Showing posts with label school. Show all posts
Showing posts with label school. Show all posts

Thursday, April 14, 2016

සුන්දර බස් කතා

ගිම්මී අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන් ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ. ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p  ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග  කට කපලා එකයි.

ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.

Sunday, January 17, 2016

නංනං

ඔන්න එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන් නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ 6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.

Tuesday, January 12, 2016

ෆ්රුට් සැලඩ් හැදිල්ල.

ඔන්න ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්]. මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන් ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක් පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක් සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න ඇති.

Friday, January 1, 2016

රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්ද පටන් ගන්නකටම ලියන්න මතක වුනේ ඇස්ටොනිෂ්  සහ පාසල්  මිතුරියන් කල දඟ වැඩක්. තමයි අපේ ඉස්කෝලේ අළුතෙන් හදපු බිල්ඩින් සෙට් එකක්ම ඕපන් කරන උත්සවයක් තිබුනා. උත්සවේට ඉතින් මුළු ඉස්කෝලේම ලැස්ති වෙද්දි ඇස්ටොනිෂ්  හිටියා ආරාධිත අමුත්තන් පිළිගන්න මල් මාලා දාන්න. කොහොම හරි උත්සව දවසත් උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට 9 වසරේ හිටියේ පංතියේ සමහරක් සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින් මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු කරන් වටමය සාකච්ඡා යන අතරතුරම  සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා. අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා

Tuesday, December 22, 2015

ප්‍රිරිෆෙක්ට්ස්ලට බයත් නෑ ණයත් නෑ

අපි ඉස්කෝලේ යන කාලේ අපට පේන්න බැරි අය අතර හැමදාම ඉන්නේ අදි පණ්ඩිත ප්‍රිරිෆෙක්ට්ස්ලා ආයේ ඒකේ හොදන්න දෙයක් නෑනෙහ්. ඇස්ටොනිෂ්ටත් ඉතින් එහෙමම තමයි. ප්‍රිරිෆෙක්ට්ස්ලා හිතන්නේ එයාලා තරම් ඉස්කෝලේ පොරවල් නෑ කියලා අපි එයාලට බයේ ඉන්න ඕණ කියලා. ඒත් ඉතින් ප්‍රිරිෆෙක්ට්ස්ලාට විරුද්දව කවුරුත් කට ගහන් යනව අඩුයි ඒහෙම කරත් ගොඩ දෙනෙක්ට යටත් වෙන්නම වෙනව මොකද ඉතින් ඉස්කෝලේ විනය භාර මිස් හෝ සර් ඉන්නේ ප්‍රිරිෆෙක්ට්ස්ලාගේ පැත්තෙනෙ. උදේ රැස්වීම ඉවර වෙලා පේළියට යනකට ඉතින් කොට ගවුමුයි, බැජ් නැති අයවයි, පාට බූල් දාපු අයවයි අල්ලන්න ගත්තා ප්‍රිරිෆෙක්ට්ස්ලා වේලසනින් දැක්කනම් බොරුවට කලන්තෙ වගේ ඇක්ට් කරලා පංතියට යන්න තිබ්බා. ඒත් ඉතින් නෝ ටයිම් ඇස්ටොනිෂුයි තව ළමයෙකුයි හව් උනා බැජ් නෑ කියලා අළුත් ගවුම නිසා බැජ් නෑ මේ සීන් එක උනේ පළවෙනි වාරේ නිසා ගොඩක් අය බැජ් නැතුව අල්ලා ගත්තා. A එකේ නිවුන්නු දෙන්නයි ඒයාලගේ සෙට් එකේ තව ළමයෙකුයි හිටියා.ඇස්ටොනිෂ් ගේ ඉතින් වැඩියේ කතාබහක් නෑ එයාලා එක්ක ඒත් ඉතින් මේ වගේ වෙලාවකට අපි ඔක්කෝම එකට හිටියා මොනා උනත් එකම වසරවල අය නිසා. එතකට තමයි ඇස්ටොනිෂ්ගේ උකුසු එස් වලට හසු උනේ එතන හිටිය ප්‍රිරිෆෙක්ට්ස්ලා දෙන්නෙක් පාට පාට බූල් දාන් හිටියා. අපේ ඉස්කෝලේ පාට පාට බූල් දාන්න තහනම්

Friday, December 18, 2015

ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...


ඇස්ටොනිෂ් ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර් ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක් ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත් සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.

දර්ෂ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි. සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන් වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත් නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන් ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ. අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන් දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක් පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.

