Monday, June 27, 2016

ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....


මම,නුඹට ආදරේ කලා...මම,නුඹට ආදරේ කරනවා...නුඹ,මට ආදරේ 

කලා...නුඹ,ඔහුට ආදරේ කරනවා...මම තවමත්........ වැඩක් 

නෑ.....දවසක් ඒවි... එදාට වැටහේවි.....ඒත් එදාට.......මම සමනල්ලු

ගාව පණිවිඩයක් තියන්නම්....එයාලා ඔයාට කියාවි......හැම 

දෙයක්ම......මං ගෙවපු මේ අමාරු දවස් ගැන....මං බලාගත්තු අත බලා 

ගෙන හිටපු හැටි....කවදාවත් තරහා නොගත්තු මට ඉක්මනට තරහ ගියපු

හැටි...හැමෝටම සතුටින් ඉන්න කියපු මම හොරෙන් ඉකි ගහපු 

හැටි....

හැම දේටම යාළුවන්ට කතා කරපු මම උන්ගෙන් දුරස් උන හැටි....

ඔයාගේ පිංතූර බල බල තනියෙන් හිනා උනු හැටි....මහ රෑට නින්දෙන් 

විකාර කියවපු හැටි...අතට ගත්තු කෑම කටට දාගන්නේ නැතුව නොකා 

හිටපු හැටි...ගෙදර මිනිස්සුන්ව දුරස් උන හැටි....මේ හැමදේම නිසා මට 

පිස්සු කියලා මාව කොන් කරද්දි මං හිටපු හැටි.....මාව දොස්තර 

මහත්තුරු බලලා මට පිස්සු කියලා කියද්දි මගේ හිත තවත් කඩන් වැටුනු

හැටි....

.පිස්සෙක් විදිහට බෙහෙත් බොන්න පටන් ගනිද්දි හිතට දැනුනු 

හැටි....අන්තිම දවස් වල හැම අතින්ම ලෙඩ වෙලා පිස්සෙක් වෙලා 

හංවඩු ගහද්දි මට මැරෙන්න හිතුනු හැටි....අන්තිමටම මං මැරුනු 

හැටි.....මැරෙද්දිත් මගේ හිතේ ඔයා හිටිය හැටි......සමනල්ලු විතරක්

මගේ ගාවින්ම හිටිය හැටි....


.ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....

.


.(ප.ලි - මෙහි සදහන් සමනළුන්ද ඔහුගේ හිතේ ඇදි මායාවක් බව 

වෛද්‍ය නිගමනයන් අනුව පැහැදිලි වේ... එනම් එයද ඔහුගේ සිතේ 

මැවුනු දෙයකි.... එනම් ඔහුට සමනලුන්ද මායාවකි...ඔහු ඔහුවම රවටා 

ගත්..)...-MJ-

MJ's poem stolen by Astonish




ඉකිබිඳ වැලපෙන පෙරදිග අහසට 



පාළු මකන තරුවක් වෙන්න...


.ආස හිතෙනවා සුන්දර ඔය හිත 


මගේ හිතේ හිර කරගන්න...


පෙරමන් බැලුවත් රදවා ගන්නට 


බැරිනම් හැමදාමත් ඉන්න...


.මගෙ හිත ඔබ අසලින්ම තබාගෙන


යන දවසක විසිකර යන්න...

. -MJ-