Showing posts with label life. Show all posts
Showing posts with label life. Show all posts

Sunday, January 24, 2016

නිදහස


නිදහස කියන්නේ  මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම උරුමකම් කියන්න පුළුවන් දෙයක්. මේ දේ ඕණවට වඩා දුන්නමත් ප්‍රශ්න නැති උනාමත් ප්‍රශ්න. නිදහස කියන්නේ ඇස්ටොනිෂ් පෞද්ගලිකවම මේ ලෝකෙන් ආසම දේ වගේම ඕණවට වඩා ඇස්ටොනිෂ්ට තියෙන එකම දේ කිව්වත් හරි. ළමයෙකුට ගෙදරින් නොදෙන විදියේ කැලෑ නිදහසක් බුක්ති විදින නිසාමද කොහේ පුංචී කාලේ ඉඳන්ම අද වෙනකන් තියෙන නිදහස දිගටම පවත්වන් යනව මිස නිදහසට අඹ මල් රේණුවක් තරම්වත් කඩ කිරිමක් කරන්න අකමැති නිසාවෙන් හුගාක් සැලසුම් සහගතව නිදහස පවත්වන් යනවා.

 ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ. අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි  මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ. ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි. නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට දෙන්නේ ඒකේ  සාධාරණත්වය පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන ඒක.

Sunday, January 17, 2016

නංනං

ඔන්න එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන් නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ 6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.

Sunday, October 25, 2015

මඟ කියා දුන් අය,





ඔන්න ඉතින්  Astonish ගේ වසර මැද වාර විභාගයේදි වුන සංසිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. Astonish කියන්නෙ මොන සබ්ජෙක්ට් එක කොපි කරත් ICT කොපි කරන කෙනෙක් නිමි මොකද අනිත් අය ICT කොපි කරන්නේ Astonish ගෙන්. එතකට නම් මාර කික් එකක් තියෙන්නෙ මොකද එක එක්කෙනා මාව තමන් ලගින් වාඩි කර ගන්න පොර කනවනේ. මං ඉන්න තැන ඉඳලා ඉස්සරහටම ස්ටේපර් එකේ හන්ගලා යවල තියෙනවා උත්තර.එහෙම උත්තර යවන එකෙයි මගෙන් අහන එවට දන්න විදිනයට බොරු නැතුව උත්තර දෙන එකේ අමුතුම සතුටක් මං වින්දා. විභාගෙට කලින් දවසේ සපත්තු දෙක හෙදුවේත් ටිකක් හවස් වෙලා ගෙදරින් බර බරේ ඉතින් හෙට ඉස්කෝලේ යන්නෙ කොහොමද සපත්තු වේලුනේ නැති වුනොත් හෙට නොයා ඉන්න කරන වැඩක් ද ඔය අනම්මනම්  ගන් දෙමළ පත්තරයක් කියවන් යනවා වගේ කියවන්න ගත්තා. මං එතකට අල්ලපු ගෙදර අක්කටත් කිවුවේ අපෝ හෙට මගේ ආසම විෂය මං හෙට කොහොමත් යනවා කියල ඉස්කෝලේ.

විභාගෙට එන්නෙ මොන වගේ එවද කියන එකේ හින්ට් එකක් මටයි කලණටයි දර්ෂ ටයි සාමාන්‍යයෙන් සර් දෙනව. සමහර දාට සර් අපට බොරුත් කියනවා මොකද අපි 3 නා සබ්ජෙක්ට් එක ලියන්නෙ හැමදාම පාඩම් නොකර. කොහොම ලිවුවත් හැමදාම පංති 3න්ම පළවෙනියට හෝ දෙවනියට වැඩිම ලකුණු වලට Astonish බය නැතුව වග කියනවා. එදා ඉතින් කලින් වගේම තාක්ෂණික විශයන් කරන ළමයි කොටස් තුනම වෙන වෙනම තියලා පෙපර් ඒක බෙදන් ගියා. Astonish නතින් ලූ. ඉරි ගහන එක මුලින් ඉවර කරලා. මං ලියන පෙපර් එක ලියන්න ගත්තා විතරයි (DD/IN – ආදේශක නාමයන්) DD උත්තරයක් ඇහුවා ඉරි ගහන එකේ මං එක කියල ආයේ ඉස්සරහට හැරුන ගමන් ආයේම DD මට IN ගේ උත්තර ලියපු කොලේ දුන්නා ඒක එයාටම දෙන්න කියලා මොකද එයා හිටියේ මගෙ අනිත් පැත්තේ. කොලේ දෙන්න හම්බුන්නෑ අළුතෙන් ආපු මිස් කෙනෙක් (නාලිකා මිස්) ආවා. මොනා කරන්නද ඉතින් මං මගේ පෙපර් එක යටින් එ කොලේ තියා ගත්තා. මිස් පේළියෙන් පෙළියට බලන් ඇවිත් IN ලඟ නැවතිලා අහුවා කෝ ලියපු එක කියලා එයා කියුවේ දැන් මිස් ලියන්න ගත්තේ කියලා.