Friday, February 26, 2016

දොස්තරලගේ මාර්කටින්


අද සමාජේ වෙන සමහර දේවල්  මහාපරිමාණයෙන්ම අසාධාරණයි. කරන  තරමක් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවන වැඩ. එකම වැඩේ කර ගන්න එක පාරට වඩා යන්න වෙන එක අනිවා ෂුවර්. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි උගත් බුද්ධිමත් එයාලටම විතරයි මේ ලෝකේ වැඩ රාජකාරි තියෙන්නෙ කියලා. රාජ් බැංකු ගැනනම් කතාකරලම වැඩක් නෑ ඉස්පිරිතාල ඊට එහා. ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාව පෞද්ගලික රෝහල් හරහා සම්බන්ධ කර ගන්න. ඒක ලේසියි පහසුයි වගේම ඉස්පිරිතාලෙට වඩා රෝගීන් ගැන මවාගත් සෙනෙහසින් දොස්තරලා රෝගින් ඉස්සරහ හැසිරෙන නිසා මිනිස්සු හිතන් ඉන්නවා ක්‍රමේ වඩාත් ඵලදායි කියලා ඒත් හොඳට හිතුවොත් එතන තියෙන්නෙ අමු මාකර්ටින්.
අපි මුලින්ම ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියොත් රට කැටයම් දාලා එයා ඉන්න පෞද්ගලික රෝහලක චැනල් එකක් දාලා රිපෝට් පෙන්නන්න  කියනව.අපි මුලින්ම පෞද්ගලික රෝහලකට ගියොත් එක වැඩේ දෙක කරනවා. චෙක් අප් කරගන්න කියල ලියලා දෙනව කොහෙද කින්ද මංද කියලා ලියලා දෙන්නෑ ඉතින් චෙකප් කරලා ආයේ සතියක් පහුවෙලා දොස්තරව හම්බෙන්න තව චැනල් එකක් දාන්න ඕණ. එතකට ඉතින් අර ලෙඩවෙලා ඉන්න මනුස්සයට හොඳ ගණන්. ඉස්සර කාලේ අපි දොස්තරලා ගැන කොච්චරනම් හොඳ කතා අහලා තියෙනවද ඒකට අද හැමදේම මාර්කටින් වෙලා.මනුස්සකම දශමක්වත් ගෑවිලා නෑ
තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ මාර්කට් කරාට කමක් නෑ, ඒත් ඉතින් සාධාරණ විදියට තමන්ගේ දැනුමට මාර්කට් කරනවනම් තමයි හොඳ ඒ වගේම තමන්ට ලැබිලා තියෙන ගරුත්වය රැකෙන්නෙ එතකට.

~ඇස්ටොනිෂ්~

Monday, February 8, 2016

ඇයි අපේ අයට ඉංග්‍රිසි බැරි ???

ඉතින් ආයේම ඇස්ටොනිෂ් පෝස්ට් එකක් ලියන්න කියලා ගත්තා. මේ දවස් වල බරටම පාඩම් කරන නිසා stress එකත් වැඩියි  ඉතින්  හිතුවා මොනාහරි දෙයක් ලියලා  stress එක අඩු කරගන්න. කොහොම උනත් මේ කාලේ ඇස්ටොනිෂ් හුඟක් දේවල් ගැන රීසච් කරා පාඩම් කරන හැටි මතක තියා ගන්න හැටි ඒවා ගැනත් ඇස්ටොනිෂ් පෝස්ට් කරන්න වගබලා ගන්නම්කෝ ඉස්සරහට, කොච්චර පාඩම් කරත් මතක හිටින්නෑ කියන අයට වැදගත් වේවී. ඔය කාලේ අතරතුර ඇස්ටොනිෂ් ලෙඩත් උනා. චෙකප් එකකට හොස්ටල් එකේ ඉන්න වෙලාවේ තමයි ඇස්ටොනිෂ් දැන් කියන්න යන මිස් එතනට ආවේත්.
දැන් මේ කියන්න යන්නේ අමුතිත්ත ඇස්ටොනිෂ්ට පොඩීම කාලේ ඉංග්‍රිසි බෑ. අපේ ඉස්කෝලේ හිටියා මිස් කෙනෙක් එයා තමයි අපට 3 ඉඳන් 8 ට වෙනකන් ඉංග්‍රිසි කරේ. ඉංග්‍රිසි පීරියඩ් එක එනවා කියන්නේ ඉතින් මරාගෙන මැරෙන්න හිතෙනවා. ඒ මිස් හෙනම නපුරුයි ගහනවා හිටු කියලා. අනික එයා උගන්නනේ ඉංග්‍රිසි පුළුවන් කොටසකට විතරයි බැරි අය ඉතින් බෙල් එක වදිනකන් බලන් ඉන්න එක තමයි කරන්නේ වෙන කරන්න දෙයකුත් නෑනෙහ් ඉතින්. එක දවසක් මට මතකයි ළමයෙක්ට ගැහුවා බිත්තියේ ඔළුව දෙපාරක් බම්ප් වෙන්න ගෑණු ළමයෙකුට එතකට අපි 4 වසරේ හිටියේ. ඇස්ටොනිෂ්ටත් ගැහුවා කන රත් වෙන්න එක පාරක් ඒත් ඒ වසරේදිම තමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ එයාට අපේ පුංචි හිත්වල තිබ්බ ආදරේ ඒ දවස් වල දැනුත් ඉතින් එහෙමම තමයි තරහක් නම් නෑ හැබැයි වෙන ගුරුවරුන්ට හදවතින්ම දෙන ගරුත්වය එයා ඉස්සරහ එළියට එන්නේ.

Monday, February 1, 2016

ඇස්ටොනිෂ්ගේ ෆොටෝගැෆි

දැන් හුඟ දවසකට  කළින්  ඇස්ටොනිෂ්  ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න කියලා පාඩම් කර කර හිටපු පොත පැත්තකට දාලා නැඟීට්ටත් ට්‍රාන්ස්ෆෝමර්ස් පටන් ගන්න තව විනාඩී ගොඩාරියක් තිබ්බ නිසා එළියට බැස්සමයි දැක්කේ රෝස ගහේ මල පිපිලා කියලා. ඉතින් මොනා කරන්නද ෆෝන් එක අරන් ඇවිත් කරා මලේ ෆොටෝ ශුට් එකක්. රෝස මලෙන් නතර නොවී පිපිලා තිබ්බ හැම මලේම ෆොටෝ අරගන්නකටත් මාරම රිලැක්ස් එකක් තියෙනවා අනික හුඟ කාලේකින් තමයි ෆොටෝ එකක් ගහන්න හිතුනෙත්.