Wednesday, November 11, 2015

Astonish AL GIT පේපර් එක ලිවුව හැටි

හායි හුඟ දවසකින් Astonish ගෙ කතාවක් ලියන්නත් බැරි වුනා, මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. Astonish ඉතින් එයාගෙ වැඩ වගේ කරන්නේ අනිත් අයගෙම වැඩ නෙහ්. යාළුවෙක් ගෙ  වෙබ් project  හැදුවා, උනාට Astonish ගේ ෆයිනල් project  එකට  අතවත් තියලා නෑ තවම. එක්කම තමයි Astonish  ගෙ කසින් සිස්ටර් කෙනෙක් ආවේ එයාට AL GIT exam කියලා පාඩම් අහගන්න. Astonish සහ මේ කසින් සිස්ටර් සෙට් වුන දවසට ඉවරයි Astonish ගේ අක්කා කොටින්ම අපි දෙන්න එක්ක පාරෙ යන්නවත් කැමති නෑ විසේ කරනව කියලා පාරේ වෙලවට ඉතින් අම්මගෙන් අක්කා බැනුම් අහනව පොඩි වුන් දෙන්නට ඉන්න දෙන්න කියල. ඕණ්න ඉතින් Astonish පාඩම් පටන් ගන්නව සීන් එක කියන්නෙ Astonish සමහර සිංහල අමු වචන බෑ GIT වල, කසින් සිස්ටර්ට English වචන බෑ. ඇයි ඉතින් එයාලට කියල දීලා තියෙන්නෙ අමු සිංහලෙන් නෙ. Astonish ඉගෙන ගෙන තියෙන්නෙ එහෙම නිමිනේ. කොහොම කොහොම හරි කියල දුන්නා ඉතින්. ඔය අතරේ තමයි මතක් වුනෙ Astonish AL GIT exam එක ලිවුව හැටි. AL GIT exam එකට කලින් දවසක මං රෑ හිටියේ විදූ ලහා විදුටයි නිෂුටයි GIT කියලා දුන්නා. දවසත් මරූ දෙන්නට ෂෝට්නෝට් ගහන්න කියල Astonish දොයි. ඕන්න ඉතින්,
AL GIT exam දවසත් උදා වුනා කියමුකෝ. Astonish ඉතින් වඩ්ඩානේ “B” එකක් තියෙන්නේ උනාට,

Wednesday, October 28, 2015

අපේ බෝට්ටු සවාරිය


 ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු 3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක් මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින් හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත් කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ “අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා. මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.

දින ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත් දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල් කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල් කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර්  කරේ.
ඕන්න ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට් කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා. නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින් යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි  මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ ගහා පේන මානේ ”
“මං තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“ ඉක්මණට එනවා හොදේ බායි”
Astonish තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ කෑල්ලනේ බං ”
කියලා. කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ කියලා. අපේ  අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“ ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන් වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්.  ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල් අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින් මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා, සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක් දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ සින්දු කිවුවා නැටුවා. Astonish ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත් බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…






Wednesday, October 14, 2015

තැපෑලෙන් ආ බත් එක.


හායි ඔයාලට කොහොමද? Astonish නම් එච්චර හොඳක් නෑ. එවැයින් වැඩක් නෑ මං අද හිතුව මගේ යාළුවෙක් දැකපු හීනයක් ලියන්න,මොකද කලිනුත් මං දැක්ක හීනයක් ගැන ලිවුවනෙහ්.මායි යළුවායි කියල වැඩි වෙනසක් නෑ එක අත්තේ වහන්නේ එකම ජාතියෙ කුරුල්ලෝ ලුනෙහ්. මං කලිනුත් කියලා ඇතිනෙහ් අපි අපේ දවසේ කාල සටහනෙන් කාලයක් වෙන් කරල තියේ කියලා අපි කලින් දවසෙ දැකපු හීන ගැන අහන්න.(මේපෝස්ට් එකම මුලින් කියවන කෙනෙක් ඉන්නවන්ම් පරණ පෝස්ට් කියවලම ඉන්න එක හොඳයි නැත්තන් බ්ලොග් එකේ ලියිවෙන ඒව විකාර වගේ හිතෙයි එකයි කිවුවේ.) එදත් ඉතින් දවල්ට කෑම කාලා හරි බැරි ගැහිලා සෙට් එකම ඉදගෙන ඉන්නවා කතාව අහන්න. ඕන්න එහෙන්ම් ඔයාලත් කියවන්නකෝ,

