Showing posts with label action. Show all posts
Showing posts with label action. Show all posts

Thursday, April 14, 2016

සුන්දර බස් කතා

ගිම්මී අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන් ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ. ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p  ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග  කට කපලා එකයි.

ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.

Wednesday, November 25, 2015

හොරු ඇල්ලිම [hunting thief]_[yesterday_night]


ඇස්ටොනිෂ්  මේ ටිකේම බ්ලොග් ලිවුවේ නැත්තේ කම්මැලිකමට එකම දිගට දෙයක් කරන් යද්දි එපා වීමේ ගතියක් තියෙනවා. අනික එහෙන් මෙහෙන් පාඩම් කරනවා, ප්‍රොජෙක්ට් එකේ වැඩත් හීනියට යනවා. ඉතින් පොඩ්ඩක් විතර බිසි වගේ. ඕන්න ඉතින් ඊයේ දවසේ ඇස්ටොනිෂ් හොරෙක් අල්ලන්න දිවුවා අද ඒ කතාව බ්ලොග් එකේ ලියන්න හිතුනා. ඕන්න ඉතින් ලියනවා හොදේ,

ඇස්ටොනිෂ් හවස බුදු පහන තියලා කසින් සිස්ලගේ ගෙදර ගියා ඒ කියන්නෙ නැන්දලහා එහෙට තමයි හොරා ආවේ. ඒ වෙලේ නැන්දා ගෙදර හිටියේ නෑ දානේ ගෙදර ගිහින්. හවස් වෙලා තමයි මල්ලිත් ගෙදර ආවේ. අපි ඉතින් පිටිපස්ස පැත්තට ගියා එතකටම මල්ලිත් ඒ පැත්තෙන් ගෙදර ආවා. ඒ එක්කම අපි ගේ ඇතුලට යද්දී සිගරට් ගඳක් ආවා.නැන්දලහා එවා පාවිච්චි කරන කවුරුත් නෑ.අපි ගේ ඇතුලට ගිහින් කෑමක් හදන්න කියලා ගත්තා පොල් තෙල් මදි නිසා ඉස්සරහ බාප්පලාගෙ ගෙදර ගියා තෙල් ගන්න කියලා තුන් දෙනාම, අපි ඒත් වටේම විපරම් කරලා බැලුවා කවුරුත්ඉන්නවද කියලා ඒත් නෑ. අපි ඉස්සරහා දොර ඇරදාල තමයි කෙලින්ම කුස්සියට ගියෙත් ඒහෙත් කවුරුත් නෑනෙහ් අපි කුස්සියේ ඉන්නකට එක පාරටම ගලක් ගැහුවා එතකට තමයි අපට කන්ෆෝම් වුනේ කවුරුම හරි වත්තේ ඉන්නවා කියලා. අපි දොර වහලා ඉස්සරහට ඇවිත් බැලුවා නෑ. මල්ලි පිටිපස්සේ බලද්දී අඹ ගහා ගාවා කවුද ඉන්දලා එයා එලවන් ගියා ඇස්ටොනිෂුත් එලවන් ගියා ඉතින් කවුද කියලා බලන්න මෑන් දිවුවා ඊට පස්සේ ඇස්ටොන්ෂ් ගේ තාත්තයි තව ගෙවල් ලඟ මාමල දෙන්නෙකුයිත් ඇවිත් අපි මුළු වත්තේම බැලුවා කවුරුත් හිටියේ නෑ.