ඔන්න ඉතින් Astonish ගේ වසර මැද වාර විභාගයේදි
වුන සංසිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. Astonish කියන්නෙ මොන
සබ්ජෙක්ට් එක කොපි කරත් ICT කොපි කරන කෙනෙක් නිමි මොකද අනිත්
අය ICT කොපි කරන්නේ Astonish ගෙන්.
එතකට නම් මාර කික් එකක් තියෙන්නෙ මොකද එක එක්කෙනා මාව තමන් ලගින්
වාඩි කර ගන්න පොර කනවනේ. මං ඉන්න තැන ඉඳලා ඉස්සරහටම ස්ටේපර්
එකේ හන්ගලා යවල තියෙනවා උත්තර.එහෙම උත්තර යවන එකෙයි මගෙන්
අහන එවට දන්න විදිනයට බොරු නැතුව උත්තර දෙන එකේ අමුතුම සතුටක් මං වින්දා. විභාගෙට කලින් දවසේ සපත්තු දෙක හෙදුවේත් ටිකක් හවස් වෙලා ගෙදරින් බර බරේ
ඉතින් හෙට ඉස්කෝලේ යන්නෙ කොහොමද සපත්තු වේලුනේ නැති වුනොත් හෙට නොයා ඉන්න කරන වැඩක්
ද ඔය අනම්මනම් ගන්
දෙමළ පත්තරයක් කියවන් යනවා වගේ කියවන්න ගත්තා. මං එතකට අල්ලපු
ගෙදර අක්කටත් කිවුවේ අපෝ හෙට මගේ ආසම විෂය මං හෙට කොහොමත් යනවා කියල ඉස්කෝලේ.
විභාගෙට
එන්නෙ මොන වගේ එවද කියන එකේ හින්ට් එකක් මටයි කලණටයි දර්ෂ ටයි සාමාන්‍යයෙන් සර් දෙනව. සමහර දාට සර් අපට බොරුත් කියනවා මොකද අපි 3 නා
සබ්ජෙක්ට් එක ලියන්නෙ හැමදාම පාඩම් නොකර. කොහොම ලිවුවත් හැමදාම
පංති 3න්ම පළවෙනියට හෝ දෙවනියට වැඩිම ලකුණු වලට
Astonish බය නැතුව වග කියනවා. එදා ඉතින්
කලින් වගේම තාක්ෂණික විශයන් කරන ළමයි කොටස් තුනම වෙන වෙනම තියලා පෙපර් ඒක බෙදන් ගියා.
Astonish නතින් ලූ. ඉරි ගහන එක මුලින් ඉවර
කරලා. මං ලියන පෙපර් එක ලියන්න ගත්තා විතරයි
(DD/IN – ආදේශක නාමයන්) DD උත්තරයක් ඇහුවා
ඉරි ගහන එකේ මං එක කියල ආයේ ඉස්සරහට හැරුන ගමන් ආයේම DD මට
IN ගේ උත්තර ලියපු කොලේ දුන්නා ඒක එයාටම දෙන්න කියලා මොකද එයා හිටියේ
මගෙ අනිත් පැත්තේ. කොලේ දෙන්න හම්බුන්නෑ අළුතෙන් ආපු මිස්
කෙනෙක් (නාලිකා මිස්) ආවා.
මොනා කරන්නද ඉතින් මං මගේ පෙපර් එක යටින් එ කොලේ තියා ගත්තා.
මිස් පේළියෙන් පෙළියට බලන් ඇවිත් IN ලඟ නැවතිලා
අහුවා කෝ ලියපු එක කියලා එයා කියුවේ දැන් මිස් ලියන්න ගත්තේ කියලා.