අපි සෙට් එකම එදා නිශුලගේ ගෙදර ගිහින් හිටියේ. කියන්නේ ඇස්ටොනිෂ්,සු,විදු,ධනු, ගියේ මොකටද කියලන්ම් එච්චර මිටර් නෑ.අපි ඉතින් පොතක් පතක් බලන්නවත් කියලා එහෙමට සෙට් වෙන ජාතියක් නිමි, කොහොමටත් 5 එක් තැන් කර ගන්නවා කියන්නෙ mission impossible තමයි. මොකද ඇස්ටොනිෂ්ට කෑළේ නිදහස තිබ්බට අනිත් අයට පර්මිෂන් ගන්න ඕණ, අම්මා තාත්තගෙන් විතරක්ම නිමිනෙහ් ඉතින්(යු නො වට් අයි මීන්). නිෂු ලගේ ගෙදර තියේ ඇහැළ ගයක් එච්චර ලොකුත් නෑ පොඩිත් නෑ වගේ හැබෑයි ගහේ මල් පිපිනෙවා. අපි 5 ඉතින් කයිය ගගහා ඉන්න අතරේ පියුම් මාමා කෙනෙක් ආවා සාමාන්‍යයෙන් තැපෑලෙන් එන්නෙ ලියුම් නේ හැබෑයි එදා ආවේ වෙන දෙයක් හිතා ගන්න පුළුවන්ද මොක්කද ආවේ කියලා. බෑ නේ මංම කියන්න්ම්කෝබත්එකක්
අපට තැපෑලෙන් ආවේ බත් එකක්.   ඒ බත් එකේ තිබ්බේ සුදු බතුයි,සොයාම්ටුයි, පරිප්පුයි, ඉස්සෝ 5යි හරියටම. මොකද එක ඉස්සෙක් හරි වැඩියෙන් හිටියොත් එ ඉස්සා සුනාමිට අහු උනා හා සමානයි ඉතින් ඉස්සත් පව් අපි ඊට වඩා පව්. අනික ලොකූ ඉස්සට පොර කන්නේ තුන් වැනි ලෝක යුද්ධයට පුරුදු වෙනවා වගේනේ. බත් එක බෙදුවේ කවුරු උනත් 5 ම ගැන දන්න නිසාම තමයි එහෙම කරන්නේ. ඇත්තම කිවුවොත් ඇස්ටොනිෂ් කරන්නෙම අනිත් අය අනපු බත් ශේප්  එකෙ අරන් කන එක මොකද ඇස්ටොනිෂ් අනන බත් ඇස්ටොනිෂ්ටම රස නැති නිසා.මොනා වුනත් 5 එක්ක කද්දි නම් රස බල බල කන්න ගියොත් කන්න වෙන්නෑ ලොවෙත්. ඉතින් අපි 5 තැපෑලෙන් ආපු බත් එක ලියහගෙන ඇහැළ ගහ යටට වෙලා රස කර කර කෑවළු. බත් එක කොහෙන්ද ආවේ කවුද එවුවේ කියලා හොයල බලන කැත පුරුදු නෑ පුතේ.  

ඕන්න ඕක තමයි නිෂු දැකපූ හීනේ. දැන් තෙරෙන්න ඇතිනේ අපේ හිත වල වැඩියෙන්ම තියෙන්නෙ මොනාද කියලා. වෙන අය රොමෑන්ටික් හීන බලද්දි අපේ අයට පෙන්නෙ ඔය මං කිව්ව වගේ කාටවත් කියන්න බැරි කවුරුවත් අහන් ඉන්න අකමැති විකාර ජාතියේ හීන. මං දැක්ක සමහර හීන සු දැක්ක සමහර හීන හැබෑ වෙලා තියේයි. මේ හීනේ නම් හීනයක්ම වුනා. අපි වැඩි පුරම කරේ කාපු එකනේ ඉස්කෝලේ කාලේදි ඉතින් හිනෙන් පවා අපි 5 එකට කන එක අරුමයක් නිමි. ඉස්කෝලේ කාලේදී ආසම කෑම AL ක්ලාස් අල ජාතික ආහාරය වෙලා තිබ්බේ එලවළු බතුයි මදර්ස් එකෙන් හදන බයිට් එකයි එකට දාන් කන එක. හම්මේ මතක් කරද්දීත් මොක්කද වගේ. ඒ තරමට ඒක මාර් ටේස්ටි.

අදට ඒහෙනන් හීනේ ඉවරයි ආයේ හීනයක් අරන් එන්නම්, හීන ගිගා බයිට් ගානක ස්ටොක් එකක් තියේ දැකපු.
Bye for Now until then take care! Sweet dreams.