Monday, July 25, 2016

SUN බිස්කට් එක රස නැද්ද? එහෙනම් අළුත්විදියකට කමු.


කාලේකට පස්සෙ ඔන්න ආයෙමත් ඇස්ටොනිෂ්ට පොස්ට් එකක් දාන්න හිතුනා. සිනාකඳුළු බොඳ වෙලා ගිහින් වගේ  නේහ්. මේ පොස්ට් එක රස දෙයක් ගැන අද උදේ ඇස්ටොනිෂ් කාපු කෑමක් ගැන  තමයි මේ.මහා ලොකූ ඇඩ් දාන් කරළියට එන  මංචී බිස්කට් ආවට වඩා වේගෙන් මාකට් එකෙන් අවුට් වෙනවා මංචි ටිෆින්, චීස් කැකර් ඉට්සි. මුලින්ම ඇඩ් එක දාද්දි සන් යනු අළුත් සන්ලයිට් කෑල්ලක් කියලා හිතුනේ ෆොන්ට් එකත් ටිකක් ඒ වගේම වගේ දැක්ක නිසා. බැලින්නම් බිස්කට් එකක්. කාපු අය මෙලෝ රහක් නෑයි කියනව.  අළුත් සන් ඊයේ අපේ ගෙදරට පායපු දවස. එත් අද උදේ ඇස්ටොනිෂ්ට හිතුනා සන් ව පාන් එක්ක කන්න.
ගෙදරට ගේන ඕනම පාන් ජාතියක පෙති දෙකක් අරන් ඒකට මුලින් ජෑම් ගාගෙන.ඊට පස්සේ සන් දෙන්නෙක් පාන් පෙත්තේ මැදට තියලා සන්  ඩබල චීස් වලින් වසා දමා අනුභව කරලා බලන්නකෝ ඇස්ටොනිෂ්ට අමුතුම රසක් ආවා ඔයාලත්  කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා.කොහොමත් සන් ගේ පොඩී චීස් රහක් එනව මංචී බිස්කට් චීස් රහයි කිව්වොත් ඉතින් චීස් දාන්ම කන්න ඕණ නැත්තම් චීස් රහ නෑ.කෑම එක එක විදියට ලෝකේම නැති එවා එක්ක කාල බලන්න අමුතු රහක් එනවා. හරියට සෝයා අයිස් ක්‍රිම්මුයි උණු උණු වඩෙයි කද්දි වගේ. රෝලසුයි සම්බෝලයිත් මාර රසයි. නිකන් මොංගල් වගෙ තමයි ඒ උනට රසයි . රසනේ තියෙන්න ඕණ එහෙන්ම් කොහොම කෑවත් එකයි. බය වෙන්න එපා ලෙඩ වෙන්නෑ. මැරෙන්නෙ නෑ ඇස්ටොනිෂ් තවම ජීවතුන් අතර.
  

Wednesday, July 13, 2016

Astonish's Thoughts [ATs]

අළුත් දේවල් වලට බය මිනිස්සු ඉන්න කල්
අළුත් දේවල් කරන මිනිසුන්ට ලේසියි.

<Aston!sh/>