ආසාවක් ආවා. තවම අදහස හිතේ හොල්මන් කරනව මං ගැන කීප දෙනෙකුට කිවුවත් එයාල ඒක මායිම් කරේ නෑ මොකද මගේ කටින් වගේ දෙයක් අහන්න කවුරුවත් බලාපොරොත්තුවෙන් නැතී නිසා. හැබෑයි මට මේ ලෝකේ හම්බුන හොඳම යාළුවෙක් කිවුවේ දෙමාපියනට මාව ඕණම කාලේ එහෙම තීරණයක් ගන්න එපා කියලා තවම මට 22 යි නෙ. එහෙමවත් අදහසක් ඉදිරිපත් නොකර මං ඇත්තටම කිවුව දේ විහිළුවට ගත්ත අය ගැන දුකයි ඉතින්. අනික මට එහෙම හැඟීමක් දැනුනේ හිත කළ කිරිලවත් මට කාත් කවුරුවත් නැති නිසා වගේ සාධක පදනම් කර ගෙන නිමි. අවංකවම හිතට දැනුන දේ තමයි මං කිව්වේ. මට ආස හිතුනා මුකුත් ප්‍රර්ශ්න  නෑ, බලාපොරොත්තු නෑ, හීන නෑ, සරළයි, සැහැල්ලුයි ජිවීතේ
මෙච්චර වෙලා මං කිවුවේ මහා මෙව්නාව නොහොත් පැලවත්ත පන්සල ගැන.

 වරක් නොව දෙවරකට වඩා වැඩි වරක් යාමට ආස හිතෙන සිත නිවෙන තැනක්